වත්මන් ආර්ථික ස්ථාවරත්වය දිගුකාලීන ආර්ථික වර්ධනයක් දක්වා යා යුතුයි ශ්‍රී ලංකාව මේ වනවිට අත්කරගෙන ඇති ආර්ථික ස්ථාවරත්වය තිරසර ආයෝජන, ඉහළ ඵලදායිතාව සහ දිගුකාලීන ආර්ථික වර්ධනයක් බවට පරිවර්තනය කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළේය. 24 September 2026
ශ්‍රී ලංකාව චීනයේ හවුල්කරුවකු නොව විශ්වාසවන්ත මිතුරෙක් ආසියාවේ භූදේශපාලනික තත්ත්වය වෙනස් වෙමින් පවතින පසුබිමක ශ්‍රී ලංකාව චීනයේ හවුල්කරුවකු පමණක් නොව විශ්වාසවන්ත මිතුරකු සහ කලාපීය සහයෝගිතාවේ වැදගත් රටක් ලෙස චීනය සලකන බව ශ්‍රී ලංකාවේ නව චීන තානාපති වෙයි හුවාෂියැං මහතා ප්‍රකාශ කර තිබේ. 24 September 2026
ලංකාවේ සිනහවට අරාබි තානාපතිට හිත යයි ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) තානාපති කාලිඩ් නසර් අල් අමෙරි මහතා (Khaled Nasser Al Ameri) සහ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේදී සිදු විය. 24 September 2026
අයි.එම්.එෆ් සාකච්ඡා ගැන මුදල් නි,ඇමතිගෙන් ප්‍රකාශයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුදල් පහසුකම් වැඩසටහනේ 7 වැනි සමාලෝචනයට පූර්වගාමීව සිදු කෙරුණු තාක්ෂණික කමිටු සාකච්ඡා වටය අවසන් සාකච්ඡාව නොවේ යැයි මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා අවධාරණය කරයි. 24 September 2026
‘‘මැතිවරණයකදී සජබ-එජාප එකට තරඟ කරනවා‘‘ අනුර දිසානායක ජනාධිපතිවරයා මැතිවරණයක් පැවැත්වුවහොත් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය එක්ව තරඟ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පැවසීය. 24 September 2026
හෙට්ටිවිදියේදි පොලිසියට විරෝධයක් පිටකොටුව හෙට්ටිවිදිය රන් ආභරණ වෙළඳසලක සේවකයකුට මාලිගාවත්ත පොලිසියේ නිලධාරීන් පිරිසක් පහර දුන්නැයි කියන චෝදනාව සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි (01) ජය ශාන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී එෆ් යු වුට්ලර් මහතා පැවසීය. 24 September 2026
ක්‍රිෂ් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂකා ගීතාංජලී ජානකී රිමාන්ඩ් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට රුපියල් මිලියන 70 අල්ලසක් පිරිනැමුවේ යැයි අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ක්‍රිෂ් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂකා ගීතාංජලී ජානකී ද සොයිසා සිරිවර්ධන ලබන 06 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය. 24 September 2026
සිංගප්පූර් ගිය ශිරන්ති FCID අද ඇවිත් නෑ වෛද්‍ය පරීක්ෂණයකට යැයි පවසා සිංගප්පූරුව බලා ඉකුත් 19 වැනි දා පිටත්ව ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද පස්වරුව වන විටත් මෙරට පැමිණියේ නැතැයි ගුවන් තොටුපොල ආරංචි මාර්ග සඳහන් කරයි. 24 September 2026
AI තර්ජනවලින් බැංකුවලින් ගනු දෙනු කරුවන්ට උපදෙස් කෘත්‍රිම බුද්ධිය භාවිතා කරමින් බැංකුවල වෙබ් අඩවිවලට සමාන වෙබ් අඩවි නිර්මාණය කරමින් එල්ල කරන සයිබර් තර්ජන ඉහළ යෑම නිසා එම සයිබර් තර්ජනවලින් මිදීම සදහා බැංකුවල නිල ජංගම බැංකු යෙදවුම් වෙත පමණක් යොමුවන ලෙස බැංකු ක්ෂේත්රයේ ප්‍රවීණයෝ ජනතාවගෙන් ඉල්ලා සිටිති. 24 September 2026
