(ඉන්දිකා රාමනායක)
ප්‍රධාන නගර ආශි‍්‍රතව මංතීරු නීතිය යළිත් කි‍්‍රයාත්මක කිරීමට පොලිස් මුලස්ථානය තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙම නීතිය කි‍්‍රයාත්මක කිරීමට පෙර රියදුරන්ට අද (28) සිට සති දෙකක සහනයක් කාලයක් ලබා දී ඇති බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.
බස් රථ ඇතුලූ බරවාහන රියදුරන්ට මන්තීරු නීතිය සදහා අවතීර්ණ වීමටත්, ඔවුන් ප්රයෝගියකව ඒ සදහා යොමු කිරීම සදහාත් මෙම සති දෙකක සහන කාලයක් ප්‍රකාශයට පත්කර ඇති බවද රුවන් ගුණසේකර මහතා සදහන් කළේය
මෙම සති දෙකක සහන කාලය නිමා වීමෙන් පසු මංතීරු නීතිය දැඩි කි‍්‍රයාත්මක කරන බවද හෙතෙම කියා සිටියේය.
ඒ සදහා සාමාන්‍ය ඇදුමෙන් සැරසුන පොලිස් නිලධාරීන් යොදවා රියදුරන් නිරීක්ෂණය කිරීමෙන් විඩියෝ දර්ශන නිරීක්ෂණය කිරීමෙන් මංතීරු නීතිය දැඩිව කි‍්‍රයාත්මක කරන බවද රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවට සල්ලි ඕනෑ වුණාම පොලිසිය දාලා මිනිසුන්ගේ සල්ලි සූරාකනවා... මොකක් හරි නීතියක් කියලා...
හොඳ වැඩක්... මෙය සැමදා තිබිය යුතු දෙයක් පාරේ විනය සඳහා...
හරිහමන් මාර්ග පද්ධතියක් ලංකාවේ නැතුව මොන මංතීරු නීතියක්ද?
අන්න හොඳ වැඩක්. නිතිය හා ඉවසීමේ පුරුද්ද ප්‍රයෝගිකව පුහුණු කළහැකි තැනක්. මෙරට පෙරකළ ඔය පුරුදු දෙකම තිබුන බව බය නැතිව කිවහැකියි. ඒ හෙයින් සියලු ජනකොටස් සාමකාමිව ජිවත් වුවා. කකුල් දෙකේ බලු පොරය තිබුනේ ඉතාම අල්ප වශයෙන්.
ඉස්සෙල්ලා පාරවල් හදලා ඉන්න.
මේක විතරක් නොවේ නීති ඔක්කොම හරියට ක්‍රියාත්මක කරන්න. ඔක්කොම වැරදි අල්ලන්න කවුරු උනත් කමක් නැහැ. නියම දඬුවමම දෙන්න. ලිහිල් කරන්න එපා. ඇප දෙන්නත් එපා අත් අඩංගුවට ගත්තොත්.
මම දන්නා තරමට එක රථවාහන පොලිස් නිලධාරියෙක් මාසෙකට ගෙන්න ඕන අනිවාර්ය නඩු ගණනක් තියනවා ඒක නොගෙනාවොත් එයාට විරුද්දව ක්‍රියාමාර්ග ගන්නවා ඒ නිසා එයාලත් අපෙන් පොඩි වරදක් උනත් , මාසේ නඩු ගණන අසම්පූර්නනම් ලියනවා ලියනවාමයි. ඒක පැත්තකින් තියල මේ මන් තීරු නීතිය ගැන හිතුවොතින් මේක හොඳ දෙයක්. අස්සෙන් රිංගන ත්‍රී වීල් මල්ලිලට , බස් අයියලට ( නම්බු දීල කතා කරන්න ඕන මෙයාලට ) සහ යතුරු පැදි කරුවන්ට වැට බැන්දොත් හොඳයි
දඩ ගහන්නේ නැතුව මාර්ග විනය හදන්න බැහැ, පොකට් එකට දැනෙනකොට මිනිස්සු මාර්ග නීති පිලිපදිවී ,
දුම්රිය සේවය දියුණු කරලා මිනිසුන්ට නිදහසේ කොළඹට ඇවිල්ලා යන්න විදිහ දියුණු කරන්න. එකමඑක දුම්රිය මැදිරියක්වත් කාල සටහනකට අලුතින් දුම්රිය වාරයක්වත් මේ අවුරුදු 5ට ඇතුළත් කරන්න බැරි වුණා. දඩ විතරක්ම ඔළුවට එන්නේ කීයක් හරි හොයා ගන්න මිසක් රටක් විදිහට පහසුකම් වැඩි කරන්න නම් නෙමෙයි.