පාකිස්තානයට මෝසම් වැසි ඇදලෙයි. මහ වැසි හේතුවෙන්, ගතවුණු පැය 24 ක කාලයේ 55 දෙනකු මියගිය බවත්, ජල ගැලීම් හේතුවෙන් සිය ගණනකට උන්හිටිතැන් අහිමි වුණු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පාකිස්තානයට මෝසම් වැසි ඇද හැලීම ආරම්භ වූයේ ජූනි මස අවසානයේය. එදා සිට මේ දක්වා, මහ වැසි සහ ජල ගැලීම් හේතුවෙන් මියගිය ගණන 180 දක්වා ඉහළ ගොස් ඇතැයි ද වාර්තා වේ.
මේ වනවිට නොකඩවා මහ වැසි ඇද හැලෙන්නේ පන්ජාබ් පළාතටය. ජල ගැලීම් හේතුවෙන් විනාශ වුණු නිවස බොහොමයක් මුළුමනින්ම විනාශ වී ඇතැයි ද පැවැසෙයි. ඉස්ලාමාබාද් අගනුවර පිහිටි, පිහිටි රාවල්පින්ඩි නගරය හරහා ගලා යන නුල්ලා ලායි ගංගාව ද පිටාර ගලා යමින් පවතී.
අනතුරුදායක ප්‍රදේශවල වැසියන්ට වහා ආරක්ෂිත ස්ථාන වෙත යන්නැයි නියෝග කර ඇති අතර දහස් ගණනක් දෙනා මේ වනවිට සහන කඳවුරුවල රැඳී සිටින බව ද පැවැසෙයි.
ජුනි මස අවසානයේ, මෝසම් වැසි ආරම්භ වූ දා සිට මියගිය 180 දෙනා අතරේ කුඩා දරුවන් 70 දෙනකු සිටින බව ද වාර්තා වේ. අකුණු අනතුරුවලින් ද මියගිය බොහෝ දෙනකු සිටිති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පාකිස්තානයට මහ වැසි