‘ ආණ්ඩුවට විරුද්ධව කතා කළොත් උඩින් ගිය ඉබ්බාට වුණ දේ වෙනවා‘ භික්ෂූන් වහන්සේලාට හා රණවිරුවන්ට සිදුවන හිරිහැර ,බාධක පිළිබඳව පාර්ලිමේන්තුවේ දී හෝ ප්‍රධාන ස්ථාන වලදී කතා කිරීමට ආණ්ඩු පක්ෂයේ සිටින අයෙකු නිසා තමන්ට හැකියාවක් නොමැති බව ග්‍රාමීය ආර්ථික සංවර්ධන හා ධීවර අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා දඹුල්ලේදී පැවසීය. 27 June 2018
එකම විශේෂඥ වෛද්‍යවරයා වැඩිපුර ඉන්නේ ගුවන් යානයේ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ රුධිර පාරවිලයනය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් සිව් දෙනෙකු සිටිය යුතු නමුත් වසර 12 ක් තිස්සේ එහි සිටින්නේ එකම විශේෂඥ වෛද්‍යවරයකු පමණකැයි එහි ආරංචි මාර්ග සඳහන් කරයි. 27 June 2018
ඇමෙරිකාවේ රෝහලක පිපිරීමකින් අයෙක් මරුට ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ රෝහලක සිදුවු පිපිරීමකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. බොහෝ දෙනා පිළිස්සුම් තුවාල සහිතව රෝහල් ගත කර ඇත. 27 June 2018
ව්‍යාපාරවල පහසුවට අභ්‍යන්තර ගුවන් ගමන් දිවයිනේ අභ්‍යන්තර ගුවන් ගමන් ව්‍යාපාර සඳහා රජය විසින් පහසුකම් සපයාදීම ආරම්භ කර ඇති හෙයින් එය රටේ ආර්ථිකය දිරිගන්වන වැඩපිළිවෙලක් බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (27) වැලිසරදී පැවසීය. 27 June 2018
තොරතුරක් ඇත්නම් දැනුම් දෙන්න ලෙබනනයේ හා ජෝර්දානයේ රැකියා සදහා පිටත්ව ගොස් සිටියදී කිසිදු තොරතුරක් නොමැති කාන්තාවන් දෙදෙනෙකු පිළිබද තොරතුරක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි. 27 June 2018
සහකාර විදුහල්පති ශ්‍රේණිය සමත් ගුරුවරියක් නොදැන කළ වරදක් අන්සතු කෙඩ්‍රිට් කාඩ්පතක් භාවිතා කරමින් රුපියල් 10,000 ක භාණ්ඩ මිලදී ගත් සහකාර විදුහල්පති ශ්‍රේණිය සමත් ගුරුවරියකට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉන්දික අත්තනායක මහතා ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ඊයේ (26) නියෝග කළේය. 27 June 2018
රට පුරා පොසොන් දන්සල් 4397 ක් මෙවර පොසොන් සතිය නිමිත්තෙන් දිවයින පුරා පොසොන් ආහාර දන්සල් 4397ක් පැවැත්වෙන බව සමස්ත ලංකා මහජන සෞඛ්‍යය පරීක්ෂකවරැන්ගේ සංගමයේ ලේකම් මහේන්ද බාලසුරිය මහතා පවසයි. 27 June 2018
එස්.එෆ් බණ්ඩා ඝාතනයේ සැකකරුවන් හඳුනාගැනේ මීට දෙවසරකට පෙර තිරප්පනේ සෙලෙස්තිමඩුවේදී එස් එෆ් බංඩා හෙවත් ටී එම් සරත් බංඩාර නැමැත්තා ඇතුළු තිදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන සැකකරුවන් අනාවරණය කර ගැනීමට හැකි වූ බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ. 27 June 2018
ජාත්‍යන්තර වෙළෙඳ පොළට ප්‍රවේශ වීමෙන් වේගවත් ආර්ථික වර්ධනයක් අත් කර ගත හැකියි මිලියන 22ක කුඩා වෙළෙඳපොළක් තුළ වේගවත් ආර්ථික වර්ධන වේගයක් ලබාගත නොහැකි බවත් ඒ සඳහා විශාල වෙළෙඳපොළවලට පිවිසිය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (26) පැවැසීය. 26 June 2018
විනය හේතු මත ඉවත් කළ විදුහල්පතිවරුන් දෙපළ යළි පාසලට විනය හේතු මත කොළඹ ප්‍රධාන පෙළේ පාසලකින් ඉවත් කරන ලද විදුහල්පතිවරුන් දෙදෙනකු යළිත් පාසලට ගෙන්වා අද (26) එම විදුහල්පතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් මාපිය වන්දනා වැඩසටහනක් පැවැත්වීමේ සිදුවීමක් වාර්තා වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ආරංචි මාර්ග කියයි. 26 June 2018
