(දිල්රුක්ෂි ග්‍රේරු)
කොහුවල සහ ගැටඹේ මංසන්ධි ආශ්‍රිතව නව ගුවන් පාලම් ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
කොහුවල සහ ගැටඹේ මංසන්ධි ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස මෙම ගුවන් පාලම් ඉදි කිරීමට යෝජනාවී තිබේ.
හංගේරියානු රජයේ අරමුදල් සහාය සහිතව මෙම ඉදිකිරීම් සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීමටත් ණය ගිවිසුම්වලට එළඹීටත් තීරණය වී ඇති අතර, ගුවන් පාලම් සැලසුම් කිරීම සහ ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි හංගේරියාවේ සීමාසහිත Betonutepito පොදු සමාගම වෙත යුරෝ මිලියන 52ක මුදලකට පිරිනැමීමටත් මෙහිදී අනුමැතිය හිමිව ඇත.
මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අනුමැතිය හිමි වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැටඹේ ගැන නම් මට අදහසක් නැහැ නමුත් කොහුවල ට නම් එකක් දුන්නොත් පින් සිද්ද වෙනවා ( අනිත් තැන තමයි බොරලැස්ගමුව )
මහරගමට ගුවන් පාලමක් දෙන්න බැරිද?