(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාලඹේ කඩුවෙල මාර්ගයේ වාහන හතරක් එකිනෙක ගැටී පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි අතුරුගිරිය පොලිසිය කියයි.
මෝටර් රථයක්, ත්‍රිරෝද රථ දෙකක් සහ යතුරු පැදියක් ගැටී මෙම අනතුර සිදු ව ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ රියැදුරු වූ මාලඹ් කඩුවෙල පාර පදිංචිව සිටි කේ.ඒ. සුනන්ද නමැති 40 හැවිරිදි පුද්ගලයෙකි.
මාලඹේ කඩුවෙල පාරේ අතුරු මාර්ගයක සිට පැමිණි මෝටර් රථයක් නවතා තිබූ ත්‍රිරෝද රථයක ගැටී, යතුරු පැදියක සහ කඩුවෙල සිට මාලඹේ දෙසට පැදවූ ත්‍රිරෝද රථයක ද ගැටීමෙන් අනතුර සිදුව ඇත.
අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.
අනතුරින් වාහනවලට බරපතල අලාභ හානි සිදුව ඇත.
අතුරුගිරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd