එහෙනම් අපි හැප්පිලා බලමු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කොලොම්බියා වාමාංශික ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝට කළ අනතුරු ඇඟවීමත් සමඟ පෙට්රෝ, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පෙරළා අනතුරු ඇඟවීමක් කළේය. 06 January 2026
මා හැකි ඉක්මනින් වෙනිසියුලාවට යනවා හැකි ඉක්මණින් තමන් තම මවු රට වන වෙනිසියුලාව බලා යන බව විපක්ෂ නායිකා මරීයා කොරීනා මචාඩෝ පවසයි. පසුගිය 2025 වසරේ නොබෙල් සාම තයාගයෙන් පිදුම් ලැබුවේ ද මැයයි. 06 January 2026
වෙනිසියුලාවේ නව ජනපති ඩෙල්සි රොඩ්රීගස් දිවුරුම් දෙයි වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ සහ බිරිඳ සීලියා ඇමෙරිකා හමුදා විසින් පැහැරගෙන යනු ලැබීමෙන් පසු, එරට ව්‍යවස්ථාවට අනුව, උප ජනාධිපති ලෙස කටයුතු කරමින් සිටි ඩෙල්සි රොඩ්රීගස් ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නාය. 06 January 2026
බගවන්තලාව ව්‍යාපාරිකයෝ උද්ඝෝෂණයක නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට එරෙහිව බගවන්තලාව නගරයේ ව්‍යාපාරියෝ අද (06) වෙළදසැල් වසා උද්ඝෝෂණයක නරත වූහ. 06 January 2026
කසිප්පු බී 5ක් මැරුනාට කතක් අත්අඩංගුවට මාරවිල ප්‍රදේශයේදී නීති විරෝධී මත්වතුර බවට සැකකරනු ලබන දියරයක් පානයක කිරීමෙන් පුද්ගලයන් 5 දෙනකු මියගොස් ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් මත්වතුර අලෙවිකළ බව කියන කාන්තාවක අත්අඩංගුවට ගත් බවත් වෙන්නප්පුව පොලිසිය පවසයි. 06 January 2026
ඇල්ල ‘ඔඩිසි ‘ හෙට සිට යළි ධාවනයට ඇල්ල ඔඩිසි සංචාරක දුම්රිය හෙට (07) සිට සෑම බදාදා දිනකම අඹේවෙල සිට බදුල්ල දක්වා ධාවන කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය අධිකාරි (ගමනාගමන) ජී. ඩී. ඒ. සමරසිංහ මහතා පවසයි. 06 January 2026
පඩිකාරමඩුවේ ගින්නෙන් තුවල ලැබූ තිදරු මවත් මරුට නුවරගම් කොළනිය, පඩිකාරමඩුව ප්‍රදේශයේ නිවසේ ඇති වූ ගින්නෙන් තුවා ලබා අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලැබූ තවත් කාන්තාවක මියගිය බව රෝහල් පොලිසිය කියයි. 06 January 2026
‘දිට්වා‘ හානියෙන් පවුල් 633ක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථානවල මහනුවර දිස්ත්‍රික්කයේ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් පිරිස් අතුරින් පවුල් 633 කට අයත් පුද්ගලයින් 2,135 දෙනෙකු තවමත් සුරක්ෂිත මධ්‍යස්ථාන 24 ක රැඳී සිටින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි. 06 January 2026
පවුල් ආරවුලක් නිසා තිදෙනෙක් දිවියෙන් වන්දි ගෙවති අනුරාධපුර, ගලෙන්බිදුණුවැව නුවරගම් කොළනිය, පඩිකාරමඩුව දී අද අලුයම 2.00 ට පමණ නිවෙසකට ගිනි තැබීමට හේතුව පවුල් ආරවුලක් බවට හෙළිවැණැයි පොලිසිය කියයි. 06 January 2026
ඝාතන සැකකරුගේ නිවෙසින් ගිනි අවි සහ උණ්ඩ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින පුද්ගලයකුගේ නිවසක තිබී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් ඇතුළු ගිනි අවි දෙකක් ඊට යොදන උණ්ඩ තොගයක් සහ හෙරොයින් ග්‍රෑම් දහ තුනක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය කාර්යය බළකාය පවසයි. 06 January 2026
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයත් රට ගොඩනඟන්න එක් වේ දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා ඇරඹූ රට ගොඩනැගීමේ අරමුදලට ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය වීසින් රුපියල් කෝටියක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කළේය. 06 January 2026
හොරෙන් විකුණන්න ගිය භාණ්ඩ තොගයක් අල්ලයි මාවනැල්ල හා කුරුණෑගල ප්‍රදේශවල සිදුකළ වැටලීම් දෙකකදී අලේවිය සඳහා සුදානම් කර තිබු රුපියල් කෝටි 10ක් පමණ වටිනා ගජමුතු ටයිටේනියම් බෙල්ලන් ඇතුළු දෑ රැසක් සැකකරුවන් හය දෙනකු සමග අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 06 January 2026
බෙංගාල බොක්ක කැළඹිලි ස්වභාවයක් ගනී දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ ස්ථාපිතව පැවැති පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවයට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 06 January 2026
‘‘මා තවමත් වෙනිසියුලා ජනපති‘‘ මා තවමත් වෙනසියුලානු ජනාධිපති. මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාවන්ට මා නිවැරදිකරු යැයි ඇමෙරිකාව අත්අඩංගුවට ගත් වෙනසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ මැන්හැටන් ෆෙඩරල් අධිකරණ විනිසුරු ඇල්වින් හෙලර්ස්ටයින් ඉදිරියේ ප්‍රකාශ කළේය. 06 January 2026
එජාප නව උප සභාපති නවීන් එක්සත් ජාතික පක්ෂයේ උප සභාපතිවරයා ලෙස නවීන් දිසානායක මහතා පත් කර ඇතැයි පක්ෂ ආරංචි මාර්ග කියයි. 05 January 2026
ඉන්ධන මිල සංශෝධනය වේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) ඉන්ධන මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කරන බව නිවේදනය කර ඇත. 05 January 2026
සංචාරක හා විදේශ ප්‍රේෂණවලින් වාර්තා ගත ආදායමක් ශ්‍රී ලංකාව පසුගිය වසරේදී විදේශ ප්‍රේෂණ සහ සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් කෝටි 1100 ක ආදායමක් උපයා ගෙන ඇතැයි අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය. 05 January 2026
මධුරෝ පවුලේ ස්විට්සර්ලන්තයේ ඇති සියලු වත්කම් තහනම් කරයි බලයෙන් පහ කළ වෙනිසියුලා ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ සමීපතමයන් ස්විට්සර්ලන්තයේ පවත්වාගෙන යනු ලබන ඕනෑම වත්කමක් ’’වහාම ක්‍රියාත්මක වන පරිදි’’ අත්හිටුවීමට ස්විට්සර්ලන්ත රජය අද තීරණය කළ බව විදෙස් මාධ්‍ය පවසයි. 05 January 2026
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් සදහා සහභාගී වීමට පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම අද සවස දිවයිනට පැමිණියහ. 05 January 2026
‘‘සීෂෙල්ස් මුහුදේදී ගිනි තැබූ යාත්‍රාව ගැන කරුණු සොයනවා‘‘ සීෂෙල්ස් මුහුදේදී මෙරට බහුදින යාත්‍රාවක් ගිනිබත් කිරීමේ සිදුවීම සම්බන්ධව ඉදිරි කටයුතු සිදුකරමින් සිටින බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පසුගියදා ප්‍රකාශ කළේය. 05 January 2026
ජොන්ස්ටන් හා බාල පුතා රිමන්ඩ් සමූපකාර තොග වෙළෙ ඳ සංස්ථාවේ ලොරි රථයක් හා රියදුරෙකු පුතුන් දෙදෙනා අධ්යක්ෂ ධූරය හෙබ වූ පුද්ගලික සමාගමක එතනෝල් ප්‍රවාහනයට, රජයේ දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය හා රජයේ මුදල් අවභාවිතා කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු හා ඔහුගේ බාල පුත්‍රයා ලබන 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් කාංචනා එන් සිල්වා මහත්මිය අද (05) නියෝග කළාය. 05 January 2026
කොස්තාපල්ගෙන් අල්ලස් ගත් A.S.P - සාජන්වරිය අත්අඩංගුවට වෙල්ලාවේලි පොලිසියේ රාජකාරී කරන අවිවාහක පොලිස් කොස්තාපල්වරයකුට නිවසේ සිට රාජකාරියට පැමිණීම සදහා මඩකලපුව කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාගේ නිර්දේශ ලබාදීම සදහා ජංගම දුරකතනයක් හා රුපියල් 72,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන නුවරඑළිය සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සහකාර පොලිස් අධිකාරීවරයකු සහ කල්මුණේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ කාන්තා පොලිස් සැරයන්වරියක අද (5) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. 05 January 2026
කළුපාලම හදන්න ලොකු සටනක් දිට්වා සුළි කුණාටුවත් සමග ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුරට අසුව දැඩි ලෙස හානියට පත්වූ පේරාදෙණිය කළු පාලම යථා තත්වයට පත් කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව අදාළ රාජ්‍ය ආයතන රැසක් සමඟ එක්ව මේ දිනවල දිවා රාත්‍රී වෙහෙසි කටයුතු කරයි. 05 January 2026
ලෝකය පිළිගත් ආර්ථික ක්‍රමවේදය බිඳ වැටෙනවා දෙවවැනි ලෝක සංග්රාමයෙන් පසුව ලෝකය පිළිගත් ක්‍රමවේදය බිඳ වැටෙමින් පවතින බවත් ඇමරිකාව පවා තීරු බදු යුද්ධයකට යමින් ආරක්ෂණවාදයට නැඹුරු වී ඇති අතර චීනය තීරු බදු යුද්ධයට පෙර තියා සූදානමින් සිටි බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 05 January 2026
’’අගමැතිනිය අධ්‍යාපන අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතුයි’’ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව නිකුත් කෙරුණු 6 වැනි ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂය මොඩියුලය පිළිබඳ ගැටලුව ගැන සාධාරණ පරීක්ෂණය පැවැවීමට සහ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත වීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව මහා ජන හඩ නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් සඳහන් කර සිටිතී. 05 January 2026
සවි කරන්න ගිය නාම පුවරුව අධිබලැති රැහැනක ගැටිලා කොට්ටාව නගර මධ්‍යයේ පිහිටි ටයර් අලෙවි සලක නාම පුවරුවක් සවි කිරීමට ගිය සේවකයන් තිදෙනකු වැටී විදුලි සැර වැදී පිළිස්සුම් තුවා ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව කොට්ටාව පොලිසිය පවසයි. 05 January 2026
ගම්පහ කාර්යාල ගැටුමේ තීන්දුව පෙබරවාරි 2 ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් අතර ගම්පහ යක්කළ පාරේ පක්ෂ කාර්යාලයක් මුල් කොට ගනිමින් ඇතිවූ ගැටුමට හා සම්බන්ධ නඩුවේ තීන්දුව ලබන 2 වැනි දා ප්‍රකාශයට පත් කරන බව ගම්පහ අතිරේකක මහේත්‍රාත් ධම්මික උඩුවේ විධාන මහතා දැනුම් දුන්නේය. 05 January 2026
වැටුණු රට ගොඩ නඟන වැඩේට කෝටි 8518ක සාහායක් ආපදාවලට ලක්වූවන්ට සහාන සැලසීම සඳහා වූ අරමුදලට විවිධ රටවල් සහ විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් රුපියල් කෝටි 8518 ක පමණ සෘජු හා වක්‍ර සහායක් මේ වන විට ලැබී ඇතැයි අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසීය. 05 January 2026
සජිත්, මකුලෑවේ මහා නාහිමියන් බැහැ දකී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දහවල් මීරිගම මිනී ඔළුව විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයට ගොස් මකුලෑවේ විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක මාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය . 05 January 2026
බසයක බෝම්බයක් ඇතැයි නිර්නාමික ඇමතුමක් කොළඹ සිට මොරටුව දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක බෝම්බයක් ඇති බවට නිර්නාමික දුරකථන ඇමතුමක් ලබා දුන් පුද්ගලයකු සොයා විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පවසයි. 05 January 2026
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025