ඉරානයට මොකද කරන්නේ: ජනපති ට්‍රම්ප් දෙගිඩියාවෙන් ඉරානය සමග ගැටී, ඉරානය මුළුමනින්ම විනාශ කර දමනවාද, නැතිනම් ඉරානය සමග පැහැදිලි එකගතාවක් ඇති කර ගන්නවාද යන්න සම්බන්ධයෙන් තමන් තවමත් කල්පනා කරමින් සිටින බව ද ඇමෙරිකන් ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ. ට්‍රම්ප් මෙසේ පැවැසුවේ මාධ්‍යවේදීන් හමුවේය. 01 October 2026
මැතිසබේ ලොක්කන් 18ක් මාරු කරයි පාර්ලිමේන්තුවේ සහකාර අධ්යක්ෂවරුන් (පරිපාලන) සිවු දෙනෙකු ඇතුළු උසස් නිලධාරීහු 18 දෙනෙක් අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි එහි වෙනත් අංශවලට මාරු කරනු ලැබ සිටිති. 01 October 2026
කනත්තේ දමාගිය බෑගයේන් අත්බෝම්බ සහ උණ්ඩ හමුවේ අගුලාන සුසාන භූමියේ කසල බැහැර කරන ටැංකියක් අසල අත් බෝම්බ දෙකක්, උන්ඩ තොගයක් තිබී හමු වූ බව අගුලාන පොලිසිය පවසයි. 01 October 2026
‘‘මව්පියන් විදෙස්ගතවීමෙන් දරුවන්ගේ බඩ පිරුනත් රැකවරණය අහිමි වුණා‘‘ මාපියන් විදෙස්ගත වීමෙන් දරුවන්ට ආර්ථික වාසි ලැබුණද, නිසි රැකවරණයක් නොමැතිවීම හෝ දිගු කාලයක් දෙමාපියන්ගෙන් වෙන්ව සිටීම හේතුවෙන් දරුවන්ට මානසික පීඩනය ඇතුළු ගැටලු ඇතිවිය හැකි බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත එමා බ්‍රිගම් මහත්මියගෙන් මෙරට ජාතික ළමා දිනය නිමිත්තෙන් අප කළ විමසීමකට පිළිතුරු දෙමින් පසුගියදා ප්‍රකාශ කළාය. 01 October 2026
නිදහසට කරුණු කියන්න හිටපු ඇමති ජයකොඩි ඇතුළු 18 දෙනාට ලබන 9 තෙක් කල්දෙයි ගල් අඟුරු ගනුදෙනුවලට අදාළ යම් යම් වැරදි ක්‍රියාමාර්ගවලට සම්බන්ධ බවට හඳුනා ගැනුණු බල ශක්ති හිටපු අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ඇතුළු 18 දෙනාට ඒ සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට ලබන මස 09 වැනිදා සිකුරාදා දක්වා කාලය ලබාදී ඇතැයි ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පවසයි. 01 October 2026
රනින් දිනූ තරංග දිවයිනට හෙල්ල විසි කිරීමේ ලෝක ශූර රුමේෂ් තරංග , ආසියානූ ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා දිවයිනට පැමිණියේය . 01 October 2026
වායු රයිෆලයක උණ්ඩයක් වැදී කතක් මරුට ගාල්ල අම්බලන්වත්තේ නිවසක කාන්තාවකගේ හිසට වායු රයිෆල් උණ්ඩයක් වැදීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි 01 October 2026
දරුවන් වෙනුවෙන් වැඩසටහන් රැසක් තැන තැන අද ලෝක ළමා දිනය අද දිනයට යෙදී ඇත. ඒ නිමිත්තෙන් විශේෂ වැඩසටහන් රැසක් රටපුරා සංවිධානය කර ඇතැයි ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශය කියයි. 01 October 2026
ඇල්ලේ දී මහා අනතුරක් නූලෙන් බේරෙයි මන්නාරම සිට විනෝද චාරිකාවක යමින් සිටි පිරිසක් රැගත් පෞද්ගලික බස් රථයක් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 24 කනුව ප්‍රදේශයේදි මාර්ගය අසල යකඩ වැටක ගැටී අඩි දහයක් පමණ රාවනාඇල්ල ප්‍රපාතයට පෙරලී ඇතැයි ඇල්ල පොලිසිය පවසයි. 01 October 2026
ඉන්ධන මිල ඉහළ යයි ඩීසල් සහ පෙට්‍රල් මිල ඉහළ දැමීමට තීරණය කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (30) රාත්‍රී නිවේදනය කළේය. 01 October 2026