රාවණා ඇල්ලේ ඉහළකොටසේ දී ඇල්ලට වැටී ඉතාලි ජාතික තරුණියක් මරුට ඇල්ල කිතල්ඇල්ලේ තිබෙන රාවණා දිය ඇල්ල නැරඹිමට පැමිණි ඉතාලි ජාතික තරුණියක ඇල්ලෙන් පහලට වැටි මියගොස් ඇති බව පොලිසිය කියයි. 24 September 2026
උතුරු නැගෙනහිර පවුල් ලක්ෂ එකමහාරක කතුන්ට පවුලේ බර පැටවිලා දිවයිනේ උතුරු හා නැගෙනහිර පළාත් දෙතේ මේ වන විට කාන්තා මූලික පවුල් 150 000 ක් පමණ සිටින බවත් උතුරු පළාතේ පමණක් කාන්තා මූලික පවුල් 67 000 ක් පමණ සිටින බවත් මුලතිව් දිස්ත්‍රික් ලේකම් ඒෙ. උමා මහේෂ්රන් මහතා ඉකුත්දා පැවසීය. 24 September 2026
දිස්ත්‍රික්ක 11ක කොට්ඨාස 51කට නාය නාය අනතුරු අඟවයි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තව දුරටත් ඇද හැළෙන අධික වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 11 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 51 කට නායයෑමේ අනතුරු ඇඟවිම ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කරන ලදදී 24 September 2026
නඩු ගොඩ ගැසීමේ පීඩාවෙන් ජනතාව මුදා ගන්නවා නඩු ගොඩ ගැසීමේ පීඩාවෙන් ජනතාව මුදා ගත යුතුව තිබෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 24 September 2026
ගසක් වැටී වතු නිවාස පේළීයක් සුනේ සුන් ඇද හැළෙන මහ වැසිත් සමග නාවලපිටිය බෝහිල් වතුයායේ වතු නිවාස පේළියක් මතට විශාල මාර ගසක් වැටීම නිසා වතු නිවාස 05 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී එහි සිටි තිදෙනකු තුවා ලබා ඇතැයි නාවලපිටිය පොලිසිය කියයි. 24 September 2026
නාමල්ට අල්ලස් දුන්නැයි ක්‍රිෂ් සමාගමේ අධ්‍යක්ෂිකා අත්අඩංගුවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට රුපියල් මිලියන 70 අල්ලසක් පිරිනැමුවේ යැයි කියන ක්‍රිෂ් පුද්ගලික සමාගමේ අධ්යක්ෂකාවක අත්අඩංගුවට ගත් බව අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාව කියයි. 24 September 2026
කොත්මලේ වාන් විවර කරයි ඉහල කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට අද (24) දින අලුයම සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවරු පැවසූහ. 24 September 2026
විසි දෙක වැරදියි: හොදටම දුෂ්ටයි අද මුළු ලෝකෙම විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වන්නේ එය වැරදි සහ දුෂ්ට නිසා යැයි සමගි ජන බලවේගයේ කලුතර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය. 24 September 2026
ආණ්ඩුවේ සාමූහික බව අබමල් රොනකින් අඩු වෙලා නෑ ආණ්ඩුවේ සාමූහිකත්ව අරමුණ අබමල් රේණුවකින්වත් හෙලවිලා නැතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 22 සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අමතමින් පැවසුවාය. 24 September 2026
‘‘සජබ රජයකින් 22 අහෝසි කරනවා‘‘ සමගි ජන බලවේග රජයක් යටතේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. 24 September 2026
22 ජනතාවට දුන් පොරොන්දුවක් ඉටු කිරීමක් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත කිරීම ජනතා පොරොන්දුවේ එක කොටසක් ඉටුකිරීමක් බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 24 September 2026
බුත්තල බස් දෙකක් ගැටී 15ක් තුවාල ලබති බුත්තල මොනරාගල මාර්ගයේ මහගොඩයාය ප්‍රදේශයේදී අද පෙරවරුවේ ලංගම බස් රථයක පිටුපස පුද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් ගැටීමෙන් 15 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 24 September 2026
ට්‍රම්ප්ගෙන් චීන ජනපතිට උණුසුම් පිළිගැනීමක් චීන ජනාධිපති ෂී ජින්පින් සහ බිරිඳ පෙන්ග් ලියුආන්, නිල සංචාරයක් සඳහා ඇමෙරිකාවට පැමිණියහ. චීන ජනාධිපතිවරයා සහ බිරිඳ රැගත් විශේෂ නිල ගුවන් යානය, ගොඩබෑවේ වොෂින්ටනයේ ඇන්ඩෲස් හමුදා කඳවුරටය. 24 September 2026
විසි දෙක විවාදය ඇරඹෙයි විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ආරම්භ කෙරිණි 24 September 2026
රිදී විහාරය සංචාරක ගමනාන්තයක් කරයි ඓතිහාසික කුරුණෑගල රිදී විහාරය සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීමේ යෝජනාව පිළිබඳ මූලික සාකච්ඡාවක් කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නාමල් සුදර්ශන සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණ. 24 September 2026
වැඩිමිලට වතුරු බෝතල් විකුණා ලක්ෂ පහක් දඩ කයි වැඩි මිලට පානීය ජල බෝතලයක් අලෙවි කල දඹුල්ල සංචාරක හෝටලයකට රුපියල් ලක්ෂ 5ක දඩයක් නියම කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 24 September 2026
නව මන්ත්‍රී හබීබ් රිෆාන් දිවුරුම් දෙයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් වාහිඩ් මහතා පසුගියදා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධූරයට හබීබ් රිෆාන් මහතා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දුන්නේය. 24 September 2026
මන්නකැති ඇල්ලේ තරුණයන් දෙදෙනකු ගසා යයි කිතුල්ගල, මහබාගේ ප්‍රදේශයේ මන්නකැති ඇල්ලේ දිය නෑමට ගිය හෝටල් සේවකයන් දෙදෙනකුගෙන් එක් අයකු මියගොස් තවත් අයකු අතුරුදන්ව ඇතැයි කිතුල්ගල පොලිසිය කියයි. 24 September 2026
පළාත් අටක ඉලෙට්‍රොනික් ආදයම් බලපත් නිකුත්තුව දින තුනක් නවතී පලාත් 8 ක වාහන ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාය හෙට (25) සිට ලබන සඳුදා (28) දක්වා තාවකාලිකව අත්හිටුවන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය නිවේදනය කරයි. 24 September 2026
සොයිසාපුර මහල් නිවාසයේ ගින්නෙන් අයෙක් මරුට:හතරක් රෝහලට මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ බී කොටසේ හටගත් හදිසි ගිනිගැනීමකින් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තවත් සිවුදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි. 24 September 2026
‘‘අසාධාරණ ලෙස භාණ්ඩ ගෙනා සමාගම් බදු ගෙවන්න පටන් අරන්‘‘ ව්‍යාජ සමාගම් පිහිටුවා කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිත පිටරට පැටවූ ජාවාරම්කරුවන් සමග එක්ව රේගුවට හොර රහසේ අඩු වටිනාකම් යොදා භාණ්ඩ ආනයනය කර රටට බදු ආදායම් අහිමි කළ ප්‍රසිද්ධ සමාගම් 21 හඳුනාගෙන ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ නීතිපතිවරයා පැවසීය. 24 September 2026
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026