උ.පෙ හපනුන් ඇගැයීම උතුරින් ඇරැඹෙයි අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට දක්ෂතා දැක්වූ සිසුන් දිස්ත්‍රික් මට්ටමින් ඇගයීමට ලක් කිරීම සඳහා ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහනේ 2025 උසස් පෙළ විශිෂ්ටයින් ඇගයීමේ පළමු වැඩසටහන කිලිනොච්චියේදී පැවැත්විණි. 27 September 2026
සංචාරක දියුණුවෙන් ලංකාව ලෝකයේ දස වන තැනට ලෝක ආර්ථික සංසදය (World Economic Forum) නිකුත් කළ 2026 සංචාරක හා සංචාරක සංවර්ධන දර්ශකය (Travel & Tourism Development Index – TTDI) අනුව, 2024 සිට 2026 දක්වා සංචාරක සංවර්ධන දර්ශකයේ වැඩිම දියුණුවක් පෙන්නුම් කළ ලොව රටවල් 10 අතරට ශ්‍රී ලංකාව එක්ව තිබේ. 27 September 2026
බද්දේගම දී ත්‍රිරෝද රථයකට වෙඩි:දෙදෙනෙක්ට තුවාල මෝටර් රථයකින් ආ නාඳුනන වෙඩික්කරුවන් පිරිසක් බද්දේගම, හල්පතොට දී ත්‍රීවීල් රථයක් ඉලක්ක කර සිදු කළ වෙඩිතැබීමක් කාන්තාවක සහ ත්‍රිරෝද රථයේ රියැදුරා තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 27 September 2026
පොලිස් නිලධරුවන්ට වාහන සහකාර පොලිස් අධිකාරි තනතුරෙන් ඉහළ නිලධාරීන් 400 දෙනෙකුට විද්‍යුත් මෝටර් රථ හාරසීයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. 27 September 2026
දින 10ක දරුවා ගලක් හිරවී මැරිලා උගුරේ ගලක් හිරවී ලේගලමින් සිටි දින 10 ක බිළිදු දරියක් බදුල්ල මහරෝහලේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඌවපරණගම පොලිසිය පවසයි. 27 September 2026
සාපෙළ නැවත පරීක්ෂණ නිකුත් වේ 2025 වසරට අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇතැයි අධ්‍යාපන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 27 September 2026
හොරණ නිවෙසක් ගිනි ගෙන දැවේ හොරණ පොකුණුවිට සිරිමෙවන්ගම ප්‍රදේශයේ නිවසක් හදිසි ගින්නකින් මුළුමනින්ම පාහේ ගිනිගෙන විනාශ වී ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි. 27 September 2026
‘‘වහලයේ සවි කරන සූර්ය බලශක්ති පද්ධතිය ගැන බය වෙන්න එපා‘‘ වහල මත සවි කරන සූර්ය බලශක්ති පද්ධති සීමා කිරීමට රජය කිසිදු පියවරක් ගෙන නැතැයි බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසීය. 26 September 2026
වනාන්තර 20ක් රක්ෂිත බවට පත් කර ගැසට්ටුව අද නිකුත්වේ ’’වනස්පති’’ ජාතික වැඩසටහනට යටතේ තවත් වනාන්තර 20ක් රක්ෂිත ලෙස ගැසට්ටුවක් මගින් ප්‍රකාශයට පත් කිරීම පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරණි. 26 September 2026
බිමල්ගේ අයිඑම්එෆ් කතාවට සජිත්ගෙන් පිළිතුරක් ජනතා හිතවාදී ප්රගතිශීලී වැඩපිළිවෙළක් වෙනුවෙන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ලබන මාර්තු මාසයේදී නව ගිවිසුමකට යෑම අත්‍යවශ්‍ය කාරණයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 26 September 2026
වකුගඩු රෝහලේ පිපිරීමෙන් තුවාල ලැබූ අයෙක් මරු දකියි පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගේ සිදුවූ පිපිරීමෙන්තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් එක් සේවකයකු මිය ගොස් ඇතැයි පොලොන්නරුව පොලිසිය කියයි. 26 September 2026
තවත් ජලාශ දහයකට පාවෙන සූර්ය බලාගාර මෙරට තවත් ජලාශ දහයක පාවෙන සූර්ය බලාගාර (Flooting Solar Power Plants) පිහිටුවීමට කටයුතු කරන බව වරාය සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පැවසීය. 26 September 2026
සිවිල් භටයෝ 9000ක් නීති කඩා පිට වැඩ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව භටයන් 9760ක් අමාත්‍ය මණ්ඩල තීරණයට පටහැනිව වෙනත් බාහිර රාජකාරී කටයුතු සදහා යොදවා අැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සදහන් වේ. 26 September 2026
එල්නිනෝ ඉදිරි හැසිරීම එල්නිනෝ තත්වය ලබන වසරේ පෙබරවාරි මාසයෙන් පසු ක්‍රමානුකූලව පහව යනු ඇතැයි අලුත්ම පුරෝකතනය බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා ලංකාදීපයට පැවසීය. 26 September 2026
ගල්අඟුරු හිටපු සභාපති නැව් සංස්ථාවේ අධ්යක්ෂවරයෙක් ජනපති කොමිසම හමුවට ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජනාධිපති විශේෂ කොමිෂන් සභාව ලංකා ගල් අඟුරු සමාගමේ හිටපු සභාපතිවරයෙකු සහ ශ්‍රී ලංකා නැව් සංස්ථාවේ අධ්යක්ෂවරයකුගෙන්ද ප්‍රකාශ සටහන් කර ගත් බව ජනාධිපති කොමිෂන් සභාව පවසයි. 26 September 2026
කතානායකට සජබෙන් විශ්වාසභංගයක් : චෝදනා 46ක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත. 26 September 2026
ගල්අඟුරු කොමිසම හිටපු ඇමති සියඹලාපිටියගෙන් ප්‍රශ්න කරයි ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිෂන් සභාව හිටපු බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගෙන් පසුගිය 23 වැනිදා බදාදා ප්‍රකාශයක් සටහන් කරගත්තේය. 26 September 2026
හරක් කටාට මරණ තර්ජන: පියා මානව කොමිසමට යයි වැලිසර බන්ධනාගාරයේ රඳවා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ගේ ජීවිතයට හානි කර යම් යම් අපරාධවල සාක්ෂි වසන් කිරීමේ උත්සාහයක් පවතින හෙයින් ඔහුගේ ජීවිතය ආරක්ෂා කිරීමට පියවර ගන්නැයි හරක් කටාගේ පියා වන නෙල්සන් මර්වින් වික්‍රමරත්න ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කරමින් ඉල්ලීමක් කර ඇත. 26 September 2026
අපරාධ මඩින්න මැතිසබයට අලුත් නීති අපරාධ මැඩලීමට තවත් අණ පනත් ගණනාවක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් කරගෙන යන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. 26 September 2026
පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි වලින් 22 දිනුවා පාර්ලිමේන්තුවේ ඔළු ගෙඩි වලින් ආණ්ඩුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජයග්‍රහණය කර තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. 26 September 2026
22 ට කථානායක සහතිකය විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (25) සිය සහතිකය සටහන් කළේය. 26 September 2026
පොලොන්නරුව වකුගඩු රෝහලේ මුළුතැන්ගේ පිපිරීමක් පොලොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුලුතැන්ගේ තිබූ ගෑස් සිලින්ඩරය පුපුරා යාමෙන් එහි සේවකයන් හත් දෙනකු තුවාල පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලොන්නරුව පොලිසිය කියයි. 26 September 2026
බිනර පොහෝය අදයි බිනර පුර පසළොස්වක පොහොය දිනය අදට (26) යෙදී තිබේ. ඒ නිමිත්තෙන් රට පුරා වෙහෙර විහාරස්ථානවල විවිධ පිංකම් සංවිධානය කර ඇත. 26 September 2026
22 ඡන්දෙට මන්ත්‍රීන් තුනක් නෑ 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඡන්ද විමසීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනෙක් සහභාගී නොවූහ. 25 September 2026
22 තුනෙන් දෙකකින් සම්මතයි ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ සංශෝධන ඇතුළත් විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී අද (25) රාත්‍රී සම්මතවිය. 25 September 2026
ශිරන්ති ලංකාවට ආපු ගමන් FCID එනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය අක්ෂි ශල්‍යකර්මයක් සඳහා සිංගප්පූරුවට ගොස් සිටින හෙයින් එම කටයුතු නිමවා ලංකාවට පැමිණි වහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින බව ඇයගේ නීතිඥවරයෙකු එම කොට්ඨාශයට ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත. 25 September 2026
ආණ්ඩුව කිතුලට ගිය මිනිහා වගේ ආණ්ඩුව කිතුලට ගිය මිනිහා වගේ විසි දෙවැනි සංශෝධනය සාධාරණීකරණය කරන්නට උත්සාහ කරන බව මහනුවර දිස්ත්‍රික් මන්ත්රීනී නීතීඥ චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසුවාය පැවසුවාය. 25 September 2026
‘‘අපි ළඟදිම බැරියර් කඩාගෙන එනවා‘‘ අපි ළඟදීම දවසක බැරියර් කඩාගෙන එනවා යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. මන්ත්‍රීවරයා මේ බව කීවේ 22 වැනි ආණ්ඩුක්‍රම ඉවස්ථා සංශෝධන විවාදය අමතමිනි. 25 September 2026
වැරදි නිවැරදි කරන්න ආ අය පරණ වැරදි කරනවා තමුන්නාන්සේලා පත් කළේ රටේ වැරදි නිවැරදි කරන්න මිසක් පහුගිය කාලෙ සිදු වෙච්ච වැරදි නැවත කරන්න නොවේ යැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා:-(ස.ජ.බ) මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 25 September 2026
කාවන්තිස්සට වෙඩි වැදිලා නෑ ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සැරිසරමින් සිටි කාවන්තිස්ස ඇතාගේ දකුණු අතේ ඉහල කොටසේ තුවාලයක් ඇතැයි කාවන්තිස්සට ඊයේ (24) සිට ප්‍රතිකාර ආරම්භ කළ බව ගල්ගමුව වනජීවී කලාප කාර්යාලය කියයි 25 September 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026