(තුසිත කුමාර ද සිල්වා)
’දර්ගා ටවුන් බ්‍රේකින් නිව්ස්’ නමින් සාමාජිකයන් 100ක් අතර අන්තවාදයට පක්ෂපාත ’වට්ස්ඇප්’ ජාලයක් මෙහෙයවූ මහ මොළකාර සැකකරු සමඟ තවත් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාර තරුණයන් තිදෙනා 20 – 23 යන වයස්වල පසුවන්නෝ වෙති.
මෙම ජාලයට සම්බන්ධව සිටි තවත් පුද්ගලයන් 25 දෙනෙකු අද (26) වහාම එම ජාලයෙන් ඉවත් වී ඇතැයි ද පොලිසිය කළ විමර්ශනවලදී හෙළි වී ඇත.
මෙම වට්ස්ඇප් ජාලය වසර 3 ක පමණ කාලයක සිට මෙහෙය වූ ප්‍රධාන සැකකරු 23 වියේ පසුවන්නකු බවත්, ඔහු අලුත්ගම දර්ගා නගරය, ලෝටස් පාරේ පදිංචි අයකු බවත්, කලක් විදේශයේ සේවය කර මෙරටට පැමිණ ඇති බවත් පොලිසිය සඳහන් කරයි.
මෙම සැකකරු දින 3ක් රඳවා ප්‍රශ්න කිරීමට කටයුතු කරන බව පොලිසිය කියයි.
සෙසු සැකකරුවන් දෙදෙනාගෙන් ද මේ පිළිබඳව දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බවත් ඉන් එක් අයෙකු දර්ගා නගරය, මතුගම පාරේ පදිංචි අයකු බවත් සෙසු සැකකරු ලෝටස් පාරේ පදිංචි 20 හැවිරිදි තරුණයකු බවත් පොලිසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අන්තවාදයට සම්බන්ධ වට්ස්ඇප් ජාලයක් මෙහෙයවූ 3 ක් අත්අඩංගුවට
Akila Sunday, 26 May 2019 06:59 AM
හොඳ වැඩේ... ඔය වයසේ කට්ටියට තමයි ඔය අමාරුව ලොකුවට තියෙන්නේ... එෆ්.බී., වට්ස් ඇප් වලම ජීවත්වෙන හින්දා හිතන්න මොලයකුත් නැහැ.
Lokka Sunday, 26 May 2019 07:02 AM
වහාබ් වාදය ලංකාවේ ඔඩු දුවලා ඉවරයි. මුදුන්මුල හොලවන කල් සැවොම අවදියෙන් සිටිය යුතුයි.
NuwanSunday, 26 May 2019 01:37 PM
ඔය කොයි වාදයත් පැතිරෙන්නේ එක පොතකින්... අන්න ඒ පොත සේරම විද්වත්හු අදාළ ආගමික නායකයින් යැයි කියාගන්න අය එකතුවෙලා සංස්කරණය කරලා... ඔය මරපියව්, කපපියව්, වඳ කරපියව් කියන කෑලි අයින් කරලා මානුෂිය විදියට හදාගන්නකන් ඔය වාද නවත්තන්න බැහැ. ඕක නොකරන තාක්කල් මුළු ලෝකයටම මරණ බයේ ඉන්න වෙයි...
අශේන් Monday, 27 May 2019 05:53 AM
මාත් ඔය කිව්ව එව්වා තියනවද කියල පොත පෙරලලා බැලුවා, තාම නම් එහෙම එකක් දැක්කේ නෑ. ඔය මහත්තය ලග වෙන පොතක් තියෙනවද කොහෙද ?
අබ්දුල්ලා Monday, 27 May 2019 08:21 AM
අල්ලන අයට හොඳ පෝක් කරියක් කන්න දෙන්න ඕනෑ.