දුරුතු පෙරහරේ උඩ මළුවේ පෙරහර විදී සංචාරය කරයි කැලණිය රාජමහා විහාරස්ථානයේ දුරුතු මහා පූජා මහෝත්සවයේ පළමු උඩ මළුවේ පෙරහර අද රාත්‍රී 830ට යෙදී තිබූ ශූභ මොහොතින් විදී සංචාරය කිරීම ආරම්භ විය. 08 January 2026
විදේශිකයාගේ බෑගය ඉස්සූ කුලී රථ රියැදුරා මාට්ටු මෙරට සංචාරයක් සඳහා පැමිණි කුවේට් ජාතික විශ්‍රාමික පොලිස් නිලධාරියකුගේ රුපියල් ලක්ෂ 13 කට ආසන්න වටිනා මුදල් අඩංගු කුඩා බෑගය සොරාගත් කුලී රථ රියදුරා දින 12 කට පසු අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය කියයි. 08 January 2026
දැදුරුඔය වාන් දොරටු අරී පවතින වැසි තත්වය හේතුවෙන් අද (08) සවස දැදුරුඔය ජලාශයේ වාන් දොරටු අටෙන් දෙකක් අඩි 02 බැගින් විවෘත කර ඇතැයි ජලාශය බාර වාරි ඉංජිනේරු කාර්යාලය කියයි. 08 January 2026
උඩදුම්බර පොළොව සෙලවෙයි මහනුවර ,උඩදුම්බර ප්‍රදේශයේ දේවහන්දිය ගම්මානයට අද (08) පස්වරු 5.05ට පමණ සුළු භූ චලනයක් සිදුව ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය කියයි. 08 January 2026
මීටියාගොඩ වත්තකින් ගිනි අවි සහ කුඩු මතුවේ මීටියාගොඩ වේරගොඩ හරන්නාගල පාරේ ඉඩමක සඟවා තිබු ගිනි අවි උණ්ඩ සහ මත්කුඩු සොයාගත් බව ගෝනහේන පොලිස් විශේෂ බළකා කඳවුරේ නිලධාරීහු පවසති. 08 January 2026
ප්‍රා.ලේගේ විවාහ සහතිකය ගැන විමර්ශනයක් රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක දැනට සේවය කරන ප්‍රාදේශීය ලේකම්වරියක ඇගේ විවාහය සම්බන්ධයෙන් කූඨ ලේඛන සකස් කර ඇති බවට පැමිණිල්ලක් ලැබුණු බව පොලිසිය කියයි. 08 January 2026
බූස්ස බන්ධනාගාර නියාමකවරු සිවු දෙනෙක් අත්අඩංගුවට බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සහකාර බන්ධනාගාර අධිකාරිවරයාට රැඳවියන් දෙදෙනකු පහරදිමේ සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි කියන චෝදනාවට බූස්ස බන්ධනාගාරයේ නියාමකවරුන් හතර දෙනකු අත්අඩංගුවට ගත් බව රත්ගම පොලිසිය කියයි. 08 January 2026
‘‘හයේ ඉංග්‍රීසි පොතේ වැරැද්ද ගැන විමර්ශනයක් කරනවා‘‘ දරුවන්ගේ අධ්‍යාපනය රැක ගැනීම හා අධ්‍යාපන ක්‍රමය දියුණු කිරීම වෙනුවෙන් වත්මන් රජය කැපවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරීනී අමරසූරිය මෙනවිය අස්ගිරි,මල්වතු මහා නාහිමිවරුන් හමුවේ පැවැසුවාය. 08 January 2026
ඇගළුම් කර්මාන්තශාලාවක ගබඩාවක ගින්නක් නවගමුව ප්‍රදේශයේ ඇගළුම් කර්මාන්ත ශාලාවක ගබඩාවක් තිබූ ගොඩනැගිල්ලක ඇති වූ ගින්නක් නිසාවෙන් එම ගොඩනැගිල්ල ඇතුලත සම්පූර්ණයෙන් ම විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසයි. 08 January 2026
ඕස්ට්‍රේලියාවට තාප තරංග අවදානමක් ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවලට හෙට (9) තාප තරංගවලින් බලපෑම් එල්ල වනු බලපානු ඇතැයි අපේකෂා කරන බවත්, ඇතැම් ප්‍රදේශ විනාශකාරී ළැව්ගිනි හටගැනීමට ඉඩ ඇති බවත් එරට කාලගුණ විද්‍යා කාර්යාංශය පුරෝකතනය කර ඇත. 08 January 2026
