
(නිමල කොඩිතුවක්කු)
දිවයිනට බලපා ඇති මහවැසි ඇතුලු ආපදා තත්වය හේතුවෙන් පුවුල් 5696කට අයත් පුද්ගළයින් 21218ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි.
පවතින ආපදා තත්වය දිස්ත්රික්ක 17 කට අයත් ප්රදේශීය ලේකම් කොට්ඨාෂ 109 කට බලපා ඇතැයි ද එම මධ්යස්ථානය සඳහන් කරයි.
ඉන් පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනෙකු අතුරුදන්ව පස් දෙනෙකු තුවාල ලැබ සිටිති. ආපදා තත්වය හේතුවෙන් නිවාස 2 කට පූර්ණ හානි සිදුව තවත් නිවාස 462කට අර්ධ හානි සිදුව ඇත.
මෙම තත්වය හේතුවෙන් පුවුල් 173 කට අයත් පුද්ගළයින් 539ක් ඊයේ දිනය වනවිට මධ්යස්ථාන 17 ක රඳවා ඇතැයිද ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි.
තවත් පවුල් 421 කට අයත් 1457 දෙනෙකු ඥාති නිවාසවල රඳවා සිටින එහි ප්රකාශකයෙකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd