IMG-LOGO

තායිලන්ත කාම්බෝජ සාකච්ඡා ඇරඹේ

දේශසීමා ගැටුම් නවත්වා, කඩිනමින් සටන් විරාමයකට යෑමේ අරමුණින්, තායිලන්ත සහ කාම්බෝජ නායකයන් අතරේ, මැලේසියාවේ ක්වාලාලාම්පූර් අගනුවරදී සාකච්ඡා ආරම්භ විය.

තායිලන්තය සහ කාම්බෝජය අතරේ, සිවු දිනක් පුරා පැවැති අවි ගැටුම්වලින්, 33 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අවි ගැටුම් ආරම්භ වූයේ පසුගිය 24 වැනිදාය.

ගැටුම් උත්සන්න වෙද්දී, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊට මැදිහත් විය. ගැටුම් වහා නවත්වන ලෙස ට්‍රම්ප් තායිලන්තයටත්, කාම්බෝජයටත් තර්ජනය කළේය.

එසේ නොකරන්නේ නම්, තීරු බදු සම්බන්ධයෙන් වියට්නාමය සහ කාම්බෝජය සමඟ කිසිදු ගනුදෙනුවක් ඇති කර නොගන්නා බව ද ට්‍රම්ප් පැවැසීය. එසැණින්, සටන් විරාමයකට යෑමට තායිලන්තය සහ කාම්බෝජ නායකයෝ කැමැත්ත පළ කළහ.

ඒ අනුව, මැලේසියා රජයේ අනුග්‍රහය යටතේ, එරට ක්වාලාලාම්පූර් අගනුවර දී සාකච්ඡා පැවැත්විණි. සාකච්ඡා සඳහා පිටත්ව යෑමට සූදානම් වෙද්දී, කාම්බෝජ අග්‍රාමාත්‍ය හුන් මනෙත් මාධ්‍ය හමුවේ පැවැසුවේ, කඩිනම් සටන් විරාමයකට කාම්බෝජය කැමැති බවය.

තායිලන්තයේ වැඩ බලන අග්‍රාමාත්‍ය පුම්තාම් වෙචායචායි ද ක්වාලාලාම්පූර් බලා පිටත් වීමට සූදානමින් වෙමින් කියා සිටියේ සටන් විරාමයකට තායිලන්තය ද සූදානම් බවත්, කාම්බා්ජය සටන් විරාමයකට එකඟවීම සතුටට කාරණාවක් බවත්ය.

තායිලන්තය සහ කාම්බෝජය අතීතයේ හැඳින්වූයේ සියම සහ ක්‍රෙමර් අධිරාජ්‍යය යනුවෙනි. මෙම රටවල් දෙකම ථේරවාද බෞද්ධ රටවල්ය. තායිලන්තය සහ කාම්බෝජය අතරේ දේශසීමා අර්බුදයක් පවතින්නේ, දෙරට අයිතිය ඉල්ලන ‘තා මෝන් තෝම්’ නමැති පුරාණ හින්දු කෝවිලක් මුල්කොට ගනිමිනි. 11 වැනි සියවසට අයත් මෙම කෝවිල සම්බන්ධ මෙම ගැටලුව, 1962 දී අන්තර්ජාතික අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර, අධිකරණය, ‘තා මෝන් තෝම්’ කෝවිල කාම්බෝජයට අයත් බවට තීන්දුවක් ලබා දුන්නේය. එම තීන්දුවෙන් පසුව ද දේශසීමා අර්බුදය සම්පූර්ණයෙන්ම සමථයකට පත් නොවිණි.

කෝවිල අවට ප්‍රදේශයේ සීමා නිර්ණය පිළිබඳව තායිලන්තය සහ කාම්බෝජය අතර මතභේද දිගින් දිගටම පැවැතිණි. නටබුන් වී ගිය ‘තා මෝන් තෝම්’ කෝවිල 2008 දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කිරීමත් සමඟ අර්බුදය නැවතත් උත්සන්න විය. දෙරට හමුදා අතරේ අවි ගැටුම් පැවැතිණි. අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම සිදුවුවත්, එය සම්පූර්ණයෙන් විසඳා ගැනීමක් සිදු නොවිණි. පසුගිය 24 වැනිදා දේශසීමා ගැටුම් ඇවිලී ගොස් දෙරට අතරේ යුදමය තත්ත්වයක් නිර්මාණය වූයේ ඒ අනුවය.



අදහස් (0)

තායිලන්ත කාම්බෝජ සාකච්ඡා ඇරඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1018 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site