
(සුජිත් හේවාජුලිගේ)
රට පුරා රෝහල්වල ඉදිරි වසර තුනේදී ඇති වනු ඇතැයි අපේක්ෂා කරන වෛද්‍ය පුරප්පාඩු 7000 ප්‍රමාද නොකර පිරවීමට දැනටමත් සියලු ක්‍රියාමාර්ග ගෙන අැතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
මේ අතර සෞඛ්‍ය කාර්ය මණ්ඩල පුලුල් සංශෝධනයට කටයුතු කරගෙන යන බවත් එ් සදහා හැම සෞඛ්‍ය ආයතනයකින්ම සියලු තොරතුරු ලබාගෙන ඇති බවත් අමාත්‍යවරයා කීය.
මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ දෙපාර්තමේන්තුවද පළාත් මට්ටමින් සංචාරය කර රෝහල්වල අඩුපාඩු හඳුනාගත් බව ඔහු කීවේය
සෞඛ්‍ය අමාත්‍යාංශය විද්‍යානුකූල පදනමක් යටතේ සකස් කරන ලද මෙම කාර්ය මණ්ඩල සංශෝධනය මුදල් අමාත්‍යංශයේ කළමනාකරණ දෙපාර්තමේන්තුවට දැනටමත් යොමු කර ඇති බවත් දෙසැම්බර් මාසයේදී ඒ සඳහා අනුමැතිය ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා කීය.
ඉදිරියේදී විශේෂඥ ෙෙවදයවරැන් වැඩි වශයෙන් අවශ්‍ය කවර ක්ෂේත්‍ර දැයි හදුනා ගෙන අැතැයි ඔහු පැවසීය.
දිවයිනේ සියලු රෝහල් අැතුලු ෙෙවද්‍ය මධ්‍යස්ථාන ලබාදෙන වෛද්‍ය ප්‍රතිකාර විවිධාංගිකකරණය කර ඇති බවත් රෝහල් පද්ධතිය මගින් රෝගීන්ට උපරිම පහසුකම් සැලසීමට පියවර ගෙන අැති බවත් නලින්ද ජයතිස්ස මහතා කීය
රටේ ඖෂධ හිඟය පවතින්නේ සියයට පහකට වඩා අඩු ප්‍රතිශතයකින් බව කී අමාත්‍යවරයා හිඟ ඖෂධ ප්‍රමාණයට විකල්ප ඖෂධ භාවිත කරන බවද සදහන් කළේය.
මෙම හිඟ ඖෂධ මිලදී ගැනීමට ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර ඇති බවත් මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟද සාකච්ඡා කර ඇති බ්වත් අමාත්‍යවරයා කීය.
මුදල් අමාත්‍යාංශය සෞඛ්‍ය අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමග මේ සදහා ත්‍රයිපාර්ශවික ගිවිසුමක් අත්සන් කර අැතැයිද ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd