( ජයන්ත සමරකෝන් )
ජාතික ආරක්ෂාව පිළිබඳව මෙන්ම ඕනෑම වැදගත් තොරතුරක් ලබාදීම සඳහා මහජනතාව වෙනුවෙන් විපක්ෂ නායක කාර්යාලයේ විවෘත තොරතුරු මධ්‍යස්ථානයක් පිහිටුවන බව ඒකාබද්ධ විපක්ෂායේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්ධුල ගුණවර්ධන මහතා පැවසීය.
කොළඹ 07, අංක 30 විපක්ෂ නායක කාර්යාලයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී මේ බව සඳහන් කළේය.
එළැඹෙන පක්ෂ නායක රැස්වීමේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කර මේ පිළිබඳව තීරණයක් ගන්නා බවද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ලබා දෙන්න ඕන පොලිසියට හෝ ආරක්ෂක අංශ වලටයි. ඒ වැඩේට අතර මැදියෙක් පැනලා ඒකත් කඩා කප්පල් කරන්නද මේ මහත්තයා හදන්නේ ?
හොඳම දේ තමයි විපක්ෂයේ. කාර්යාලයට සීල් තබලා කට්ටියගේ කටවල්වලට ගම් ටේප් අලවන එක.... ආරක්ෂාව, සාමය නිකම්ම ලැබෙනවා...
රැස්කෙරුවත් තොරතුරු හැම එක මල්ලේ.....// ඔක්කොමලා හිවලුන්ගෙන් උදව් ගනී....// එමගින් ඔබ අතරේ වෙනසක් නැත්තේ...// 225 එනතෙක් ඉලපත, ඉදල මග ඉන්නේ...//
බලයේ ඉන්න කොට ඔක්කොම රජවරුනේ..// බලයේ නැතිවිට අපි ඔක්කොම සුනඛයින්නේ..// බලයක් නැතිවිට ඔක්කොම මොළ කරුවෝ...// බලයේ ඉන්න කොට හැමෝම ගොන්තඩියෝ..//
යන්න දුෂ්කර ගම්බද ඉස්කෝලවලට. ගිහින් බලන්න තියන අඩුපාඩු.. ගුරුවරු නැ. බංකු පුටු නෑ. බොන්න වතුර නෑ . මේවා කියන්නේ හිටපු අධ්‍යාපන ඇමති නිසා. දරුවනේ මේ අය අයින් කිරීමට කාලය ඇවිල්ලා.
ජාතික ආරක්ෂාව පිළිබඳව බුද්ධි අංශයටත් වඩා ඒකාබද්ධ විපක්ෂය හොඳටම දන්නවා.
අර ගත්තු ණය ගෙවල ඉවරද ? ඩොලර් එක පාලනය කරල ඉවරද ?
බල්ලාගේ වැඩේ බුරුවා කරන්න ගිහින්. කට කහනවට පැරැන්නන් කියපු කියමන හිතේ තබාගෙන
චතුරි, නියමයි නියමයි නියම කතාව ඕකම තමයි වෙන්න ඕන
බල්ලාගේ වැඩේ බල්ලාට කරන්න නොදී ඒ දේ කරන්න ගිය බූරුවාට වූ දේ මෙයා දන්නේ නැතිව ඇති.
හොදම විහිළු සැපයීමේ පංති දැන් ඇරබේ.
අපි අත් අල්ලගෙන ඉදිරියට යමු
කෙලින්ම අපරාද විමර්ශකයින්ට දෙන්න පුළුවන්නේ !
පාඩුවේ ඉන්න මහත්තයෝ. ඒවා අදාළ මිනිස්සු බලාගනිවී.
හොරු කල්ලියම තමන්ගේ ආරක්ෂාවට වැඩකර ගන්නා හැඩයි.