යුක්රේනය සමඟ සටන් විරාමයකට එකඟ වීම සඳහා, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියාන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට, දින 12 ක කාලයක් ලබා දී ඇත.

එම දින 12 ක කාලය ඇතුළත, යුක්රේනය සමඟ සටන් විරාමයකට නොයන්නේ නම්, දැනට පනවා ඇති දැඩි සම්බාධකවලට අමතරව, රුසියාවට එරෙහිව සියයට 100 ක තීරු බදු පනවන බව ද ඇමෙරිකන් ජනාධිපතිවරයා පවසා තිබේ.

ඇමෙරිකාව මේ වනවිට රුසියාවට දිගට හරහට සම්බාධක පනවා ඇත්තේ ද යුක්රේනයට එරෙහිව ගත් හමුදාමයට ක්‍රියාමාර්ගයට විරෝධය පළ කරමිණි.

රුසියාවත් යුක්රේනයත් අතර, යුද ගැටුම් සම්බන්ධයෙන් තුර්කියේ දී සාකච්ඡා පැවැත්වෙන අතර, එම සාකච්ඡාවලදී, දෙරට අතරේ සිරකරු හුවමාරු පවා සිදුවෙයි. එසේ වුවත්, සටන් විරාමයකට යෑමට කිසිදු අවස්ථාවක රුසියාව කැමැත්ත පළ කර නැත.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ජනාධිපති ධුරයට පත් වීමට පෙර සිටම උත්සාහ ගනිමින් සිටින්නේ, රුසියාවත් යුක්රේනයත් අතරේ සටන් විරාමයක් ඇති කිරීමටය.

(එන්.ඩී.ටීවී.)