ජම්මු කාශ්මීරයේ සිදු කළ මෙහෙයුමකදී, ඉස්ලාමීය ත්‍රස්තවාදීන් තිදෙනකු සොයා ඝාතනය කිරීමට හැකිවුණු බව ඉන්දීය ආරක්ෂක අංශ පවසයි.

මෙම ත්‍රස්තවාදීන් තිදෙනා, පසුගිය අප්‍රේල් 22 වැනිදා, පහල්ගාම් පළාතේ, ඉන්දීය සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වූවන් යැයි ද ආරක්ෂක අංශ පවසයි.

ත්‍රස්තවාදීන් සැඟව සිටි තිප්පොල වටලා පහර දුන් බවත්, ත්‍රස්තවාදීන් සතුව තිබී ගිනි අවි සොයා ගත් බවත් ඉන්දීය ආරක්ෂක අංශ වැඩි දුරටත් පවසා ඇත.

(එන්.ඩී.ටීවී.)