
යුක්රේනයේ අග්‍රාමාත්‍ය ධුරය 39 හැවිරිදි යුලියා ස්විරිඩෙන්කෝට හිමි වනු ඇතැයි එරට ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
යුලියා ස්විරිඩෙන්කෝට අග්‍රාමාත්‍ය ධුරය හිමිවූයේ යුක්රේන ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් රුසියන් ආක්‍රමණය මැද, සිදු කළ රජයේ ප්‍රතිසංවිධාන යටතේය. අමාත්‍ය ධුර රැසක වෙනස්කම් ද සිදු කර ඇතැයි පැවැසෙයි.
යුලියා ස්විරිඩෙන්කෝ අග්‍රාමාත්‍ය ධුරයට පත් වෙද්දී, එම ධුරයේ කටයුතු කළ ඩෙනිස් ෂ්මයිහාල් එයින් ඉවත් විය. ඩෙනිස් ෂ්මයිහාල් යුක්රේන අග්‍රාමාත්‍ය ධුරයට පත් වී සිටියේ 2020 දීය.
යුලියා ස්විරිඩෙන්කෝ මීට පෙර යුක්රේනයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කර ඇත. ඇය සහ ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය අතරේ යහපත් සබඳතා පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd