IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ඉන්දියාව තරහ කරගැනීම නුවණට හුරු නැහැ

ඉන්දියාවත් රුසියාවත් අතරේ පවතින හිතවත්කම් මුල්කොට ගනිමින්, ඉන්දියාවට වැඩි වැඩියෙන් තීරුබදු පනවා, ඉන්දියාව අමනාප කර ගැනීම නුවණට හුරු නැතැයි ඇමෙරිකන් රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රබල චරිතයක් වන නිකී හේලි පවසයි.

ඉන්දීය සම්භවයක් සහිත ඇමෙරිකානුවෙකු වන හේලි, මේ බව පැවැසුවේ, සිය එක්න් ගිණුමේ සටහනක් තබමිනි. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉන්දියාවට තව තවත් තීරු බදු පනවන බවට තර්ජනය කර ඇත්තේ, යුක්රේන රුසියන් යුද්ධය හේතුවෙන් රුසියාවට සම්බාධක පනවා තිබියදී, ඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදී ගැනීම සැලකිල්ලට ගනිමිනි.

“ඉන්දියාව ඇමෙරිකාවේ සමීපතම මිතුරෙක්. ඒ මිත්‍රත්වය පළුඳු විය යුතු නැහැ. ඉන්දියාව පමණක් නොවෙයි, චීනයත් රුසියාව සමඟ තෙල් ගනුදෙනු කරනවා. ඒත් ට්‍රම්ප් ජනාධිපතිවරයා චීනයට නිදහසක් දී තිබෙනවා” යැයි නිකී හේලි පෙන්වා දි ඇත.

චීනය රුසියාවෙන් පමණක් නොව, ඇමෙරිකන් සම්බාධකවලට යටත්ව සිටින ඉරානයෙන් ද තෙල් මිලදී ගැනීම කරයි. ඇමෙරිකාවේ ප්‍රධාන ප්‍රතිවාදියා වන්නේ ද චීනයයි. එසේ වුවත්, නිකී හේලි පෙන්වා දෙන ආකාරයට, ට්‍රම්ප් පරිපාලනය චීනයට දින 90 ක තීරුබදු විරාමයක් ලබා දී ඇත.

දකුණු කැරොලිනා ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාරවරියක වන හේලී, ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපති ලෙස කටයුතු කළාය. ඇය 2024 වසරේ ඇමෙරිකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර, පසුව එයින් ඉවත් විය. ට්‍රම්ප් යළි බලයට පත් වූයේ එම ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කර ගනිමිනි.



අදහස් (0)

ඉන්දියාව තරහ කරගැනීම නුවණට හුරු නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 518 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 476 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site