
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාවත්, රුසියාවත් විවේචනය කළේය. ඒ, ඉන්දියාවේත් රුසියාවේත් ආර්ථිකය මියගොස් ඇතැයි පවසමිනි.
ට්‍රම්ප් ඉන්දියාවට සියයට 25 ක තීරු බදු පනවා ඇති අතර, ඉන්දියාව ඒ සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර තිබේ. ට්‍රම්ප් ජනාධිපතිවරයා මේවනවිට රුසියාව සමඟ ද උරණ වී සිටී. ඒ, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, යුක්රේනය සම්බන්ධයෙන් සටන් විරාමයක් ඇති කර ගැනීමට කැමැත්ත පළ නොකරන බැවිනි.
ඉන්දියාවත් රුසියාවත් එකිනෙකා සමඟ යහපත් සබඳතා පැවැත්වීම පවා මේ වනවිට ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ විරෝධයට හේතුවක් වී ඇත.
‘ඉන්දියාව රුසියාව මොනවා කළත් මට කමක් නැහැ. ඉන්දියාවටත් රුසියාවටත් ඇත්තේ මියගිය ආර්ථිකයක්. ඉන්දියාව කොතරම් මිතුරකු වුණත් අපි ඔවුන්ට තීරු බදු පැනවීමක් කළා. දැන් අප සූදානම් වන්නේ රුසියාවට සියයට 100 ක් තීරු බදු පැනවීමටයි’ යැයි ට්‍රම්ප් සිට ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ඔස්සේ පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd