ඩොල්ෆ් යද්දී අනතුරට පත් යාත්‍රාවේ පිරිස බේරා ගැනෙති අයහපත් කාලගුණ තත්වය හමුවේ ඇඟවූ අනතුරු ද නොතකා කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් බලා යාත්‍රා කරමින් සිටියදී අනතුරට ලක්ව තිබූ මගී බෝට්ටුවේ සිටි 10 දෙනා බේරා ගත් බව නාවික හමුදාව පවසයි. 6 hours ago
රාජ්‍ය නිලධාරීන්ට දීලීප පීරිස්ගෙන් පාඩමක් යම් තීරණාත්මක කාරණයක් සම්බන්ධයෙන් වන ලියවිල්ලක ’’ සුදුසු කටයුතු පිණිස’’ යනුවෙන් සඳහන් කර පහළ නිලධාරියෙක්ට යවා වගකීමෙන් ගැලවෙන්නට ඉහළ රාජ්‍ය නිලධාරීන්ට නොහැකි යැයි හේමසිරි-පූජිත් නඩු තීන්දුව කදිමට කියාදෙන බව අතිරේක සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹදී පැවසීය. 6 hours ago
මාස පහට ආණ්ඩුව ගැන කැමැත්ත සියයට 15කින් පහළට ’’රට හිතන හැටි’’ මත විමසුමේ නවතම සමීක්ෂණ වාර්තාවට අනුව ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය පසුගිය ජූලි මාසයේදී සැළකිය යුතු මට්ටමකින් සියයට 50 දක්වා අඩුවී ඇති බවත් එය පසුගිය පෙබරවාරි මාසයට සාපේක්ෂව ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය සියයට 15 කින් පහළ යෑමක් බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. 6 hours ago
විනිසුරු විශ්‍රාම වයස යෝජනාවට විග්නේෂ්වරන් කැමතියි ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීම හොද දෙයක් බව ජනතා ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ උතුරු පළාත් හිටපු මහ ඇමැති සීවී විග්නේෂ්වරන් මහතා පවසයි. 7 hours ago
ඩෙංගු රෝගීන් අනූදෙදහ පනී වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 92000 ඉක්මවා ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඒ අනුව වාර්ථා වී ඇති මුලු ඩෙංගු රෝගීන් සඛ්‍යාව 92,011 ක් බවත් එම ඒකකය පවසයි. 7 hours ago
මාස අටට කුරුණෑගල නව දෙනෙක් අලින්ට බිලි:අලි 13 දෙනෙක් මිනිසුන්ට බිලි මේ වසරේ ජනවාරි සිට මේ දක්වා කාලයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මිනිස් ජිවිත 9 ක් සහ අලින් 13 ක් රටට අහිමිවි ඇති බව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් චන්දන දිසානායක මහතා පැවසීය. 8 hours ago
ආණ්ඩුව නන්දෙඩූ ලක්ෂ 12 කාර් කෝ? මැතිවරණ වේදිකාවේ ලක්ෂ 12ට විට්ස් කාර් ලබා දෙන බවට පැවසූ මාලිමා ආණ්ඩුව අද වනවිට වාහන ආනයන මත 50% අධිභාර බද්දක් පනවා පාරිභෝගික අයිතිවාසිකම් සුනුවිසුණු කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 10 hours ago
යුක්රේනයෙන් රුසියාවට දැවැන්ත ප්‍රහාරයක් යුක්රේනය, ඩ්‍රෝන යානා 600 ක් යොදා ගනිමින් ඊයේ (15) රාත්‍රියේ සිට අද (16) පෙරවරුව තෙක් දැවැන්ත ප්‍රහාරයක් රුසියාවට එල්ල කළ බව නගරාධිපති සර්ගෙයි සොබියානින් ප්‍රකාශ කළේය. 10 hours ago
රෝහල් වල නැවතුනු වැඩ නිම කරන්න බිලියන 45ක් කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලේ නවීකරණය කරන ලද ඒකක හා වැඩිදියුණු කරන ලද යටිතල පහසුකම් රැසක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) රෝගී සත්කාර සේවාව සඳහා නිල වශයෙන් එක් කෙරිණි. 10 hours ago
යතුරු පැදියෙන් ආ මාරයා පිය - පුතු බිලි ගනී යතුරු පැදියක්,විදුලි කණුවක ගැටීමෙන් එම යතුරු පැදියේ ගමන් ගත්,පිය පුතු දෙපළ,රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි කල්පිටිය පොලිසිය කියයි. 10 hours ago
දිත්වාගෙන් පහළට ආ මෙම අවදානම් ගල ඉවත් කරන්නේ කවදාද? දිට්ඨා සුළිං කුණාටුව හේතුවෙන් හෙම්මාතගම අම්බුළුවාව හරහා ගම්පොල මාර්ගයේ කඩා වැටුණු යෝධ ගල් පර්වතය තවමත් ඉවත් කර නොමැති නිසා එම මාර්ගයේ ගමන් කරන රථ වාහාන වලට දැඩි අනතුරු තත්වයක් පවතී. 10 hours ago
පසුගිය වසර තුනට මනුෂ්‍ය ඝාතන 1,664ක් සිදුවෙලා මෙරට මනුෂ්‍ය ඝාතන 1,664ක් ඉකුත් වසර තුන තුල (2023,2024,2025) සිදුවි ඇති බැව් ශ්‍රිලංකා පොලිසිය විසින් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවේ සදහන් වේ. 15 hours ago
මත්තල ගුවන්තොට ගන්න ’’දළකාරයෝ’’ 19ක් පාඩු ලබන මත්තල ගුවන්තොටුපොළේ විවිධ ආයෝජන කටයුතු සඳහා දෙස් විදෙස් ආයෝජකයන් 19 දෙනෙකු අභිලාෂ ඉදිරිපත් කර ඇතැයි වරාය සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා ලංකාදීපයට පැවසීය. 15 hours ago
නුවරඑළියේ සමෘද්ධි හොර අල්ලන්න ජනපති කමිටුවක් පත් කරයි නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිදු වී ඇති මුදල් අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලිමට ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ විගණන කණ්ඩායමක් පත් කිරිමට අවශ්‍ය පියවර ගෙන ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති සහ නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි මහතා පැවසිය. 16 hours ago
අපරාද වෙනුවෙන් සැකසූ වාහන හොර අංක තහඩු සමග අයෙක් අත්අඩංගුවට මනුෂ්‍ය ඝාතන සඳහා යොදා ගැනීමට ව්‍යාජ ලෙස සකස් කළ විවිධ වාහන රැසක අංක තහඩු, රක්ෂණ සහතික සහ ආදායම් බලපත්‍ර තොගයක් සඟවාගෙන සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු අත්අඩංගුවට ගත් බව හිරන පොලිසිය සඳහන් කරයි. 16 hours ago
සෝමාවතිය රක්ෂිතයෙන් දඩයම් කරුවෝ අටක් මාට්ටු සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ ත්‍රිකෝණමඩුව ස්වභාවික රක්ෂිතයේ විල්ලුව ප්‍රදේශයේ විවිධ සතුන් දඩයම් කරන පුද්ගලයන් අට දෙනකු අත්අඩංගුවට ගත් බව සෝමාවතීය අඩවි ආරක්ෂක කාර්යාලය සඳහන් කරයි. 18 hours ago
මා ඔයට පිය පුතු දෙපළ බිලි මිරිගම මදුරුපිටිය, අධිවේගී මාර්ග පාලම අසල මා ඔයේ දිය නෑමට ගිය පිය-පුතු යුවළකගෙන් පුත්‍රයා දියගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර පියා අතුරුදන්ව ඇතැයි මීරිගම පොලිසිය කියයි. 18 hours ago
සංඝරත්නයේ මඟපෙන්වීම රජයට ශක්තියක් රජයේ වැඩපිළිවෙළට මහා සංඝරත්නයෙන් ලැබෙන ආධ්‍යාත්මික මඟපෙන්වීම සහ සමාජයේ යහපත් වටිනාකම් ශක්තිමත් කිරීම සඳහා ලැබෙන සහයෝගය වටිනා ශක්තියක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 18 hours ago
පළාත් කීපයකට අදත් වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවනාවරණය කරයි. 20 hours ago
තුවක්කුවක් දෑතින් නොඇල්ලූ නිලදරුවෝ 3069ක් බන්ධනාගාර සේවයේ සිරකරුවන් හා සම්බන්ධ වන බන්ධනාගාර නිලධාරීන් 3069කට තවමත් කිසිදු ගිනි අවි පුහුණුවක්දී නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ. 20 hours ago
