සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටී මුම්බායි නුවර 5 ක් මරුට ඉන්දියාවේ මුම්බායි නුවර ජනාකීර්ණ පෙදෙසකට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් පස් දෙනකු පමණ මියගොස් ඇති බව වාර්තා වේ. 28 June 2018
‘හිටපු ඇමති රවීගේ චෝදනා සනාථ කරන කරුණු කිසිවක් නෑ‘ - මහ බැංකු අධිපති ශ්‍රී ලංකා මහා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට විරුද්ධව හිටපු මුදල් ඇමති රවි කරුණානයක මහතා මධ්‍ය මගින් නගන චෝදනා සනාථ කෙරෙන කරුණු කිසිවක් ඉදිරීපත් කර නැතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 28 June 2018
නිතර නාය යෑමේ ස්ථාන අවම කරන්න මිලියන 200 ක් නිතර නාය යෑමට ලක්වන රත්නපුර, මාතර,නුවර සහ ගාල්ල දිස්ත්‍රික්කවල නාය යෑම වළක්වා ගැනීම සඳහා නාය ස්ථාවර කිරීමට ආපදා කළමනාකරණ අමාත්‍යංශය මගින් රුපියල් ලක්ෂ දෙදහසක ප්‍රතිපාදන වෙන් කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ භු විද්‍යාඥ ලක්සිරි ඉන්ද්‍රතිලක මහතා පවසයි. 28 June 2018
කුවේටයේ ලක් සිරකරුවන්ගේ දඬුවම ලංකාවේදී ගෙවන ක්‍රමයක් ඉල්ලයි කුවේට් රාජ්‍යයේ සිටින ශ්‍රි ලංකීක සිරකරුවන් 151 දෙනකු ඔවුන්ට ඉතිරිව ඇති සිර දඬුවම් කාලය ශ්‍රි ලංකාවේදී ගත කිරීමට විදේශ කටයුතු අමාත්‍යංශය මාර්ගයෙන් අධිකරණ අමාත්‍යංශය ඉල්ලිමක් කර ඇත. 28 June 2018
ළමාරක්ෂක දේශපාලන පත්වීම් ගැන ඔම්බුඩ්ස්මන්ගෙන් විමර්ශනයක් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරී තනතුරට විධිමත් සම්මුඛ පරීක්ෂණයක් මගින් තෝරාගත් සුදුසුකම්ලාභීන් සිටියදී දේශපාලන ලැයිස්තුවකට පත්වීම් ලබාදීමට යාම ගැන පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා හෙවත් ඔම්බුඞ්ස්මන්වරයාට පැමිණිල්ලක් කර ඇත. 28 June 2018
ඇමෙරිකා පුරවැසිකම අත්හරින්නැයි අකිලගෙන් ගෝඨාට අභියෝගයක් දේශප්‍රේමය ගැන කතා කරන ගෝඨාභය රාජපක්ෂ මහතා සැබෑවටම රටට ආදරය කරන්නේනම් ඇමරිකානු පුරවැසිභාවයෙන් ඉවත්වන ලෙසට තමන් අභියෝග කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. 28 June 2018
ප්‍රසන්නට රණතුංගට එරෙහි නඩුව සැප්තැම්බරයට කල් යයි කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක පදිංචිව සිටි පවුල් 24ක් එම ඉඩමෙන් ඉවත් කොට ඉඩම විකිණීමට ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් කෝටි 6 1/2 කට ආසන්න මුදලක් බලහත්කාරයෙන් ලබා ගත් බවට බස්නාහිර පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා , ඔහුගේ බිරිඳ ඇතුළු තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන සැප්තැම්බර් 13,14 සහ ඔක්තෝම්බර් 04 වැනි දිනවලදී වැඩිදුර විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය අද නියම කළාය. 28 June 2018
මැතිවරණ කොමිසමේ වියදම කෝටි 24කින් වැඩි වෙලා ජාතික මැතිවරණ කොමිසමේ වාර්ෂික වියදම ගිය වසරේදී රුපියල් කෝටි 24 කින් වැඩිවී ඇත. 28 June 2018
විශේෂඥ වෛද්‍යවරයා රටගියේ 15 වරක් පමණයි ජාතික රුධිර මධ්‍යස්ථානයේ රුධිර පරවිලයනය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා පසුගිය වසර 5 ඇතුළත විදේශගත වූයේ 15 වතාවක් පමණක් බවත් එම වසර පහ ඇතුළත 80 වරක් විදේශ ගතවී ඇතැයි යන ප්‍රවෘත්තිය අසත්‍ය බවත් ජාතික රුධිර මධ්‍යස්ථානයේ රුධිර පරවිලයන ඒකකය කියා සිටී. 28 June 2018
කොතලාවල සංශෝධිත පනතට කතානායක අත්සන් තබයි සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුයුක්ත කිරීමට අවෂ්‍ය විධිවීධාන සැලසීම සඳහා පාර්ලිමේන්තුවේදී සම්මත කරුණු ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය (විශේෂ විධිවීධාන) පනත් කෙටුම්පතට කතානායක කරු ජයසුරිය මහතා අද (28) උදේ අත්සන් තැබීය. 28 June 2018
ගුරුවරු නැතැයි මාපියෝ දරුවන් පාසල් එවීම නතර කරති මැදිරිගිරිය අධ්‍යාපන කොට්ඨාසයේ මහ අඹගස්වැව ශි‍්‍ර රාහුල කණිෂ්ට විද්‍යාලයේ වසර දෙකක සිට පවතින ගුරු පුරප්පාඩුව නිසා තම දරුවන්ගේ ඉගෙනුමට බාධාවක් සිදුව ඇතැයි පවසමින් මව්පියෝ අද (28) සිය දරුවන් පාසලට නොයවා පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුහ. 28 June 2018
පොහොර තොගයක් සාවද්‍ය පරිහරණය කළාට අවුරුදු තුනක් හිරේ සිමාසහිත පොහොර සංස්ථාවට අයත් රුපියල් 367500 ක් වටිනා පොහොර තොගයක් සාවද්‍ය පරිහරණය කිරීමට තැත් කිරිමේ චෝදනාවට වරදකරු වු කන්ටේනර් රථ රියදුරෙකුට කොළඹ මහා අධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වසර තුනක බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කළේය. 28 June 2018
ඡන්දය කල් නොදාන්න‘යි මැතිවරණ කොමසාරිස් කතානායකගෙන් ඉල්ලයි පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් නොදමන ලෙසත් එම මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නීතිමය පදනම හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවෙන් සකසා දෙන ලෙසත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කතානායක කරු ජයසුරිය මහතාගෙන් අද (28) විශේෂ ඉල්ලිමක් කළේය. 28 June 2018
ගුවන් මගීන් වෙනුවෙන් සඟරා ගන්න කැබිනට් අනුමැතිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානාවල ගමන් ගන්නා මගීන්ගේ විනෝදාස්වාදය සඳහා භාවිතා කළ හැකි පහසුකම් පිළිබඳ පත්‍රිකා සහ විස්තරාත්මක තොරතුරු ඇතුළත් සඟරා සැපයීම සඳහා විදෙස් සමාගමක් වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 5.92ක කොන්ත්‍රාත්තුවක් (ප්‍රසම්පාදනයක්) ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. 28 June 2018
මිය ගිය දැරියට සාධාරණයක් ඉල්ලා යාපනයේ උද්ඝෝෂණයක් යාපනය සුලිපුරම්හිදී ඝාතතය කැරුණු දැරියගේ පරීක්ෂණ කටයුතු ගැන සෑහීමකට පත් විය නොහැකි බව කියමින් ප්‍රදේශවාසීහු සහ පාසල් සිසුහු පිරිසක් යාපනය වඩුක්කොඩයි සිත්තංකේනි මන්සන්ධියේදී අද (28) උදෑසන විරෝධතාවක් පැවැත්වූහ. 28 June 2018
කරාපිටිය රෝහලේ නවතා තිබු ළමා සැත්කම් යළි අරඹයි ඉන්ෆ්ලුවෙන්සා උණ රෝගින්ගෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාරක ඒකකය පසුගිය කාලයේ දි පිරිගොස් තිබු නිසා තාවකාලිකව නතරකොට තිබු හදිසි නොවන ළමා සැත්කම් යළි ආරම්භකර ඇති බැව් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතා පැවසීය. 28 June 2018
විදුහල්පතිට වන්දි ගෙවන්න උතුරුමැද මහ ඇමැතිට නියෝග උතුරු මැද පළාත් මහ ඇමති පේෂල ජයරත්න මහතා විසින් අනුරාධපුර නිවන්තකචේතිය මහා විද්‍යාලයේ පැවති උත්සවයකදී තමන්ව බුලත් අතක් දී නොපිළිගැනීම නිසා එම විදුහල්පතිවරයාට බැන වැදී , තර්ජනය කර ස්ථාන මාරු කිරීමෙන් එම විදුහල්පතිවරයා ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට වන්දි ලෙස රුපියල් ලක්ෂ දෙකහමාරක් එම විදුහල්පතිවරයාට ගෙවන ලෙසද අධිකරණය උතුරුමැද පළාත් මහ ඇමතිවරයාට අද (28) නියෝග කළේය. 28 June 2018
ඇවන්ගාඩ් අවි ගබඩා බාරකරු-මෙහෙයුම් කළමනාකරු යළි රිමාන්ඩ් ගාල්ල වරාය ආසන්නයේ ඇවන්ගාඩ් නෞකාවේ නිති විරෝධි ආයුධ ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින අවි ගබඩාවේ බාරකරු සහ මෙහෙයුම් කළමනාකරු තව දුරටත් ලබන මස 12 දක්වා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ නිශාන්ත පිරිස් මහතා අද (28))නියෝග කළේය. 28 June 2018
‘බිග් බෑඩ් වුල්ෆ්‘ පොත් සල්පිල අද සිට ලොව සුප්‍රකට පොත් සල්පිලක් වන ‘බිග් බෑඞ් වුල්ෆ්’ පොත් අලෙවිසැල අද (28) ආරම්භ විය. 28 June 2018
කොන්ක්‍රීට් විදුලි කණු නැගීමට නව පාවහන් යුගළක් කොන්ක්‍රීට් විදුලි කණු නැගීමේ පහසුව සදහා නව පාවහන් යුගළක් නිර්මාණය කිරිමට ලංකා විදුලිය බල මණ්ඩලයේ, හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ විදුලි ඉංජිනේරු නිමල් සමරකොන් මහතා සමත්ව තිබේ. 28 June 2018
‘ආවා‘ කල්ලියේ පහරදීමකින් ‘රොක්‘ කල්ලියේ දෙන්නෙක් රෝහලේ යාපනය මාණිප්පායි ප්‍රදේශයේදී අද (28) අලුයම නිවසකට කඩා වැදුණු පිරිසකගේ පහරදීමෙන් දෙදෙනෙකු තුවාල ලබා රෝහලගත කළ බවට මාණිප්පායි පොලීසිය පවසයි. 28 June 2018
ලක්ෂ 47 ක මත්ද්‍රව්‍ය සමඟ ලාංකිකයෙක් ගුවන්තොටේදී අත්අඩංගුවට රුපියල් ලක්ෂ 47 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් චෙන්නායි සිට නීතිවිරෝධී ලෙස රැගෙන පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (28) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. 28 June 2018
ලෝක සාම දර්ශකයට අනුව ලංකාව දෙවැනියට 2018 ලෝක සාම දර්ශකයට අනුව දකුණු ආසියාවේ සාමය අතින් දෙවැනි ස්ථානයට පත් රට ශ්‍රි ලංකාව වන අතර පළමු ස්ථානය භූතානයට හිමි වී තිබේ. 27 June 2018
මැ.කො හෙට කතානායකවරයා හමුවෙයි පළාත් සභා මැතිවරණය ඉක්මනින් පැවැත්වීමට අවශ්‍ය නීතිමය පසුබිම පාර්ලිමේන්තුවෙන් සලසා දෙන්නැයි ඉල්ලීමට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හෙට (28) කතානායක කරු ජයසූරිය මහතා හමුවේ. 27 June 2018
බුදු දහමේ හර පද්ධතීන් ආරක්ෂා කරගෙන ඉදිරියට යෑම අපේ වගකීමක් උතුම් බුදු දහමේ හර පද්ධතීන් ආරක්ෂා කරමින් ජන ජීවිත දියුණු කරමින් ඉදිරියට යෑමේ යුගයේ සුවිශේෂී වගකීමක් සහ අභියෝගයක් අප සියලු දෙනා හමුවේ ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (27) පස්වරුවේ පැවැසීය. 27 June 2018
තන්තිරිමලේ දරුවන්ට ලංකාදීප ශිෂ්‍යත්ව විජය පුවත්පත් සමාගම මඟින් පහළොස්වැනි වරටත් සංවිධානය කළ ලංකාදීප පොසොන් ආලෝක පූජාවෙන් ඓතිහාසික තන්තිරිමලේ රජමහා විහාරස්ථානය අද (27) ඒකාලෝක විය. 27 June 2018
වැරැදි වලට හසු වු 37 කගේ නම් ඡන්ද නාම ලේඛනයෙන් ඉවතට ජාතික මැතිවරණ කොමිසම විවිධ වැරදිවලට හසුවු 37 දෙනකුගේ නම් ඡන්ද හිමි නාම ලේඛනයෙන් ඉවත් කර ඇත. 27 June 2018
වසර තුනකදී ලාංකිකයන් 35,000ට ද්විත්ව පුරවැසිභාවය විදේශ රටවල පුරවැසිභාවය ගෙන සිටි ශ්‍රි ලාංකිකයන් 35,000 කට පමණ රජය පසුගිය වසර තුනේදී ද්විත්ව පුරවැසිභාවය දී ඇත. 27 June 2018
කඩුවකින් පහර කෑ සිසුවා රෝහලේ පොසොන් පොහෝ දින පා පැදි වලින් දන්සැල් වැඳිමට ගිය 18 හැවිරිදි පාසල් සිසුවෙකුට තවත් සිසුන් දෙදෙනකු එල්ල කළ කඩුව ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබු සිසුවා රෝහල්ගත කර ඇතැයි බව වැලිපැන්න පොලීසිය පවසයි. 27 June 2018
මහින්දෝදය විද්‍යාගාරවල පරිගණක 57,000 ක් විනාශයි රජයේ පාසල්වල මහින්දෝදය විද්‍යාගාරවල පරිගණක 57,000 ක් පමණ තිබෙන බවත් එවා නිවැරදි ලෙස නඩත්තු නොකිරීම නිසා ඉන් විශාල ප්‍රමාණයක් කැඩීගොස් ඇති බවත් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා කැබිනට් රැස්වීමේදි ප්‍රකාශ කර ඇත. 27 June 2018
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026