
බොස්ටන් නුවර කෝල්ඩ්ප්ලේ ප්‍රසංගයක් අතරතුරේ, එම ප්‍රසංගය නැරඹීමට ආ යුවළකගේ වීඩියෝ දසුන් එම ප්‍රසංගයේ දැවැන්ත තිරයේ දිස් විය. මෙය මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී ඇත.
වීඩියෝ දසුන්වලින් පෙන්වූ පිරිමි පුද්ගලයා ඇස්ට්‍රෝනොමර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ඇන්ඩි බයිරන් ය. ඔහු වැළඳගෙන සිටින්නේ ඔහුගේ බිරිඳ නොව වෙනත් තැනැත්තියකි.
ක්‍රිස්ටින් කැබොට් නමැති ඇය ඔහුගේ අනියහ් පෙම්වතිය බව මේ වනවිට අනාවරණය වී ඇත. ක්‍රිස්ටින් කැබොට්, ඇස්ට්‍රෝනොමර් සමාගමේ මානව සම්පත් අංශ ප්‍රධානියාය.
එම දසුන් ප්‍රසිද්ධියට පත් වීමෙන් පසු ඇස්ට්‍රෝනොමර් සමාගම, බයිරන් අනිවාර්ය නිවාඩු යවා ඇතැයි ද පැවැසෙයි.
ඇන්ඩි බයිරන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් තමන් කනගාටු වන බව ඇස්ට්‍රෝනොමර් සමාගම පවසා ඇති අතර, සමාගමේ සම-නිර්මාතෘ සහ ප්‍රධාන නිෂ්පාදන නිලධාරී පීට් ඩිජෝයි තාවකාලිකව එහි ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාකි විසේ ගෙටත් උසේ... කියනවාලුනේ...!