
දින 50 ක් ඇතුළත රුසියන් යුක්රේන යුද්ධය නවත්වා, සාම වැඩපිළිවෙළකට යා යුතු යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අනතුරු ඇගවීමක් කළේය.
එම දින 50 ක කාලය ඇතුළත සටන් විරාමයක් සහ සාම වැඩපිළිවෙළක් ඇති කර නොගතහොත්, රුසියාවට එරෙහිව දැඩි සම්බාධක පැනවීමක් කරන බවට ද ඇමෙරිකන් ජනාධිපතිවරයා පුටින්ට අවධාරණය කර ඇත.
ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් මෙසේ තර්ජනය කළේ ධවල මන්දිරයේ, ඕවල් කාර්යාලයේ දී උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ මහ ලේකම් මාර්ක් රූට් හමුවී, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුවය. එම අවස්ථාවට, ඇමෙරිකන් උප ජනාධිපති ජේඩී වැන්ස්, ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ද එක් වී සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd