
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
බත් කෑම අඩු කරන්නැයි ඇමති ලාල් කාන්ත කියූ කතාව නිවැරදි බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අමතමින් අද පැවසීය.
"එරංග ඇමතිතුමා බදු සහන ගැන කතා කළා. නමුත් ඔබලා මේ ප්රශ්නය හරියට තේරුම් අරගෙන වත් නැහැ.බත් කන ප්‍රමාණයෙන් තුනෙන් දෙකක් අඩු කරන ලෙස ලාල් කාන්ත රාජ්‍ය සේවකයන් පිරිසක් අමතන අවස්ථාවේ ප්‍රකාශ කර තිබුණා.මිනිස්සු එතුමාට හිනා වුණාට එතුමා කියූ කතාව සියයට සියයක් හරි.බත් කනවා වැඩියි. ඇත්තෙන්ම අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ ප්‍රෝටීන්.දවසකට ප්‍රෝටීන් ග්‍රෑම් 60 ක් විතර ගන්න ඕන.සාමාන්‍යයෙන් චිකන් බිත්තර මාළු වගේ දේවල් වලින් ප්‍රෝටීන් එන්නේ.
ආහාර වල බද්ධ ඉවත් කරනවා යැයි ඔබලා පොරොන්දු වුණා.චිකන් වලට සියයට 18ක වැට් එකකුත් ගහනවා. 2.5% ක සමාජ ආරක්ෂණ බද්දකුත් ගහනවා.කෘෂි නිෂ්පාදන වලට දේශීය අනුග්‍රහය දෙනවා යැයි පොරොන්දු වුණා.වසර පහකින් කෘෂි ව්‍යවසායකයන් 50000ක් හදනවා යැයි කිව්වා.
කුකුල් මස් වලට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන්නේ බඩ ඉරිඟු.ලංකාවෙන් බඩ ඉරිඟු ලැබෙන්නේ 50%ක විතර ප්‍රමාණයක්.ඉතිරි ඒවා රටින් ගේන්න ඕන.ඉස්සර බඩ ඉරිඟු බද්ද තිබුණේ කිලෝ ග්‍රෑමයකට රුපියල් 25යි. ඔයගොල්ලො ඇවිත් ඒක දෙගුණ කළා.ඒකට ලයිසන් ක්‍රමයකුත් පැනෙව්වා.එහෙමනම් ලාල්කාන්ත ඇමතිතුමා ප්‍රායෝගිකව තේරුම් ගත්ත ප්‍රෝටීන් ප්‍රශ්නෙට මේ අයවැයෙන් විසඳුමක් දුන්නාද? යනුවෙන් හර්ෂද සිල්වා මහතා ප්‍රශ්න කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd