’නව මැතිවරණ ක්‍රමය ගැන නැවත සමාලෝචනයක්’ පළාත් සභා සඳහා වන නව මැතිවරණ ක්‍රමය පිළිබඳව නැවත සමාලෝචනයක් කිරීමටත් එම සමාලෝචන වාර්තාව රජයට ඉදිරිපත් කිරීමටත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වු ජනතා ක්‍රියාකාරීත්වය (පැෆරල්) සහ මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කර තිබේ. 29 June 2018
‘පාසල් නියාමනයට සුපරීක්ෂණ මණ්ඩලයක්’ රජයේ පාසල්, පෞද්ගලික පාසල් සහ ජාත්‍යන්තර පාසල් නියාමනය කිරිම සඳහා සුපරීක්ෂණ මණ්ඩලයක් පිහිටුවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 29 June 2018
ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138කින් පහළට මධ්‍ය රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138 කින් අඩු කිරීමට රජය පියවර ගෙන ඇත. 29 June 2018
අල්ලස් කොමිසමේ ප්‍රධානීන් යාපනයට අල්ලස්, දුෂණය මැඩ පැවැත්වීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාවගේ අදහස් විමසීමට අල්ලස් හා දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ඇතුළු එහි ප්‍රධානීහු යාපනය බලා යන දුම්රියට අද (29) ගොඩවුහ. 29 June 2018
දිවියා මැරූ 10 දෙනා යළි රිමාන්ඩ් කිලිනොච්චිය අම්බාල්කුලම් ගම්මානය වෙත පැමිණි දිවියකු පොලූ මුගුරු වලින් පහරදී අමානුෂිකව ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් 10 දෙනා ලබන 3 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස කිලිනොච්චිය මහෙස්ත්‍රාත් කේ.ගනේෂරාසා මහතා අද (29) නියෝග කළේය. 29 June 2018
දහම් පාසල් අවසාන විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි දහම් පාසල් අවසාන - 2018 විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 29 June 2018
පනස් හතර දෙනෙක් ඕස්ට්‍රේලියාවට හොරෙන් ගෙන ගියැයි සිරදඬුවම් නීතිවිරෝධී ලෙස බහුදින යාත්‍රාවකින් පුද්ගලයින් 54 දෙනෙකු ඕස්ට්‍රේලියාව බලා රැගෙන යාමට සංවිධානය කිරිමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයින් තිදෙනෙකුට වසරක බැගින් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.නිශාන්ත පිරිස් මහතා අද (29) සිරදඬුවම් නියම කළේය. 29 June 2018
විග්නේෂ්වරන්ගේ නියෝගයට අතුරු තහනමක් උතුරු පළාත් සභාවේ ප්‍රවාහන සහ ධීවර ඇමැති ධුරයෙන් බී.ඩෙනීෂ්වරන් මහතා ඉවත් කරමින් උතුරු පළාත් සභාවේ ප්‍රධාන ආමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා දුන් නියෝගය වළකාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. 29 June 2018
පුද්ගල ඝාතනයකට මරණ දඬුවම නිට්ටඹුව හග්ගල්ල ප්‍රදේශයේ දී පිහියෙන් ඇන පුද්ගලයකුට ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වු 64 හැවිරිදි තිදරු පියකුට ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මරණ දඬුවම අද (29) නියම කළේය. 29 June 2018
ගජමුතු විකිණිමට ගිය තිදෙනෙක් අත්අඩංගුවට ගජ මුතු තුනක් අලෙවි කිරීමට පැමිණි යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු සහ සිවිල් ආරක්ෂක බලකායේ භටයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි දංකොටුව පොලීසිය පවසයි. 29 June 2018
ගිංඔය රක්ෂිතයේ ව්‍යාජ ඔප්පු හදා ලක්ෂ ගණනකට අලෙවි කරලා නයිනමඩම වෙල්ලමංකරය ප්‍රදේශයේ නිවාස සංවර්ධන අධිකාරියට අයත් නිවාස ජනපදයක ගිංඔයේ රක්ෂිතයට අයත් බිම් කොටසක් ව්‍යාජ ලෙස ඔප්පු හදා අලෙවි කිරිම සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි පුත්තලම් දිස්ත්‍රික් නිවාස සංවර්ධන අධිකාරි කාර්යාලය පවසයි. 29 June 2018
මාතර කොල්ලයේ රන්මාල 74 ක් හබරකඩදී සොයා ගනී මාතර නගරයේ ස්වර්ණාභරණ අලෙවිසල කොල්ලා කා හබරකඩ වසන්ත නැමැත්තා පැහැරගෙන ගොස් තිබු රන් භාණ්ඩ රන් මාල් 74 ක් මීට මද වෙලාවකට පෙර හබරකඩ ප්‍රදේශයේ දී පොලිසිය සොයාගෙන තිබුණි. 29 June 2018
හිටපු ජනාධිපති පවුලේ ආරක්ෂාවට සිටි නාවික හමුදා නිලධාරින් ගැන වාර්තා නෑ - නාවික හමුදාපති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂක කටයුතු සඳහා යොදවා සිටින ලද නාවික හමුදා නිලධාරින් සම්බන්ධයෙන් වාර්තා ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ නොමැති බව නාවික හමුදාපතිවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇතැයි නීතිපතිවරයා අධිකරණයට කරුණු වාර්තා කළේය. 29 June 2018
රෝහණ විජේවීර අධිකරණයට ඉදිරිපත් කරන්නැයි බිරිඳගෙන් පෙත්සමක් ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ සහ නායකවරයකුව සිටි සිය සැමියා වන රෝහණ විජේවීර මහතා අතුරුදන් වි වසර ගණනාවක් ගතව ඇති බවත් එබැවින් ඔහුව වහා අධීකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසත් සඳහන් කරමින් හබයාස්කොපුස් රීට් ආඥාවක් ඉල්ලා විජේවීර මහතාගේ බිරිඳ වන චිත්‍රාංගනී විජේවීර මහත්මිය අද (29) අභියාචනාධිකරණය හමුවේ හබයාස්කෝපුස් පෙත්සමක් ගොනු කළේය. 29 June 2018
බැඳුම්කර ජනාධිපති කොමිසමට දුන් ඩී.වී.ඩී. විකෘති කරලා බැඳුම්කර වංචාව පිළිබඳ විමර්ශනය කිරිම සඳහා පත්කරන ලද ජනාධිපති කොමිසන් සභාවේ නියෝග පරිදි පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් එම කොමිසමට ලබාදී තිබු ඩීවීඩී තැටි විකෘති කර ඇතැම් සංවාද මකා දමා ඇතැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලක්මිණි ගීයාගම මෙනවිය අද (29) අධිකරණයට පැවසුවාය. 29 June 2018
මිග් යානා ගනුදෙනුවට සම්බන්ධ ඉහළ නිලධාරීන් 5 ක බැංකු ගිණුම් පරීක්ෂා කරන්න නියෝග හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග යන අය මෙරටට පැමිණීමට කැමැත්තක් ඇත්නම් ඒ බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆෙඩරල් අධිකරණයට සඳහන් කර අවසර ලබා ගන්නා ලෙස නීතිපති නියෝජනය කරමින් රජයේ නීතිඥ උදාර කරුණාතිලක මහතා සඳහන් කරයි. 29 June 2018
රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගත් හමුදා සෙබළා මරුට පනය අරාලි ප්‍රදේශයේ පිහිටි 17 වන ගැමුණු හේවා බළකා කඳවුරට අයත් යුද හමුදා සෙබළෙකු සිය ගිනි අවියෙන් වෙඩිතබාගෙන මිය ගොස් ඇති බවට කයිට්ස් පොලීසිය පවසයි. 29 June 2018
දැරිවියකට අතවර කළ අයෙක් අත්අඩංගුවට වයස අවුරුදු 7 යි මාස 2 ක දැරියකට අතවර කළ බව කියන 48 හැවිරිදි අයකුව අත්අඩංගුවට ගෙන ඇති බව පුත්තලම පොලීසිය කියයි. 29 June 2018
රන් භාණ්ඩ සොයා ගිය විශේෂ කාර්ය බළකායට ගිනි අවි - උණ්ඩ හමුවෙයි මාතර රන් භාණ්ඩ කොල්ලයට සම්බන්ධව පලා ගොස් සිටින පාතාල සාමාජික හබරකඩ වසන්ත නැමැත්තා අතුරුගිරිය නිවසේ සිිටින බවට හා කොල්ලකන ලද රන් භාණ්ඩ නිවසේ සඟවා තිබෙන බවට ලැබුණු තොරතුරක් අනුව නිවස වැටලීමට ගිය රාජගිරිය පොලිස් 29 June 2018
තන්තිරිමලේ විහාරය ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයෙත් ප්‍රකට විහාරස්ථානයක් තන්තිරිමලේ රජමහා විහාරස්ථානය අද වනවිට සුවිශේෂී විහාරස්ථානයක් බවට පත්ව ඇතැයි ළමා හා කාන්තා ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය අද (28) ප්‍රකාශ කළාය. 28 June 2018
ශ්‍රිලනිප 16 කණ්ඩායම අලුත් ගමනක මින් ඉදිරියට 16 මන්ත්‍රී කණ්ඩායම යනුවෙන් කණ්ඩායමක් නැති බවත් මින් ඉදිරියට තම මන්ත්‍රී කණ්ඩායම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එකට එක්ව වැඩ කිරීමට එකඟතාවයකට පැමිණි බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති , පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා අද (28) පැවසීය. 28 June 2018
දෙවැනි දිනටත් තන්තිරිමලේ රජමහා විහාරය ඒකාලෝක වෙයි විජය පුවත්පත් සමාගම මඟින් පහළොස්වැනි වරටත් සංවිධානය කළ ‘ලංකාදීප පොසොන් ආලෝක පූජාවෙන් ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථානය අද (28) දෙවැනි දිනටත් ඒකාලෝක විය. 28 June 2018
ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ හදිසි විමර්ශනයක් සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ විමර්ශන කණ්ඩායමක් ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය වෙත අද (28) පැමිණ හදිසි විමර්ශනයක් ආරම්භ කොට ඇතැයි එම මධ්‍යස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. 28 June 2018
ලංකාදීප ආලෝක පූජාව නිසා තන්තිරිමලේ ප්‍රදේශය ආලෝකමත් වුනා ‘ලංකාදීප පොසොන් ආලෝක පූජාව’ තන්තිරිමලේ පූජා භූමිය කේන්ද්‍ර කරගෙන සිදුකිරීම ප්‍රදේශයට දියුණුවක් ගෙනා බව උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක තන්තිරිමලේ රජ මහ විහාරයේ විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන නාහිමියෝ ප්‍රකාශ කළහ. 28 June 2018
වාලම්පුරියක් සමඟ 7ක් සැකපිට විකිණීම සඳහා රැගෙන යමින් තිබූ රුපියල් කෝටි ගණනක් වටිනාකමක් ඇතැයි කියන විශාල ප්‍රමාණයේ වාලම්පුරියක් සමග පුද්ගලයන් සත් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල කොට්ඨාස නීතිය බල ගැන්වීමේ එකකයේ නිලධාරීහු සමත්වුහ. 28 June 2018
කාන්තාවන්ට අන්තරාදායකම රට ඉන්දියාවලු ලෝකයේ රටවල් අතරින් කාන්තාවන්ට වඩාත් අන්තරදායක රට ඉන්දියාව බව සමීක්ෂණයකින් හෙළිවී ඇතැයි පැවසේ. 28 June 2018
නිව්යෝක් ටයිම්ස් ලිපිය ගැන සොයන්න ජනාධිපති කොමිසමක් ඉල්ලයි හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු සඳහා ලබා දුන් ණය මුදලින් හිටපු ජනාධිපතිවරයා තම මැතිවරණ කටයුතුවලට ඩොලර් මිලියන 7.6 ක් වියදම් කර ඇතැයි නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළවී ඇති ආන්දෝලනාත්මක හෙළිදරව්ව පිළිබඳව සොයා බැලීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව දූෂණ විරෝධී හඬ සංවිධානයේ උපදේශක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පැවැසීය. 28 June 2018
රන් බිස්කට් සිද්ධියේ ආගමන විගමන නිලධාරිගේ වැඩ තහනම් රුපියල් තුන් කෝටි හැට ලක්ෂයක් වටිනා රන් බිස්කට් හැටක් තම කලිසම් සාක්කුවල සඟවාගෙන සිටියදී අත්අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ බලලත් නිලධාරියා සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇත. 28 June 2018
චිත්‍රපට බෙදා හැරීමේ අලුත් තීරණය අත්හිටුවන්න නියෝග චිත්‍රපට බෙදාහැරීම ශ්‍රී ලංකා චිත්‍රපටි සංස්ථාවට පැවරීමේ තීරණය අත්හිටුවමින් කොළඹ දිසා විනිසුරු ප්‍රමිල රත්නායක මහතා වාරණ නියෝගයක් නිකුත් කළේය. 28 June 2018
නිව්යෝක් ටයිම්ස් ලිපිය ගැන කියන්න රංජන් එෆ්.සී.අයි.ඩීයට හම්බන්තොට වරාය ව්‍යාපෘතියේදී පසුගිය රජය රටට අවාසියක් වන පරිදි චීනයේ විශාලතම රාජ්‍ය ව්‍යවසායකයකු වන චයිනා හාබර් ඉංජිනේරු සමාගම සමඟ ගනුදෙනු කර ඇති බවට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට (FCID) පැමිණිලි කරන බව සමාජ සවිබලගැන්වීම් හා සමාජ සුබසාධන නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක මහතා ලංකාදීපයට පැවැසීය. 28 June 2018
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026