ඉන්දියාවෙන් පැන්න කුඩු ජාවාරමා වාද්දූවෙන් මාට්ටු රුපියල් කෝටි 500 කට අධික වටිනාකමින් යුත් හොරයින් මත්ද්‍රවය තොගයක් මුහුදු මාර්ගය ඔස්සේ ප්‍රවාහනය කිරීමේ චෝදනාවකට ඉන්දියාවේ කොච්චි බන්ධනාගාර ගතව සිට කොච්චිහි අධිකරණයට රැගෙන යද්දී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පැන ගිය සැකකරු වාද්දුව ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි. 30 September 2026
ආදම්ගේ පාලම් ප්‍රදේශය නරඹන්න අවසර උතුරු පළාතේ සංචාරක ක්ෂේත්රය දියුණු කිරීමේ අරමුණින් මන්නාරමේ සිට රාම සේතු පාලම හෙවත් ආදම්ගේ පාලම ප්‍රදේශයේ පිහිටි වැලිපර අට සංචාරකයන්ට නැරබීම සදහා බෝට්ටු සේවාවක් ආරම්භ කිරීමට කටයුතු ආරම්භ කර තිබේ. 30 September 2026
රත්ගම වෙඩි තැබීමට දෙකක් සැකපිට රත්ගම මොන්රෝවියාවත්ත කටුපොල්කැල්ල ප්‍රදේශයේදි ඉකුත් 28 වැනි දින රාත්‍රි පුද්ගලයකුට වෙඩි තබා තුවාල සිදුකිරිම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව රත්ගම පොලිසිය පවසයි. 30 September 2026
විෂ මත් පානය කළ රියැදුරන් පහක් ගාල්ලෙන් මාට්ටු විෂ මත්ද්‍රව්‍ය පානය කළ බස් රථ රියදුරන් සහ ත්‍රි රෝද රථ රියදුරන් සොයා ගාල්ල බස් නැවතුමේදි අද සිදු කළ පරීක්ෂාවකදි බස් රියැදුරන් දෙදෙනකු සහ ත්‍රි රෝද රථ රියදුරන් තිදෙනකු විෂ මත්ද්‍රව්‍ය පානය කර සිටි බවට තහවුරුවු බව පොලිසිය පවසයි. 30 September 2026
ජනපතිගෙන් රණ විරුවන්ට“විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් යුද, නාවික සහ ගුවන් හමුදාවලට අයත් නිත්‍ය බල සේනාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඉටු කරන ලද සුවිශේෂ සේවාව වෙනුවෙන් උපහාර පිරිනැමෙන “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්රදානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. 30 September 2026
IMF වැඩසටහන අවසන් වූ පසු විකල්ප ගැන සාකච්ඡා ලබන වසරේ මාර්තු මාසයේදී මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහන අවසන් වූවායින් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කරන ආකාරය පිළිබඳව තිබෙන විකල්ප සම්බන්ධයෙන් රජය සාකච්ඡා කරමින් සිටින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය. 30 September 2026
දිට්වාවෙන් හානි වූ පාරවල් හදන්න ලෝක බැංකුවෙන් ඩොලර් කෝටි 11 දිට්වා සුළි කුණාටුවෙන් දැඩි ලෙස හානි වූ ශ්‍රී ලංකාවේ මාර්ග කිලෝමීටර් 600ක් යළි සකස් කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ලෝක බැංකුව ඇමෙරිකානු ඩොලර් මිලියන 110ක මුදලක් අනුමත කර ඇත. 30 September 2026
මත නසන්න නීතියට වඩා මාපිය සබඳතා වැදගත් මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් දරුවන් ගලවා ගත හැක්කේ නීතියට වඩා මාපිය - දූදරු ශක්තිමත් සබඳතාව මත බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. 30 September 2026
කපිලගේ බිරියට ඇප වූ අරවින්ද හා බිරියගේ ඇප රාජසන්තකයි ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් මිලදී ගැනීමේදී මූල්‍ය අක්රමිකතාවයන් කරන ලදැයි කියන සිද්ධියට අදාළව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි මහත්මියට ඇප නියම කිරීමේ දී රුපියල් කෝටි 02 බැගින් වටිනා ඇපකරුවන් වශයෙන් ඉදිරිපත් වු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිලාව මහතා සහ ඇගේ බිරිඳගේ රුපියල් කෝටි හතරක ඇප මුදල් රාජසන්තක කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (30) නියෝග කළේය. 30 September 2026
රනිල්ගේ ආරක්ෂකයෙක්ට ප්‍රහාරයක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවට සහභාගී වී පිටතට පැමිණෙන අවස්ථාවේ ඔහුගේ ආරක්ෂක නිලධාරියකුගේ හිසට කැමරාවකින් පහර දුන්නැයි පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. 30 September 2026
එයාර් බස් ගනුදෙනුවේ එක් නඩුවකට නාමල්ට ඇප ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් මිලදී ගැනීමේදී මූල්‍ය අක්රමිකතාවයන් කර මුදල් විශුද්ධිකරණය කරන ලදැයි කියන සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද නියම කළේය. 30 September 2026
ව්‍යාපාරිකයන් ‘බිස්නස්’වලින් පහුබහින අවදානමක් ආර්ථික වර්ධනයට බාධා වන පරිදි අනවශ්‍ය රෙගුලාසි පැනවීමෙන් ව්‍යාපාරිකයන් අධෛර්යමත් වීමේ අවදානමක් පවතින රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරැ අනාවරණය විය. 30 September 2026
අගමැතිනිය අයවැය රහසක් කියයි ඉදිරි 2027 අයවැයෙන් අපද්‍රව්‍ය කළමනාකරණය, අපද්‍රව්‍ය අවම කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය සඳහා ප්රමුඛ අවධානයක් යොමු කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය. 30 September 2026
එයාර් බස් නඩුවට නාමල්ට ඇප එයාර් බස් සිද්ධියේ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. 30 September 2026
ක්‍රිකට් නව පනත් කෙටුම්පත ගැසට් කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනය, පාලනය, නියාමනය, ප්‍රවර්ධනය සහ සංවර්ධනය වඩාත් විධිමත් කිරීමේ අරමුණින් සකස් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර තිබේ. 30 September 2026
මත් ජාවාරම් ගැන තොරතුරු 1818ට ඉක්මනින් කියන්න විෂ මත්ද්‍රව්‍ය ජාවාරම හෝ ඒ හා සම්බන්ධ වෙනත් සැක කටයුතු ක්‍රියාකාරකමක් පිළිබඳ තොරතුරු 1818 ක්ෂණික දුරකථන ඇමතුම් අංකය ඇමතීමෙන් මහජනතාවට ඕනෑම මොහොතක ඉතා සුරක්ෂිතව ආරක්ෂක අංශ වෙත ලබා දීමට හැකි බව රජය නිවේදනය කරයි. 30 September 2026
එයාර් බස් නඩුවේ ඇප මුදල් රාජසන්තක කෙරේ එයාර් බස් ගනුදෙනු නඩුවේ වරෙන්තු ලද සැකකාරියකව දැනට ඕස්ට්‍රේලියාවේ සිටිනවා යැයි කියන ’’ප්‍රියංකා නියෝමාලි ’’ට ඇප තැබූ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳගේ ඇප මුදල් රාජසන්තක කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (30)නියෝග කළේය. 30 September 2026
විදේශ විනිමය රෙගුලාසි වලට මුදල් සභා අනුමැතිය විදේශ විනිමය රෙගුලාසි හා නියමය සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ලැබී තිබේ. 30 September 2026
ගාල්ලට සෞන්දර්ය පාසලක් දක්ෂ කලාකරුවන් මෙනම රෝගියාගේ වේදනාව හඳුනන වෛද්‍යවරුන් සහ මිනිසුන් පිළිබඳ හැඟීමක් ඇති ඉංජිනේරුවන් බිහිකිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය. 30 September 2026
මොරොක්කෝවේ අගමැති ධුරය කාන්තාවකට මොරොක්කෝවේ අග්‍රාමාත්‍ය ධුරයට, පළමු වරට කාන්තාවක පත් කිරීමට එරට 6 වැනි මොහොමඩ් රජු කටයුතු කළේය. අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ 50 හැවිරිදි නීතිඥවරියක ද වන ෆාතිමා සෙහ්රා මන්සූරිය. 30 September 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026