(අජිත්ලාල් ශාන්තඋදය)
ත‍්‍රස්තවාදීන්ගේ දෙවන ප‍්‍රහාරය පොසොන් පොහොයට පෙර බවත් ඉලක්කය භයානක බවටත් සදහන් අත් පත‍්‍රිකා රත්නපුර නගරයේ බෙදාහැරිය බව කියන පුද්ගලයෙකු රත්නපුර පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු රත්නපුර කැටලියන්පල්ල ප‍්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි.
අත්අඩංගුවට පත් තැනැත්තා විසින් බෙදා හරින ලද අත්පත‍්‍රිකාවල අඩංගු කරුණු සම්බන්‍ධයෙන් ප‍්‍රශ්න කරගෙන යන බව ද පොලිසිය පැවසුවේය.
අත්අඩංගුවට පත් තැනැත්තා මෙම පත‍්‍රිකාවෙන් පෙන්වා දෙන කරුණු ඔහුට දැනගැනීමට ලැබුණු ආකාරය ගැන පොලීසියේ අවධානය යොමුව තිබේ.
සිංහල ජාතිකයෙකු වූ අත්අඩංගුවට පත් පුද්ගලයා මෙම තොරතුරු ආරක්‍ෂක අංශවලට ලබානොදී අත්පත‍්‍රිකා මගින් ප‍්‍රසිද්ධ කළේ කාගේ හෝ උවමනාවක් මතද යන්න පිළිබඳව ද පරීක්ෂණ සිදු කරයි.
මේ අතර මාවනැල්ල ප‍්‍රදේශයේ වෙළදසැල් දෙකක සේවය කළ පුද්ගලයන් දෙදෙනෙකු ආරක්‍ෂක අංශවලින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් තහනමට ලක්කළ තව්හිත් ජමාත් සංවිධානය සමඟ සමීප සම්බන්‍ධකම් පවත්වාගෙන ආ බවට තොරතුරු ඇති බවද ආරක්‍ෂක අංශ කියයි.
ඔවුහු දෙදෙනා කුරුණැගල පදිංචිකරුවෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකම රටක්!!! එකම ජාතියක්!!! එකම නීතියක්...!!!
පුදුමයි සිංහල කියල දාල තියෙනවා