’’මෙරට සියයට 35ක් හොර මත්වතුර බොනවා’’ මෙරට සමස්ත මත්පැන් භාවිතා කරන්නන්ගෙන් සියයට තිස් හතක් පමණ නීති විරෝධී මත්පැන් භාවිතයට ගන්නා බව නවතම සමීක්ෂණවලින් තහවුරී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂණවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා කොළඹදී ඊයේ (7) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය 08 January 2026
වරෙන්තුකරුවෝ 284ක් අත්අඩංගුවට අපරාධ හා මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ රටම එකට ජාතික මෙහෙයුම යටතේ ඊයේ (7) සිදුකළ පොලිස් මෙහෙයුම්වලින් වරෙන්තුකරුවන් 284 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. 08 January 2026
බස්-වෑන් ගැටීමෙන් 4ක් රෝහලට කරුවලගස්වැව තබ්බෝව තාවකාලික යකඩ පාලම මතදී බස් රථයක් හා වෑන් රථයක් මුහුණට මුහුණ ගැටිමේන් සිදුවු මාරක අනතුරකින් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇති බව කරුවලගස්වැව පොලිසිය කියයි. 08 January 2026
මිනුවන්ගොඩ මී උණ රෝගීන් 18ක්: 1මරණයක් මිනුවන්ගොඩ කොට්ඨාසයේ ගංවතුරට යටවූ ප්‍රදේශවලින් මී උණ රෝගීන් 18 දෙනෙකු සහ එක් රෝගී මරණයක් වාර්තා වී ඇතැයි මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය දයාන් සමරසේකර මහතා පවසයි . 08 January 2026
මත් ද්‍රව්‍ය සමඟ ජාවාරම්කරු දැලේ හැඳ සිටි සරමේ රහස් සාක්කුවක සඟවා බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයට මත්ද්‍රව්‍ය රැගෙන යමින් සිටි ජාවාරම්කරුවෙකු රුපියල් ලක්ෂ 20 කට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය සඳහන් කරයි. 08 January 2026
සිර මැදිරියේ ඉබ්බා කපා සැකකරු පැන ගිහින් හෙරොයින් සන්තකයේ තබා ගැනීමේ වරදට අත්අඩංගුවට ගෙන තංගල්ල පොලිස් සිර මැදිරියේ රැදවුම් නියෝග මත රඳවා සිටි සැකකරුවෙකු සිර මැදිරියේ ඉබ්බා කපා අත්අඩංගුවෙන් පැනයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් තංගල්ල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව තංගල්ල සහකාර පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. 08 January 2026
ලොරියක් මුහුදුබඩ දුම්රිය නවත්වයි අම්බලන්ගොඩ නගරය ආසන්නයේදී මුහුදුබඩ දුම්රිය මාර්ගයට ඉතාමත් ආසන්න ලෙස බඩු පටවාගත් ලොරියක් හරස්වීමෙන් මේවන විට එම මාර්ගයේ දුම්රිය ධාවනය මුළුමනින්ම ඇනහිට තිබේ. 08 January 2026
පීඩන අවපාතය නැගෙනහිර වෙරළ දෙසට ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය ඊයේ රාත්‍රී 11.30 පමණ විට විට පොතුවිල් සිට කිලෝ මිටර් 490ක් ගිනිකොන දෙසින් ,අක්ෂාංශ 5.3°N සහ දේශාංශ 86.0°E ආසන්නයේ කේන්ද්‍රගතව පැවැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි 08 January 2026
ඉරාන පාලනය වෙනස් කරන්න ඇමෙරිකාව මාන බලනවා වෙනිසියුලාවේ මදුරෝ පාලනය පෙරළා දැමීමෙන් පසු ඉරානයේ පාලන තන්ත්රය වෙනස් කිරීම සඳහා ඇමෙරිකාව සූදානමින් සිටින බවත්, ඊශ්‍රායපය ඒ පසුපස සිටින බවත් විදෙස් දේශපාලන විශ්ලේෂකයෝ පවසති. 08 January 2026
වෙනිසියුලාවේ මාධ්‍යවේදීන් 14 ක් අත්අඩංගුවට ඇමෙරිකා හමුදා, වෙනිසියුලාවේ කැරැකස් අගනුවරට පහර දී, ජනාධිපති නිකලස් මදුරෝ සහ බිරිඳ අත්අඩංගුවට ගෙන, ඇමෙරිකාවට රැගෙන යෑමෙන් පසු වෙනිසියුලාව දිනෙන් දින අර්බුද රැසකට මුහුණ දෙමින් සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. 08 January 2026
ඩෙන්මාර්කයට නේටෝ රටවල සහාය ග්‍රීන්ලන්තය අයිති ග්‍රීන්ලන්ත වැසියන්ට බවත්, ග්‍රීන්ලන්තයේ අනාගතය තීරණය කළ යුත්තේ ද ග්‍රීන්ලන්ත වැසියන්ට බවත් නේටෝවට අයත් බටහිර රටවල් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පවසා ඇත. 08 January 2026
ඉන්ධන නැව අල්ලා ගත්තාට රුසියාවෙන් ඇමෙරිකාවට විරෝධය රුසියානු ධජය යටතේ යාත්‍රා කළ මරිනෙරා නම් ඉන්ධන ප්‍රවාහන නෞකාව උතුරු අත්ලාන්තික් මුහුදේදී ඇමෙරිකානු හමුදා සිය භාරයට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 07 January 2026
ගාල්ල නගර සභාවට නව ලේකම්වරියක් ගාල්ල මහ නගර සභාවේ නව ලේකම්වරිය ලෙස විමංසි තීක්ෂණ චන්ද්‍රලාල් මහත්මිය අද වැඩ බාර ගත්තාය. 07 January 2026
වෙනිසියුලා තෙල් ඇමෙරිකාව මිලට ගනී ඇමෙරිකාව සම්බාධක පැනවීම හේතුවෙන් විකුණා ගැනීමට නොහැකි වූ බොරතෙල් බැරල් ලක්ෂ 30ත් 50ත් අතර ප්‍රමාණයක් වෙනිසියුලාව ඇමෙරිකාවට බාර දෙනු ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේය. 07 January 2026
සෙව්වන්දිගේ මුහුණු පරීක්ෂණයට අවසර ඉල්ලයි පාතාල කල්ලි සාමාජික ගනේමුල්ලේ සංජීව අධිකරණ විත්ති කූඩුවේදී වෙඩි තබා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දී රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර මුහුණු පරීක්ෂණයක් සිදු කිරීමට අවසර දෙන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාසය අද (7) ඉල්ලා සිටියේය. 07 January 2026
රිය අනතුරින් අයෙක් මරුට : අයෙක් රෝහලට කොළඹ, මහනුවර මාර්ගයේ මාවනැල්ල අංවාරම ප්‍රදේශයේදී අද (7) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් එක් අයකු මරණයට පත්වී තවත් අයෙකු රෝහල්ගත කර ඇති බව මාවනැල්ල පොලිසිය පවසයි . 07 January 2026
වෙනිසියුලා නව ජනපතිගෙන් ට්‍රම්ප්ට උත්තරයක් වෙනිසියුලාව කිසිවකුටත් යටත් නොවන බවත් වෙනිසියුලාව පාලනය කරනු ලබන්නේ වෙනිසියුලානු රජය බවත් වෙනිසියුලානු අන්තර්වාර ජනාධිපති ඩෙල්සි රොඩ්රිගස් මහත්මිය එරට රාජ්‍ය රූපවාහිනී නාලිකාව ඔස්සේ ජනතාව අමතමින් ප්‍රකාශ කළාය. 07 January 2026
අද හෙට මුහුදු නොයන්නැයි දැනුම් දෙයි ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුද ප්‍රදේශයේ ස්ථාපිතව පැවැති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී පොතුවිල් සිට කිලෝ මීටර් 700ක් ගිනිකොණ දෙසින් අක්ෂාංශ 4.9°N සහ දේශාංශ 87.4°E ආසන්නයේ කේන්ද්‍ර ගතව ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 07 January 2026
වසර දෙකකට පසු ඩොලරය ටිකක් උඩ යයි ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් ප්‍රකාශයට පත් කරන ලද දර්ශකීය USD/LKR ස්ථානීය අනුපාතය 2024 පෙබරවාරි 29 වන දිනෙන් පසු ප්‍රථම වතාවට රු. 310 මට්ටම ඉක්මවා ගියේය. 07 January 2026
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025