උපාධිධාරීන් 4800 කට රජයේ රැකියා උපාධීධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ වැඩපිළිවෙල යටතේ පළමු අදියර ලෙස උපාධිධාරීන් 4800 දෙනෙකු බඳවා ගැනීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (26) පැවැති කැබිනට් රැස්වීමේ දී මෙම තීරණය ගෙන තිබේ. 26 June 2018
සංවර්ධන යෝජනා ගැන සොයන්න අගමැති අනුකමිටුවක් අමාත්‍යංශවල දැනට හිරවී ඇති සංවර්ධන යෝජනා පිළිබඳව සොයා බලා කඩිනම් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අගමැති අනු කමිටුවක් පත් කර ඇතැයි වාර්තා වේ.ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (26) පැවති කැබිනට් රැස්වීමේ දී මෙම කමිටුව පත්කර ඇත. 26 June 2018
කැබිනට් රැස්වීමේදී මත ගැටුමක් ආපදාවට ලක්වූවන්ට වන්දි ලබාදීම සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන සහ ආපදා කළමනාකරණ ඇමති දුමින්ද දිසානයක යන මහහත්වරුන් අතර අද (26) පැවැති කැබිනට් රැස්වීමේදී මත ගැටුමක් ඇති වු බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 26 June 2018
වල්ලපට්ටා තොගයක් කටුනායකදී අත්අඩංගුවට වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (26) කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය. 26 June 2018
පොලිස් නිලධාරීන් රෝහල් ගත කිරීමට ඉදිරිපත් වූ 9ක් පොලිස්පතිගේ ඇගයීමට පාතාල කල්ලි සාමාජිකයින් හා පොලිසිය අතර ඇතිවූ වෙඩි හුවමාරුවේදී තුවාල ලැබූ පොලිස් නිලධාරීන් රෝහල් ගත කිරීමට ඉදිරිපත් වූ සිවිල් වැසියන් 9 දෙනෙකු ඇගයීම සඳහා රුපියල් පනස් දහස බැගින් මුදල් ත්‍යාග පිරිනැමීම පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) සිදු කෙරිණි. 26 June 2018
වෛද්‍යවරියකට මරණ තර්ජන කළ පුද්ගලයෙකු අත්අඩංගුවට කල්පිටිය - ආලංකුඩාව මධ්‍යම බෙහෙත් ශාලාවේ බාහිර රෝගී අංශයේ රෝගීන්ට ප්‍රතිකාර කරමින් සිටි ගැබිණි වෛද්‍යවරියකට මරණ තර්ජන එල්ල කළේ යැයි පුද්ගලයෙකු නොරොච්චෝල පොලිසිය විසින් අද (26) අත්අඩංගුවට ගෙන තිබේ. 26 June 2018
රාජපක්ෂ නාමය නොමැතිව ඒකාබද්ධයට ගමනක් යාමට නොහැකි දැයි විමසයි රාජපක්ෂ නාමය නොමැතිව ඒකාබද්ධ විපක්ෂයට ගමනක් යාමට නොහැකි දැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු එහි ජ්‍යෙෂ්ඨයන්ගෙන් විමසා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මහතා පැවසීය. 26 June 2018
බදු ගෙවන්නන්ට උපදෙස් ලබාදීමේ සේවාවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ගෙවන්නන්ට උපදෙස් ලබාදීම සඳහා සේවාවන් ආරම්භකර තිබෙන අතර ඒ සඳහා රුපියල් 25000ක මුදලක් අය කෙරෙන බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩී .එම්.එල්.අයි දිසානායක මහතා පැවසීය. 26 June 2018
අමරපුර මහා නිකායේ සිරි සුමන පාර්ශ්වයේ මහ නායක ධූරය කොලොන්නාවේ සිරි සුමංගල හිමියන්ට පන්නිපිටිය ශ්‍රී දෙව්රම් මහා විහාරාධිපති, ආචාර්ය කොලොන්නාවේ ශ්‍රී සුමංගල හිමියෝ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ සිරි සුමන පාර්ශ්වයේ මහා නායක පදවියට සඳහා පත්කරනු ලැබ තිබේ. 26 June 2018
භික්ෂුව දේශපාලන පලිහක් වෙලා බලලෝභී දේශපාලකයන්ගේ පලිහක් බවට භික්ෂුව පත්වීම කනගාටුවට කරුණකැයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ ලේඛකාධිකාරී මහාචාර්ය අත්තන්ගනේ රතනපාල හිමියෝ පවසති. 26 June 2018
