(ඩයනා උදයංගනී)
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් කිසිවෙකුත් සහභාගී නොවීමට තීරණයක් ගෙන ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පැවසීය.
මෙම තේරීම් කාරක සභාව ප්‍රශ්නයට විසදුමක් ලෙස පත්කළ එකක් නොව ප්රශ්නය යටගැසීමේ උත්සාහයක් බව පෙනී යන නිසා මෙම තීරණය ගත් බවද මහලේකම්වරයා කීවේය.
එබැවින් පාර්ලිමේන්තුවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 96 දෙනාගෙන් කිසිවෙකුත් මෙයට සහභාගී නොවන බව හෙතෙම සදහන් කළේය.
මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

( ඡායාරූපය- රොමේෂ් ධනුෂ්ක සිල්වා )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්ජනය යනු ප්‍රශ්න වලට විසදීමක් නොවේ. ප්‍රශ්න දික්ගැස්සිමක් පමණි.
රිෂාඩ් බදියුදීන් පළමුවෙන් ඇමතිකම් දැරුවේ සංධානයේ රජය යටතේ කියලයි මතක. සිංහලයන්ගේ බඩගෝස්තරවාදී දේශපාලනයට අනුව බෙදී සිටීම නිසා සුලු ජාතීන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා. මෙම තීරණයෙන් වෙන්නේත් නියපොත්තෙන් කඩන්න පුලුවන්දේ පොරවෙන් කපන්න ඉඩහැරීමක්
මෙතෙනට යන්නේ නැ කියන්නේ ඔයාල ජාතිවාදී වෙලා කියන තේරුම අපි ගන්නේ
තේරීම් කාරක සභාවක් ඉල්ලුවේ මෙයාලමයි. සහභාගී වෙන්න බැහැ කියන්නෙත් මෙයාලමයි. හතර බීරි කතා.