( ජයන්ත සමරකෝන් )
සිරදඬුවම් විඳින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අද ( 23) ජනාධිපති විශේෂ සමාව හිමි වන බවට ලත් ආරංචිය මත පාර්ලිමේන්තු මන්ත්රීවරයකු ඇතුළු පිරිසක් අද (23) වැලිකඩ බන්ධනාගාර රෝහලවෙත පැමිණ තිබේ.
පාර්ලිමේන්තු මන්ත්රී තිලංග සුමතිපාල මහතා උදෑසන ඥානසාර හිමියන් හමුවී සාකච්ඡාවක් පවත්වා ඇත.
ඒ සමඟම බන්ධනාගාර කොමසාරිස් ජනරාල්ජේ. ඩබ්ලිව් තෙන්නකෝන් මහතාද වැලිකඩ බන්ධනාගාර රෝහලට ගොස් ඥාන සාරහිමියන් හමු වී ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග පවසයි.
එමෙන්ම බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමි ඇතුළු පිරිසක්ද මේ වන විට බන්ධනාගාර රෝහලට ගොස් සිටිති.
ඥානසාර හිමිට නිදහස ලැබෙන පුවත සැලවීමත් සමඟ ඥානසාරහිමියන්ගේ මව ද පැමිණ ඇතැයි දැනගන්නට ඇත.
අද(23) දහවල් වන විට ඥානසාරහිමි බන්ධනාගාර රෝහලෙන් බන්ධනාගාරයට රැගෙන යාමට නියමිත අතර එහිදී එහිදී උන්වහන්සේ නිදහස් කිරීමට නියමිත බවද ඒ සඳහා බන්ධනාගාරය සඳහා පිටත්ව යාමට මේ වන විට ඥානසාරහිමියන් සුදානම් බවද බන්ධනාගාර ආංචි මාර්ග සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරිසේන උසාවියට අපහාස කරන්න වගේ හදන්නේ...
ගලගොඩ අත්තේ හිමියන් සිරගත කළ වර්තමාන රජය සිංහල බෞද්ධ විරෝධී සහ ඉතිහාසයේ පහළ වූ දුර්දාන්තම ආණ්ඩුව.... හිමියනි, මොවුන් පලවා හැර, රටට හිතැති රජයක් පත් කර ගන්නට පෙරමුණ ගනු මැනවි.
හාමුදුරුවනේ ඔබ වහන්සේව මුණගැහෙන්න එන දේශපාලකයන්ගෙන් ඈත්වෙන්න..... ජාතිය ආගම වෙනුවෙන් කැපවෙන්න......
ආයෙමත් දේශපාලු සාක්කුවේ වැටෙන්නද? රෑ වැටුන වලේ දවලුත් වැටුනොත්? අහෝ බුදු දහමට ගිය කල?
එහෙම නං අපේ හාමුදුරුවන්ට අබ සරණයි.
කරුණාකර පෙරහැරවල් වගේ දේවල් නොකරන්න. ස්වාමීන් වහන්සේ නිදහස් වුණානේ... පන්සලට වඩම්වාගෙන ගොස් සරලව මල් පහන් පත්තු කරලා අවසන් කරන්න. මේක රථ පෙරහැරවල් යන්න සුදුසු කාලයක් නොවෙන බව සිහිතබාගන්න. පෙරහැරවල් පැවැත්වුවොත් පොලිසියෙන් එය නතර කළයුතුයි..
ඉදිරි මැතිවරණ වලදී ඡන්දය දෙන්නේ මුන් වහන්සේ නිදහස් කරපු අයටද, පෝලිමේ ගිනින් මුණ ගැහෙන අයටද නැත්නම් උන්වහන්සේ කියන අයටද ?
අසාද් සාලි, රාඝවන්, තිලංග ඇවිත් සාකච්ඡා කරේ මොනවද එතකොට? හාමුදුරුවන් එක්ක ඩීල් එකක්ද මේකත්...
තිලංග....? කපෝතියි...