පළාත් සභා මැතිවරණය ගැන විවාදයක් ලබන මස 4 වැනිදා පළාත් සභා මැතිවරණය පිළිබඳ විශේෂ පාර්ලිමේන්තු විවාදයක් ලබන මස 4 වැනිදා දවස පුරා පැවැත්වීමට පාර්ලිමේන්තු පක්ෂ නායකයින් තීරණය කර ඇත. 26 June 2018
තැපැල් වර්ජනය මැදියම් රැයෙන් අවසන් තැපැල් සේවක වර්ජනය අද (26) මධ්‍යම රාත්‍රීයේ සිට අවසන් කෙරේ 26 June 2018
පොලිස්පතිගෙන් මියගිය සැරයන්ගේ පවුලට වන්දියක් කොල්ලකරුවන්ගේ වෙඩි ප්‍රහාරයෙන් මියගිය මාතර පොලීසියේ සැරයන් සුරංග ප්‍රදීප් වීරසිංහ මහතාගේ සේවය අගය කර ඔහුගේ බිරිඳ හා දරු දෙදෙනාට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (26) රුපියල් විසි පන් ලක්ෂ හැට දහසක වන්දි මුදලක් පිරි නැමීය. 26 June 2018
ත්‍රස්තවාදී ලේබල් ගසා ප්රගීත්ගේ පරීක්ෂණ නොමඟ යැවීමට උත්සහ කරනවා ප්‍රගීත් එක්නැලිගොඩ මහතා එල්.ටී.ටී.ඊ යට හෝ වෙනත් කිසිම ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධව නොසිටි බවට ත්‍රිවිධ හමුදාපතිවරුන්, ආරක්ෂක අංශ මෙන්ම ඔහුගේ අතුරුදන්වීම සම්බන්ධව පරීක්ෂණ පැවැත්වූ සියලූ අංශ 26 June 2018
කොල්ලයෙන් තුවාල ලැබු කොස්තාපල් බලන්න පොලිස්පති රෝහලට මාතර නගරයේ ස්වර්ණාභරණ ආයතනයක් කොල්ල කෑමට පැමිණි කොල්ලකරුවන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සක්තාර ඒකකයේ ප්‍රතිකාර ලබන සැරයන් සුගතපාලගේ සහ පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින කොස්තාපල් වසන්ත පුෂ්පකුමාර යන අයගේ සුවදුක් බැලීමට අද (26) පොලිස්පතිවරයා එම රෝහල් වෙත ගියේය. 26 June 2018
’දළදා හාමුදුරුවා් ළඟ පාෙරොන්දු දෙන කෙනකුට ජනාධිපතිවරණයේ දී සහය දෙනවා’ භික්ෂුන් වහන්සේලා විසින් මේ වනවිට සකස් කරමින් සිටින ප්‍රතිපත්ති ප්රකාශනය පිළිගන්නා බව දළදා හිමියන් ඉදිරිපිට දී එම ප්රකාශනයට අත තබා පොරොන්දු වන අපේක්ෂකයකුට 2020 ජනාධිපතිවරණයේ දී සහය දෙන බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ. 26 June 2018
ඉන්ෆ්ලුවන්සාව නිසා උදුගොඩ රාජසිංහ විද්‍යාලයේ 1 ශ්‍රේණිය වසා දමයි කෑගල්ල , උදුගොඩ , කනන්ගමුව රාජසිංහ මහා විද්‍යාලයේ සිසුන් තිදෙනෙකුට ඉන්ෆ්ලුවන්සා (ඒ) වෛරස් උණරෝගය වැළඳී ඇති බව තහවුරු වීමත් සමඟ එම විදුහලේ පළමු ශ්‍රේණිය අද (26) වසා දැමීමට පියවර ගෙන තිබිණි. 26 June 2018
එළවලු ගිනි ගණන් කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල එළවලූ මිල ගණන් මේ දිනවල ඉහළ ගොස් ඇතැයි පාරිභොගිකයෝ චෝදනා කරති. 26 June 2018
‘මා සිරගත කිරීමේ වගකීම මුළුමනින්ම ආණ්ඩුව බාරගත යුතුයි‘ තමන් සිරගත කිරිමේ වගකීම අනිවාර්යයෙන් ආණ්ඩුව භාරගත යුතු යැයි ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ. 26 June 2018
ඇවන්ට්ගාඩ් නඩුව ජූලි 25 දාට කල්යයි ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමට කටයුතු සළසා දීම සඳහා රුපියල් ලක්ෂ 355ක මුදලක් තුටු පඩුරක් ලෙස පිරිනැමීමෙන් හා එම මුදල ලබා ගැනීමෙන් අල්ලස් පණතේ දුෂණය නමැති වරද සිදු කළැයි චෝදනා ලැබ සිටින ‘‘ඇවන්ට් ගාඩ්’’ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට සහ විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහත්වරුන්ට එරෙහි නඩුව ලබන ජුලි මස 25 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා අද (26) නියම කළේය. 26 June 2018
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026