
ඉන්දීය රජය, සෝමාලියාවට ටොන් 10ක මානුෂීය ආධාර යවා ඇත. අප්‍රිකා රාජ්‍යයක් වන සෝමාලියාව, දේශපාලන සහ ආර්ථික අර්බුද රැසකින් පීඩා විඳින රාජ්‍යයකි.
ඊට අමතරව, අල් කයිඩා හිතවාදී අල් ෂෙබාබ් ත්‍රස්තවාදීන් ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් ද සෝමාලියාව අස්ථාවර තත්වයකට පත් වී ඇත.
ඉන්දීය රජය මෙම මානුෂීය ආධාර සෝමාලියාවට යැවීමට තීරණය කළේ අප්‍රිකා රටවල් සමඟ සැමවිටම සහයෝගයෙන් කටයුතු කිරීමට ඉන්දියාව සැදී පැහැදී සිටින බව පෙන්වා දෙමිනි.
මෙම මානුෂීය ආධාර අතරට, අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් ද ඇතුළත් වන බව ඉන්දීය විදේශ කටයුතු අමත්‍යාංශය ඔවුන්ගේ එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd