IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


මොස්කව් නුවරට පහර දෙන්න එපා

යුක්රේනය, රුසියාවේ මොස්කව් අගනුවර ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර එල්ල නොකළ යුතු බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, රුසියාවට ‘රිදෙන අයුරින්’ මොස්කව් අගනුවර ඉලක්ක කර ගනිමින්, මිසයිල ප්‍රහාර එල්ල කිරීමට හැකිදැයි, ට්‍රම්ප් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී අතරේ සිදුවුණු කතාබහක් ඇමෙරිකන් මාධ්‍ය අනාවරණය කිරීමෙන් පසුවය.

නිව්යෝක් ටයිම්ස් පුවත්පත අනාවරණය කර ඇති ට්‍රම්ප් ජනාධිපතිවරයා පසුගිය 4 වැනිදා, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී සමඟ කතාබහ කළ අවස්ථාවේදී විමසා ඇත්තේ, රුසියාව යුක්රේනයට පහර දෙන අයුරින්, යුක්රේනයට රුසියාවේ මොස්කව් අගනුවරට ප්‍රහාරයක් එල්ල කළ හැකිදැයි සම්බන්ධයෙනි.

‘රුසියාවට රිදෙන අයුරින් මොස්කව් අගනුවර ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කරන්න ඔබට පුළුවන්ද?’ ට්‍රම්ප් විමසූ විට, සෙලෙන්ස්කී මෙසේ පිළිතුරු දෙයි. ‘ඔව් පුළුවන්. අවශ්‍ය අවි ආයුධ අපට ලබා දෙනවා නම්, අපට එසේ කරන්න පුළුවන්’
මෙම සන්වාදය, නිව්යෝක් ටයිම්ස් හරහා ප්‍රසිද්ධියට පත් වීමත් සමඟ ආන්දෝලනයක් නිර්මාණය විය. යුක්රේනය, රුසියාවේ මොස්කව් අගනුවර ඉලක්ක කර ගනිමින් මිසයිල ප්‍රහාර එල්ල නොකළ යුතු බව ට්‍රම්ප් අවධාරණය කළේ ඉන් පසුවය.

ට්‍රම්ප් දිගින් දිගටම උත්සාහ ගනිමින් සිටින්නේ රුසියන් යුක්රේන යුද්ධය කඩිනමින් අවසන් කිරීමටය. ඔහු සෙලෙන්ස්කී මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කර ඇති අතර, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ දුරකතන සන්වාද කීපයක් පවත්වා ඇත.
එසේ වුවත් පුටින් සටන් විරාමයක් ගැන හෝ සාම සැලැස්මක් ගැන හෝ උනන්දු නොවීම හේතුවෙන්, තමන්ට පුටින් ගැන කලකිරීමක් ඇතිවුණු බව ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පවසා ඇත. එසේ වුවත්, තමන් පුටින් අත්හැර දමා නොමැති බවත්, දිගින් දිගටම සාකච්ඡා පැවැත්වීමට කටයුතු කරන බවත් ඇමෙරිකන් ජනාධිපතිවරයා පැහැදිලි කර ඇත.

රුසියන් ජනාධිපති පුටින් යුක්රේන යුද්ධය අවසන් කිරීමට උනන්දුවක් නොදක්වන බැවින්, රුසියාවට සියයට 100 ක තීරු බදු පැනවීම් සිදු කිරීමට තමන් පසුබට නොවන බව ද ඇමෙරිකන් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත. රුසියන් යුක්රේන යුද්ධය හේතුවෙන් මේවනවිටත් ඇමෙරිකාව රුසියාවට දැඩි ලෙස සම්බාධක පැනැවීම් කර ඇත. යුද්ධය අවසන් කර සටන් විරාමයකට සහ සාම වැඩපිළිවෙළකට යන්නැයි ඇමෙරිකන් ජනාධිපතිවරයා රුසියන් ජනාධිපති පුටින්ට දින 50 ක කාලයක් ලබා දී ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි.



අදහස් (0)

මොස්කව් නුවරට පහර දෙන්න එපා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 666 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 547 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 445 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site