නාවික යාත්‍රාවක් අනතුරට:නාවිකයෙක් අතුරුදන් නාවික හමුදාවට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් මොරටුව අගුලාන වෙරළ තීරයේ සිට කිලෝ මිටර් 3 ක පමණ දුරකදී අනතුරට පත්වීමෙන් එක් නාවිකයකු අතුරුදන්ව ඇතැයි අඟුලාන පොලිසිය සඳහන් කරයි. 15 August 2026
ඉන්දියාවේ හොඳම මිතුරා ශ්‍රී ලංකාව ලෝකයේ ඉන්දියාවට වැඩිම කැමැත්තක් දක්වන රට ශ්‍රී ලංකාව බව ඇමෙරිකාව පදනම් කර කරගත් පියු පර්යේෂණ මධ්‍යස්ථානය සිදුකළ නවතම සමීක්ෂණයකින් අනාවරණය වී ඇත. 15 August 2026
ඕස්ට්‍රේලියා ආයෝජකයන්ට ලංකාව ගැන හිත වැටෙයි ඕස්ට්‍රේලියාවේ ප්රමුඛ පෙළේ ආයෝජකයින් සහ ව්‍යවසායකයින් රැසක් මෙරට ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක සෘජු ආයෝජන කිරීමට එකඟතාව පළ කර ඇතැයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසයි. 15 August 2026
මුහුදු කොල්ලකරුවන් මට්ටු කරන්න වැඩ පිළිවෙලක් ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන්ට විශාල තර්ජනයක්ව පවතින මුහුදු කොල්ලකරුවන්ගේ ක්‍රියාකාරකම් පාලනය කිරීමට සහ එම ක්‍රියාවන් සම්පූර්ණයෙන්ම තුරන් කිරීම සඳහා කඩිනම් හා ස්ථිර වැඩපිළිවෙළක් සකස් කරන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පැවැසීය. 15 August 2026
මහජන ආරක්ෂක ඇමති බන්ධනාගාර තුනකට යයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපල මහතා මීගමුව බන්ධනාගාරය, මීගමුව පල්ලන්සේන එලිමහන් බන්ධනාගාරයේ සහ වාරියපොල බන්ධනාගාරයේත් නිරීක්ෂණ චාරිකාවක නිරත විය. 15 August 2026
ඉන්දුනීසියා භූමිකම්පාවෙන් මරණ 38 දක්වා ඉහළට ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපතේ අද පෙරවරුවේ ඇති වූ රික්ටර් මාපකයේ 7.7 ක භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයන් 38 දෙනෙකු මිය ගොස් ඇති බව එරට ආපදා අවම කිරීමේ ඒජන්සිය පවසයි. 15 August 2026
කූරියර් මුවාවෙන් මත්පෙති බෙදලා මාට්ටු වේ කුරියර් සේවා මුවාවෙන් කටුනායක සිට ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයට මත්පෙති ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනකු යතුරුපැදියක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. 15 August 2026
වල්අලි ප්‍රහාරයකින් දෙදෙනෙක් මරුට කොස්ලන්ද මකල්දෙණිය සහ රිදීමලියද්ද ඇකිරියන්කුබුර ප්‍රදේශවලදි සිදුවු වන අලි පහරදීම් වලින් පොල්වත්තක මුරකරුවකු සහ විශ්‍රාමික යුධ හමුදා සෙබළකු මියගොස් ඇතැයි ඌවපලාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයය අද (15) පැවසීය 15 August 2026
මහනුවර රෝහලේ මිලියන 570 ක උපකරණ පද්ධතිය විවෘත වෙයි මෙරට නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතියේ රෝග විනිශ්චය සහ ප්‍රතිකාර සේවාවන් කාර්යක්ෂම හා විධිමත් කිරීම උදෙසා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සුවිශේෂී වැඩපිළිවලක් මේ වන විට ක්‍රියාවට නංවා ඇත. 15 August 2026
හිර වූ රස වාර්තා 9000ක් උසාවියට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මීගමුව දළුපොත පල්ලන්සේන බන්ධනාගාරයට අද පෙරවරුවේ ගොස් එහි කටයුතු නිරීක්ෂණය කළේය. 15 August 2026
ලාංකිකයන්ට ජපන් රැකියා දෙන්න ගිවිසුමක් විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිත ආයතනය (SLFEA) සහ ජපානයේ METATECHNO INC.. 06 August 2026