කංජිපානිගේ ගෝලයන් කටුනායකට
කංජිපානි ඉම්රාන් නැමති මෙරට සුප්‍රකට මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකගේ මුල්‍ය අංශයේ කටයුතු භාරව ක්‍රියා කළ තොටිවිලගේ ධනුෂ්ක කෞශල්‍ය නොහොත් ’’ රත්මලානේ සයිමා ’’ සමග තවත් දෙදෙනෙකු , සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් මැලේසියාවේ දී අත් අඩංගුවට අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන පැමිණි බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි .