(ඩයනා උදයංගනී)

ජනපති විශේෂ සමාව යටතේ නිදහස ලැබූ ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අද (24) දහවල් දානය සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතාගේ නිවසට වැඩම කළහ.
 
මෙහිදී උන්වහන්සේ සිය ඉදිරි කටයුතු පිළිබදව මන්ත‍්‍රීවරයා සමග සාකච්ඡාවකද නිරත වූහ.
 
බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියන් ඇතුළු භික්‍ෂූන් වහන්සේ පිරිසක් ද මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.