පෞද්ගලික බස් රථයක් නවතා තිබූ කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් බස් රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් 19 දෙනෙකු තුවාල ලබා රෝහල් කළ බව රක්වාන පොලිසිය කියයි.
අනතුරට පත් බස් රථයේ පිරිස මාතර හක්මන ප‍්‍රදේශයේ පදිංචි සිට අවිස්සාවේල්ල ප‍්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගි වී නැවත මාතර ප‍්‍රදේශය දක්වා යමින් සිටියදී ගොඩකවෙල ගලහිටියේදී මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලැබූ පිරිස ගොඩකවෙල දිසා රෝහලට ඇතුලත් කර තිබේ. එම තුවාලකරුවන් අතරින් කාන්තාවක් හා පිරිමි පුද්ගලයන් පස් දෙනෙකු වැඩිදුර ප‍්‍රතිකාර සදහා කහවත්ත මූලික රෝහල වෙත මාරුකර යවා ඇති බව පොලිසිය කියයි.
මේ වනවිට ගොඩකවෙල දිසා රෝහලේ කාන්තාවන් එකොළොස් දෙනෙකු හා පිරිමි පුද්ගලයන් දෙනෙක් ප‍්‍රතිකාර ලබන බවත් ඒ අතර කුඩා ගැහැණු දරුවන් තිදෙනෙකු සිටින බව පොලිසිය කියයි.
තම රෝහලේ ප‍්‍රතිකාර ලබන තුවාල කරුවන් සියලු දෙනාම සුළු තුවාල සහිත අයවලුන් බවත් වෛද්‍ය පරීක්‍ෂණ කටයුතු කීපයක් සිදු කිරීම සදහා තුවාලකරුවන් හය දෙනෙකු කහවත්ත මූලික රෝහලට යොමු කළ බව රෝහල් ප‍්‍රකාශකයෙක් පැවැසීය.
රත්නපුර දෙස සිට පැමිණි බස් රථය නවතා තිබුණු කන්ටේනර් රථයේ පිටුපස ගැටීමත් සමග එම කන්ටේනර් රථය ඉදිරියේ නවතා තිබුණු තවත් කන්ටේනර් රථයක ගැටී නතර වී තිබුණු බව පොලිසිය කියයි.
වාහන අමතර කොටස් තොගයක් රැගත් කන්ටේනර් රථයක් ගලහිටිය ප‍්‍රදේශයේ කාර්මික දෝශයක් හේතුවෙන් නවතා තිබී ඇත. රත්නපුර දෙස සිට ඇඹිලිපිටිය දෙසට වෙනත් කන්ටේනර් රථයක් පැමින එම කන්ටේනර් රථය පිටුපස නතරකර තිබුණු අවස්ථාවක ඊයේ රාත්‍රියේ එම අනතුර සිදු වී ඇති බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෑට පාරේ යන බොහොමයක ත්‍රී ව්හීල්, බස් , කොන්ටනේර් ,ලොරි බයිසිකල් වල පිටුපස ඇති ටේල් ලයිට් නැත , පොලිසියෙන් මේ ගැන ක්‍රියාමාර්ග ගන්නේ ද නැත. වෙන රට වලනම් වසරකට සැරයක් ලයිසන් අලුත් කිරීමට පෙර වාහන පරීක්ෂාවකින් වාහනයේ සියලුම අඩු පාඩු , සිග්නල් ලයිට් ,ටේල් ලයිට් ,ඇතුළු දා පරික්ෂාවකට ලක් කරනවා ලංකාවේ එහෙම වෙන්නේ නැත්තේ මොකද ? .ඇත්තටම පොලිසියෙන් බැලිය යුත්තේ මෙවැනි දේවල්.
මේ මංගල උත්සව වලට සහභාගී වෙච්ච වාහනම මෙච්චර හැප්පෙන්නේ මොකද? භූත දෝෂයක්ද? නැත්නම්..?
මංගල උත්සවයක් නිසා පොඩ්ඩක් අරගෙන එලවන්න ඇති. එතකොට ඉදිරියේ ඇති වාහන පෙන්නේ නැහැ. නැත්නම් වේගය පාලනය කරගන්න බැරිවෙන්න ඇති.
මෙවැනි කාලකන්නි රියදුරන් ලෝකයේ වෙන කිසිම රටක නැහැ. කිසිම වගකීමක් නැතිව මහා වැඩ කාරයෝ වගේ වාහනය අතට ගත්තම පාරේ හැසිරෙන්නේ. මේ කිසිවකුට හරියාකාර දඬුවම් නැති නිසා දිනෙන් දින අනතුරු වැඩිවෙනවා..
බස්කාරයින් ගැන නම් කතා කරලා වැඩක් නෑ. බලපත්‍ර සහිත මිනීමරුවන් තමයි...