
දෙවන ලෝක යුද සමයේ මහත් ආන්දෝලනයක් ඇති කළ ජපානයේ ‘731 ඒකකය’ සම්බන්ධයෙන් සකස් කළ විශේෂ වාර්තා චිත්‍රපටයක් චීනයේ CGTN නාලිකාව විසින් නිර්මාණය කරනු ලැබ ඇත.
Behind Unit 731 - The Butchery of Humanity by War and Militarism යනු මෙම චිත්‍රපටයයි.
චිත්‍රපටය හරහා, ජපාන මිලිටරිවාදය මිනිසුන්ව කෙතරම් දුරට ම්ලේච්ඡයන් බවට පත් කළාද යන්නත්, එම කෲර ක්‍රියාවන්ට වගකිවයුත්තන් නීතියෙන් නිදහස් වූයේ කෙසේද යන්නත්, අනාගතයේදී මෙවැනි දෑ වළක්වා ගැනීමට ඉගෙනගත යුතු පාඩම් මොනවාද යන්නත් නිරූපණය කරේ.
ජීවිත සුරැකීමට කැපවුණු වෛද්‍යවරු, සමාජයේ යහපතට කැපවුණු විද්‍යාඥයන්, යුද මානසිකත්වයෙන් අමානුෂීය වධකයන් බවට පරිවර්තනය වූ අයුරු චිත්‍රපටයට හරහා දකින්න ලැබේ.
CGTN නාලිකාව චිත්‍රපටය නිර්මාණය කර ඇත්තේ ඓතිහාසික තොරතුරු ගවේෂණය කරමින් ඊට අදාළ වීඩියෝ දසුන් ද සමගය.
731 ඒකකයේ සාමාජිකයන්, ජීව විද්‍යාත්මක අවි අත්හදා බැලීමට ප්‍රධාන වශයෙන් යොදා ගත්තේ, චීන සහ කොරියන් සිරකරුවන්ය. එය මුළු ලොවම කම්පා කළ සිදුවීමක් විය.
හිරෝෂීමා නාගසාකී ප්‍රහාරයෙන් පසු දෙවන ලෝක යුද්ධය අවසන් වුවත්, 731 ඒකකයේ සාමාජිකයන් කිසිවකුට, කිසිදු නඩු විභාගයකට පෙනී සීටීමට සිදුවූයේ නැත. වාර්තා චිත්‍රපටය හරහා මේ ගැන කතාබහ කෙරේ.
731 සාමාජිකයන්ට කිසිදු චෝදනාවක් එල්ල නොවූයේ, ජීව අත්හදා බැලීම් සම්බන්ධයෙන්, ඇමෙරිකාව එම දත්ත ඔවුන්ගෙන් ලබා ගත් නිසා යැයි චෝදනා එල්ල වී ඇත. මෙය ද චිත්‍රපටයට ඇතුළත් වෙයි.
https://news.cgtn.com/news/2025-07-31/Behind-Unit-731-The-butchery-of-humanity-by-war-and-militarism-1Fs5qLwh2qk/p.html

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd