
අප්‍රිකා රටවල් කීපයක රාජ්‍ය නායකයන් පිරිසක් සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්වුණු අතර, එහිදී ට්‍රම්ප් සමඟ ඉංග්‍රීසියෙන් කතා කළ ලයිබීරියානු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සතුටට පත් වුණු ට්‍රම්ප්, ඔහුට සුබ පැතීමට අමතක නොකළේය. ඒ, ඔහු අපූරු ලෙස ඉංග්‍රීසි කතා කරන බව පෙන්වා දෙමිනි.
ධවල මන්දිරයේ රාජ්‍ය භෝජන ශාලාවේ ඊයේ (9) අප්‍රිකා ජනාධිපතිවරුන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් පැවැත්විණි. ඒ ට්‍රම්ප්ගේ සත්කාරකත්වය යටතේය.
ඊට සෙනෙගල් ජනාධිපති බසිරෝ ඩයෝමායි ෆායි, ගිනි-බිසාව් ජනාධිපති උමරෝ සිසෝකෝ, මොරිටානියානු ජනාධිපති මොහොමඩ් ඕල්ඩ් ගසාආනි, ලයිබීරියානු ජනාධිපති ජෝසප් බෝකායි සහ ගැබොන් ජනාධිපති බ්‍රයිස් ඔලිගුයි න්ගෙමා සහභාගී වූහ.
භෝජනය අතරතුරේ රාජ්‍ය නායකයන් තම තමන්ගේ භාෂාවලින් ට්‍රම්ප් සමඟ කතා කළ නමුත්, ට්‍රම්ප්ට ඒ කිසිවක් වැටහුණේ නැත. ප්‍රංශ යටත් විජිත ලෙස පැවැති ඇතැම් අප්‍රිකා රටවල නායකයන් කතා කළේ ප්‍රංශ බසිනි. ට්‍රම්ප්ට එය ද වැටහුණේ නැති අතර, ඔහු ප්‍රසිද්ධියේ අප්‍රසාදය පළ කරන අයුරු වීඩියෝ දසුන් මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ දකින්න ලැබේ.
ට්‍රම්ප් සමඟ පැහැදිලිව වචන උච්චාරණය කරමින්, ඉංග්‍රීසි බසින් කතා කළ එකම ජනාධිපතිවරයා ලයිබීරියානු ජනාධිපති ජෝසප් බෝකායි ය. “ලයිබීරියාව ඇමෙරිකා එක්සත් ජනපදයේ දිගු කාලීන මිතුරෙක්. ඇමෙරිකාව ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමේ ඔබතුමන්ගේ ප්‍රතිපත්තිය අප විශ්වාස කරනවා. ඇමෙරිකාව අප රටේ ආයෝජන ඇති කර ගනීවි අප විශ්වාස කරනවා. ඒ වගේමයි ඔබ හමුවීමට අවස්ථාවක් ලබා දීම ගැන අප ඔබට ස්තුති කරන්න කැමතියි” යැයි ලයිබීරියානු ජනාධිපති ජෝසප් බෝකායි පැවැසූ විට ට්‍රම්ප් ඒ ගැන පැහැදීමට පත් විය.
“ඔබ හරිම ලස්සනට ඉංග්‍රීසි කතා කරනවා. ඔය තරම් ලස්සනට ඉංග්‍රීසි කතා කරනක්න ඉගෙන ගත්තේ කොහොමද?” යැයි ට්‍රම්ප් පෙරළා විමසීමක් කළේය.
ජනාධිපති ජෝසප් බෝකායි ඊට පිළිතුරු දුන්නේ, මද හසකිනි. එවිට ට්‍රම්ප් විමසා සිටියේ, “ඔබ ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගත්තේ ලයිබීරියාවෙන් ද යනුවෙනි.”
ජනාධිපති බෝකායි ඊට “ඔව්” යැයි පිළිතුරු දුන්නේය. “බලන්න ඒක මොන තරම් අපූරුද? මේ මේසයේ ඉන්න අනෙක් කාටවත් ඉංග්‍රීසි බැහැ.” යැයි ට්‍රම්ප් පවසන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී අවසන්ය.
ජනාධිපති බෝකායිගේ ඉංග්‍රීසි කතා කිරීම සම්බන්ධයෙන් පුදුමයට පත් වීම, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ලයිබීරියාව නමැති අප්‍රිකා රාජ්‍යය බිහිවීම සම්බන්ධ ඉතිහාසය ගැන හරිහැටි නොදැන සිටීම නිසා සිදුවූවක් යැයි දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.
ලයිබීරියාව බිහිවීම ඇමරිකානු ඉතිහාසයේ ඉතා සුවිශේෂී පරිච්ඡේදයකි. එය වහල්භාවය සහ ජනපදකරණය අතර ඇති සංකීර්ණ සම්බන්ධය මනාව පෙන්නුම් කරන්නකි. ලයිබීරියාව, 1822 දී බිහිවූයේ වහල් භාවයෙන් නිදහස් වූ කළු ජාතික ඇමෙරිකානුවන් සඳහා වූ ජනපදයක් ලෙසය. එය ඇමෙරිකාවේ සුදු ජාතිකයන් විසින්, විශේෂයෙන්ම ඇමෙරිකානු ජනපදකරණ සංගමය විසින් මෙහෙයවනු ලැබූ ව්‍යාපෘතියක් විය.
වහල්භාවය අවසන් වීමෙන් පසු ඇමෙරිකාවේ කළු ජාතිකයන්ගේ අනාගතය වෙනුවෙන්, විසඳුමක් ලෙස සුදු ජාතිකයෝ පිහිටවූ ජනපදය පසුවය ලයිබීරියාව බවට පත් විය. ස්වදේශීය භාෂා කීපයක් ඇති නමුත් ඉංග්‍රීසි යනු ලයිබීරියාවේ නිල භාෂාවය. එහෙයින්, ලයිබීරියානු ජනාධිපති ජෝසප් බෝකායි පැහැදිලිව ඉංග්‍රීසි කතා කිරීමට ට්‍රම්ප්ට පුදුමයක් වුවත්, එය ලයිබීරියාවේ ඉතිහාසය ගැන දන්නා අයට පුදුමට කරුණක් නොවන බව ද දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තය උතුරු අයර්ලන්තය හැර යුරෝපීය රටවල නායකයන් ඉංග්‍රීසි කතා නොකරන්නේ තම භාෂාව තවත් අවතක්සේරුවක් වෙන නිසයි. ඔවුන් ඉගෙනගෙන ගන්නේ නැත්තේ අවශ්‍ය නැති නිසයි. යුරෝපයේ අදාල රටේ භාෂාව නොදන්නවා නම් කිසිම දෙයක් කර ගත නොහැකිය. රුසියාව චීනේ කොරියාවේ බැනලා එලවාගන්න අවස්ථා නිතර දැකිය හැකිය...
ට්‍රම්ප්ට හිතෙන්න එයා විතරයි ඉංග්‍රීසි දන්නේ කියලා . පව්... අනේ... පව්, ට්‍රම්ප් මහත්තයා
ඇයි අපේ පච කොටාටත් පුළුවන්
ගොබ්බ රාල දන්නේ නෑ ලයිබීරියාවේ නිල භාෂාව ඉංග්‍රීසි කියල...
ලයිබිරියාව කියන්නේ අතීතයේ ඉදන්ම ඇමරිකාවේ රූකඩයක්. හොදම උදාහරණය ලිබියාවේ ජාතික ධජය, රාජ්‍ය ලාංඡනය. ලයිබීරියාව රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි. ලයිබීරියාව ඇමරිකාවෙන් නිදහස් වන්නේ 19වන සියවසේ වුවත් බළපෑම් කරනවා තවමත්. ලයිබීරියාව යපස්, රත්තරන්, දියමන්ති තවමත් ඇමරිකාවේ සමාගම් කුණු කොල්ලෙට මිලදී ගන්නවා. මේ කතාව ඉතින් ට්‍රම්ප් කියන්නේ හේතුවක් ඇතුව.
ආර්ථික සංසදය අතරතුර, වැඩකට නැති මෝඩයෙක් ශ්‍රී ලංකාව ප්‍රසිද්ධියට පත් කළ ආකාරය අපි දුටුවෙමු. මේ මිනිසා අන්තර් මාධ්‍යකරුවෙකු භාවිතා කළ යුතු නමුත් ඒ වෙනුවට පුරසාරම් දෙඩීමට අවශ්‍ය වූ අතර එය අතිශය ලැජ්ජාවකි, ඒ මෝඩයාට නොව ඔහු නියෝජනය කළ රටට. ජවිපෙ වහලුන් ඉංග්‍රීසි නොසලකයි හෝ නොදනී, වඩා වැදගත් වන්නේ ඔහු කිසිවක් නොදන්නා භාෂාවකින් කතා කර රටට නින්දා කිරීමයි. අපි එය පැහැදිලිව දුටුවෙමු. ජාත්‍යන්තර සංසදයේදී එය සම්පූර්ණ ලැජ්ජාවකි. බොහෝ මෝඩ ජේවීපී කාරයෝ/එන්පී කාරයෝ එකම ආකාරයෙන් සිතති.
ට්‍රම්ප්ගේ ඉංග්‍රීසි පන්තියට බැසිල් මහත්තයාව යවන්න තිබුණා අපෙන් යන අයට ඔවුන්ගේ භාෂාව බැරි බව දන්වා යැව්වේ සජබ, පොහොට්ටු සහ ජවිපෙ අතහැර ගිය කණ්ඩායම් අපි අපේ භාෂාවෙන් ඇමතිය යුතුය. පරිවර්තකයෝ ඒ රටේ ඉන්නවා — ජපානය, චීනය, රුසියාව, ජර්මනිය, ප්‍රංශය, බෙල්ජියම්, යුරෝපයේ බොහෝ රටවල් වල ප්‍රතාපවත් ලෙස ඔවුන්ගේම භාෂාවෙන්ම අමතනවා .ලංකාව වගේ රටවල මිනිසුන් තවම යටත් විජිතවාදයේම ඉන්න බලන ඉංග්‍රීසිය කතා කිරීම ලොකු කමක් ලෙස සලකන නහින ජාතියක්
ට්‍රම්ප් ප්‍රශංසා කළේ පැහැදිලිව ඉංග්‍රීසි වචන නියමිත වියරණ සහ උච්චාරණය සහිතව පැවසීම පමණක් නොවේ. ඔහු පැසසුවේ තමාට ලයිබීරියානු ජනපති ලබා දුන් පැහැදිලි ප්‍රශංසාවයි. තමන් පසසන පුද්ගලයා ගැන පැහැදීමක් ඇති වීම ස්වාභාවිකයි. භාෂාව ඉගෙන ගත් පමණින් තවත් කෙනෙකුගේ සිත ඇදී යන ආකාරයෙන් කතා කළ නොහැකිය. ඒ සඳහා භාෂා හික්මීම, සැබෑ හැඟීම සහ පරෙස්සම් සහගත වචන තෝරාගැනීම අවශ්‍යයි.
ඇයි, අපේ සීයාටත් හොඳට ඉංගිරීසි පුළුවන්. ට්‍රම්ප්ට ඒක පෙනුණේ නැද්ද? නොදොකින්
මෙතන හෑලි ලියන එකෙක් හරියට ඉංග්‍රීසි කතා කරනවද? මෙතැනටත් එන්නේ ඩෝබි වැඩේ කරන්න, අනේ මුන්ගේ ඉංග්‍රීසි...!