
නිරිතදිග ජර්මනියේ, මගී දුම්රියක් පීලි පැන සිදුවුණු අනතුරින්, එහි ගමන් කරමින් සිටි මගීන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 15 දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කෙරුණි. තුවාල ලැබූවන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බවත්, මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් පැවැසෙයි.
දුම්රිය පීලි පැනීමට ලක්වූයේ රීඩ්ලින්ගන් නුවර අසලදී යැයි දුම්රිය අයත් ඩොයිචේ බාන් දුම්රිය සමාගම පවසා ඇත. පීලි පැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. කෙසේ නමුත් අනතුර සිදුවීමට පෙර එම ප්‍රදේශයට වැහි කුණාටු තත්ත්වයක් බලපෑ බව වාර්තා වේ.
අනතුරින් මියගිය සහ තුවාල ලැබූවන් සම්බන්ධයෙන් ජර්මන් චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් කනගාටුව පළ කර ඇත. ඒ, සිය එක්ස් ගිණුම ඔස්සේ සටහනක් තබමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd