ඉරාකයේ රැඳී සිටි අවසන් ඇමෙරිකන් සෙබළු පිටවී යති ඉරාක යුද්ධය අවසන් වී, වසර 23 ක් තිස්සේ, ඉරාකයේ හමුදා කඳවුරුවල රැඳී සිටි ඇමෙරිකන් සෙබළුන් සියලු දෙනා ඉවත් කර ගැනීමට ඇමෙරිකාව පියවර ගෙන ඇත. 30 September 2026
පානදුරේ ව්‍යාපාරිකයකු පැහැර ගනී පානදුර ව්‍යාපාරිකයකු පැහැර ගෙන ගොස් පහරදී පානදුර මිනුවන්පිටිය සුසාන භූමිය ආසන්නයේ දමා ගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය ප්‍රකාශ කරයි. 30 September 2026
අයවැය නොවැම්බර් 12 2027 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම (අයවැය කථාව/අයවැය යෝජනා ඉදිරිපත් කිරීම) නොවැම්බර් 12 සිදු කිරීමටත් අනතුරුව නොවැම්බර් 13 සිට දෙසැම්බර් 14 දක්වා විවාදය පැවැත්වීමටත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. 30 September 2026
චීන තානාපති - සුව ඇමති හමු වෙයි ශ්‍රී ලංකාවේ නව චීන තානාපති වයි හුවාෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර හමුවක් ජනමාධ්‍ය අමාත්‍යංශයේදී පැවැත්විණි. 30 September 2026
නීතියකු සහ බිරිය ඝාතනයට යටියන ග්‍රාමසේවක අත්අඩංගුවට අකුරේගොඩ යුද හමුදා මූලස්ථානය අසලදී නීතිඥ බුද්ධික ගයාන් මල්ලවාරච්චි මහතා සහ ඔහුගේ බිරිය වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුට ව්‍යාජ හැඳුනුම්පතක් සකසා දීම සම්බන්ධයෙන් අත්තනගල්ල මීවල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය පවසයි. 30 September 2026
බද්දේගම ත්‍රිත්ව ඝාතනයට තවත් සැකකරුවෙක් දැලේ බද්දේගම ප්රවේශයේදී තිරෝධයකින් ගමන් කළ ’’කළු නෝනි’’ නැමති කාන්තාව ඇතුළු තිදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවකු අත්අඩංගුවට ගත්බව වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක බළකාය පවසයි. 30 September 2026
අගහිඟකම දරුවන්ට උසස් අධ්‍යාපනය අහිමි වෙලා උසස් පෙළ සමත් වන සිසුන්ගෙන් උසස් අධ්‍යාපනයට ප්‍රවේශ වන්නේ සියයට 15ක පමණ පිරිසක් බවත්, ඉතිරි පිරිසට අධ්‍යාපන අවස්ථා ලබාදීම රට හමුවේ ඇති ප්‍රධාන අභියෝගයක් බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළේය. 30 September 2026
ආර්ථිකය තර වෙද්දී :ජනගහන වර්ධනය අඩුවෙලා පසුගිය වසරේදී ශ්‍රී ලංකාව සියයට 5 ක ආර්ථික වර්ධනයක් ළඟාකර ගනිද්දී මෙරට ජනගහනය සියයට 0.7 කින් පහළ ගොස් ඇතැයි මහ බැංකුව පසුගියදා නිකුත් කළ ශ්‍රී ලංකාවේ 2026 සමාජ ආර්ථික දත්ත ප්‍රකාශන වාර්තාව පෙන්වා දෙයි. 30 September 2026
කෝටි අටක අයිස් කටුනායකින් අල්ලයි රුපියල් අට කෝටියක් වටිනා මෙතැම්පටමයින් හෙවත් ’’ අයිස් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් මගින් මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියකු අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි. 30 September 2026
ගම්පොළ - කොළඹ දුම්රිය දුවවන්න ලහිලහියේ වැඩ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් බරපතල ලෙස හානියට පත් වූ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට ගම්පොළ දක්වු වු කොටස දැඩි පරිශ්‍රමයක් යොදා මාස දහයකට පසු නැවත ඉදි කර පළමු දුම්රිය කොළඹ සිට පේරාදෙණිය හරහා ගම්පොළ දක්වා ධාවනය කරවීම සදහා මේ වන විට අවසන් අදියරේ ඉදිකිරීම් ලහි ලහියේ සිදු වෙමින් පවතී. 30 September 2026
තිදෙනෙක් මහපාරේ මරා දැමීම ආරක්ෂාවට තර්ජනයක් බද්දේගම ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමෙන් කාන්තාවන් දෙදෙනකු ඇතුලු තිදෙනකු මහපාරේ මරා දැමිම නීතිය හා සාමය සේම ජාතික ආරක්ෂාවට ප්‍රබල තර්ජනයක් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී පැවසීය. 30 September 2026
දරුවන්ගේ ෆොටෝ- වීඩියෝ ගැන ළමා කාන්තා අමාත්‍යංශයෙන් රතු එළියක් සමාජ මාධ්‍ය වෙත මුදාහැරෙන දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ සම්බන්ධයෙන් සැලකිළිමත් වන්නැයි කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 30 September 2026
පළාත් පාලන ආයතන ඩිජිටල්කරණයට අත ගසයි පළාත් පාලන ආයතනයකින් පුරවැසියන්ට ඉටු විය යුතු සමස්ත කාර්යභාරය හඳුනාගෙන, ඉන් ඩිජිටල් පද්ධතියට ඇතුළත් කළ හැකි සහ ඇතුළත් කළ නොහැකි සේවාවන් මොනවාදැයි වෙන්කර හඳුනා ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දුන්නේය. 30 September 2026
අයිස් සිද්ධිය:DIG රන්මල්ගෙන් සීඅයිඩිය ප්‍රශ්න කරයි මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගෙන් අද ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත. 30 September 2026
නඩු දෙකෙන්ම නිදහස්වීම ගැන සතුටු වෙනවා ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කර සාපරාදී විශ්වාසය කඩ කළ බවට චෝදනා ලබා සිට එම නඩුවෙන් නිදොස් කර නිදහස් වු පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා කොළඹ මහාධිකරණය ලබාදුන් තීන්දුවෙන් අනතුරුව මාධ්‍ය වෙත දළ අදහස් දක්වමින් මෙසේ පැවසීය. 29 September 2026
හිටපු ඇමැති පවුසිට වන්දි ගෙවන්න වෙයි ලංකාවේ ආපදා කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා නෙදර්ලන්ත රජය ලබා දී තිබූ සුඛෝප භෝගී වාහනයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා යොදාගැනීමෙන් හිටපු අමාත්‍ය ඒ. එචි. ඒම්. පවුසි මහතා සමාන ලෙස සැලකීමේ මූලික අයිතිවාසිකම සහ මහජන බාර මූලධර්මය කඩ කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට ඊට වන්දි වශයෙන් රුපියල් ලක්ෂ හැට හයක මුදලක් ඒකාබද්ධ අරමුදලට ගෙවන ලෙස නියෝග කළේය. 29 September 2026
ගල්අඟුරු ගනුදෙනු: හිටපු ඇමති ජයකොඩි එක්ක 18කට ‘වැරැදි’ පෙන්නයි ගල්අඟුරු ගනුදෙනුවලට අදාල යම් යම් වැරදි ක්‍රියාමාර්ගවලට සම්බන්ධ බවට ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව බලශක්ති හිටපු අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඇතුළු ප්‍රධානීන් 18 දෙනෙකුට අද (29) දැනුම්දී ඇත. 29 September 2026
කොබෙයිගනේ හිටපු සභාපති ඇතුළු පිරිසගේ දඬුවම් මහාධිකරණයේදීත් තහවුරුයි දැදුරුඔයේ වැලි ජාවාරමක නියැළෙමින් සිටි ජාවාරම්කරුවන් අත් අඩංගුවට ගැනීමට ගිය රස්නායකපුර පොලිසියේ එවකට හිටපු ස්ථානාධිපතිවරයාට බරපතල ලෙස පහරදී එක් ඇසක් අන්ද කර දත් 11 ක් කඩා දමා ඔහු මරා දැමීමට තැත් කිරීමේ චෝදනාවන්ට මීට පෙර වරදකරුවන් වූ කොබෙයිගනේ ප්‍රදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා සහ කොබෙයිගනේ විවිධ සේවා සමූපකාර සමිතියේ හිටපු සභාපතිවරයා ඇතුළු විත්තිකරුවන් විසි දෙකුට මීට පෙර අභියාචානාධිකරණය නියම කර තිබූ සක්‍රිය බරපතල වැඩ සහිත සිර දඬුවම් ය 29 September 2026
මීගමුව කාන්තා නියාමකවරියන්ට සිතාසි පොදු දේපලවලට අනර්ථයක් සිදු කිරීමේ චෝදනාව යටතේ නම් කළ මීගමුව කාන්තා බන්ධනාගාරයයේ රැඳවියන් 25 දෙනාගේ හඳුනා ගැනීමේ පෙරටුව සඳහා කාන්තා නියාමකවරියන්ට සිතාසි යොමු කරන ලෙස මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය රෙජිස්ට්‍රාර්ට අද නියෝග කළාය. 29 September 2026
වාණිජ බැංකු ණය සහ අත්තිකාරම් රුපියල් ට්‍රිලියන 9.49ක් දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු ලබාදී ඇති ණය සහ අත්තිකාරම් මුදලේ අගය පසුගිය වසර අවසානය වන විට රුපියල් ට්‍රිලියන 9.49ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, එය 2024 වසරේ පැවැති රුපියල් ට්‍රිලියන 7.74ට සාපේක්ෂව රුපියල් ට්‍රිලියන 1.76ක පමණ වැඩිවීමක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ දැක්වේ. 29 September 2026
කාටද දෙන්න ගෙනා ගිනි අවි හතරක් දෙමටගොඩින් අල්ලයි T 56 උණ්ඩ දමා වෙඩි තැබිය හැකි මෙරට නිෂ්පාදිත ටී කටස් වර්ගයේ පිස්තෝල අවි 4ක් සමග තරුණයකු දෙමටගොඩ, සිරිධම්ම මාවතේ විහාරස්ථානයක් අසලදී අත්අඩංගුවට ගත් පෑලියගොඩ උතුර අපරාධ කොට්ඨාසය සඳහන් කරයි. 29 September 2026
ඉන්ධන සහනය ඩීසල් වලට විතරයි ඉන්ධන සහනය දෙන්නේ ඩීසල් වලට පමණක් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 29 September 2026
22 ගැන අනාගත පාර්ලිමේන්තුවකට හිතන්න පුළුවන් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අනාගත පාර්ලිමේන්තුවකට යම්කිසි ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමේ හැකියාව තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 29 September 2026
බද්දේගමදී වෙඩි කෑ අනෙක් කතත් මරුට සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් බද්දේගම වව්ලුගල ප්‍රදේශයේදි ත්‍රි රෝද රථයකට වෙඩි තබා දෙදෙනකු ඝාතනය කිරිමේදි බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලැබූ කාන්තාව ද මියගිය බව ගාල්ල පොලිස් අධිකාරි කාර්යාලය පවසයි. 29 September 2026
ආඩම්බරකාර කාවන්තිස්ස දැන් යහපත් වනජීවි පශු වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර හේතුවෙන් රෝගී තත්වයේ සිටි කාවන්තිස්ස හස්තියාගේ සෞඛ්‍ය තත්වය යහපත් බව පුත්තලම හා කුරුණෑගල දිස්ත්‍රික් වනජීවි සහකාර අධ්යක්ෂ ප්‍රසන්ත එල්. විමලදාස මහතා පැවසිය. 29 September 2026
නව මෙට්‍රො බස් ධාවනය අරඹන්න ජනපතිත් යයි කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම මෙන්ම වඩාත් සුවපහසු සහ ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් සැපයීමේ අරමුණින්, බස්නාහිර පළාතේ මාර්ග 7ක් ඔස්සේ අලුතින් හඳුන්වා දුන් මෙට්‍රො බස් රථ 112ක් ධාවනයට එක් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් තලංගම මෙට්‍රො බස් ඩිපෝ පරිශ්‍රයේදී අද (29) සිදු කෙරිණි. 29 September 2026
ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් අත්අඩංගුවට ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් (විමර්ශන) නිශාන්ත මෝහන් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 29 September 2026
භාර ආඥාපනත සංශෝධනයට භාර ආඥාපනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 29 September 2026
TRC එකට සේවා ගුණාත්මකභාවය මනින පද්ධතියක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහා සංඛ්‍යාත කළමනා කරණ හා අධීක්ෂණ පද්ධතියක් සහ සේවා ගුණාත්මක භාවය හා පරිශීලක අත්දැකීම් ගුණාත්මකභාවය පිළිබඳ පද්ධතියක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 29 September 2026
ලංකාවේ ජල සම්පත සිතියම් ගත කරයි ශ්‍රී ලංකාවේ ජල සම්පත් නිමානය සහ නියාමනය සඳහා මූලික සිතියම් සකස් කිරීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 29 September 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026