
ඇමෙරිකාව ප්‍රමුඛ ධනවත් රටවල් විසින් ජාත්‍යන්තර ආධාර කපා හැරීමත්, ප්‍රතිශක්තිකරණ එන්නත් පිළිබඳ දුර්මත සීඝ්‍රයෙන් පැතිරයෑමත් සමඟ එන්නත්කරණය නොමැතිව ලොව පුරා මිලියන ගණනක් දරුවන්, අවදානමට ලක්ව සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් සංවිධානය අනතුරු අඟවා තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවලට අනුව ගෝලීය එන්නත්කරණය මගින් වාර්ෂිකව මරණ මිලියන 3.5ත් 5ත් අතර සංඛ්‍යාවක් වළක්වයි. එසේ වුවත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දී ඇත්තේ, 2024 වසරේදී ලොව පුරා ළමුන් මිලියන 14කට කිසිදු එන්නතක් ලබාදීමට නොහැකි වුණු බවය. මෙම තත්ත්වය ආසියාවේ, අප්‍රිකාවේ පමණක් නොව යුරෝපයේත් දක්නට ලැබීම විශේෂත්වයකි.
යුරෝපයේ කක්කල් කැස්ස වැළඳුණු ළමුන් සංඛ්‍යාව 2024 වසරේදී 3,00,000ක් දක්වා තුන් ගුණයකින් ඉහළයාමට මේ තත්ත්වය බලපා ඇතැයි ද පැවැසෙයි. යුරෝපා රටවල පමණක් නොව, ඇමෙරිකාවේ ද සරම්ප රෝගීන් සංඛ්‍යාව ද 2024 වසරේදී 1,25,000 දක්වා දෙගුණයක් වී තිබේ.
2024 වසරේ ලෝකයේ එන්නත්කරණය නොලැබූ ළමුන්ගෙන් අඩක්ම අයත්වන්නේ රටවල් 9 ට වන අතර නයිජීරියාව, ඉන්දියාව, සූඩානය, කොංගෝව, ඉතියෝපියාව, ඉන්දුනීසියාව, යේමනය, ඇෆ්ඝනිස්ථානය සහ ඇන්ගෝලාව ඊට අයත් බව පැවැසෙයි.
2025 දෙසැම්බර් මස 04
666
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
547
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
445
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජගත් එන්නත්කරණ වැඩසටහන් අඩපණයි