

(සුජිත් හේවාජුලිගේ)
දිවයිනේ ප්‍රධාන නගර 05ක වායු ගුණාත්මකභාවය අද දිනයේත් පහළ ගොස් ඇත.
මධ්‍යම පරිසර අධිකාරිය අද (19) අලුයම නිකුත් කළ දත්ත අනුව වායු ගුණාත්මක දර්ශකය අඩුම නගරය වන්නේ යාපනයයි.
එම අගය 166 කි .
කොළඹ, හලාවත, අනුරාධපුර, ත්‍රිකුණාමලය සහ කිලිනොච්චි නගරවල වායු ගුණාත්මකභාවයද පහළ අගයක පවතින බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයිග
එය සෞඛ්‍යය අහිතකර තත්වයක් බව කියන අධිකාරිය මේ හේතුවෙන් අවදානම් කාණ්ඩවල පුද්ගලයින් මුව ආවරණ පැළදීම සුදුසු බව, දැනුම් දෙයි.
බෙංගාල බොක්ක ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය සමග ඇතිවන සුළං ප්‍රවාහය මෙම තත්ත්වයට හේතුව බව අධිකාරිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd