(මනෝජ් හර්ෂික)
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත අද (25) කැඳවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
2014-2015 කාලය තුළ ලංකා සතොස ආයතනයට සහල් මෙට්‍රික් ටොන් 257000ක් ගෙන්වීමේදී සිදුවූ අක්රමිකතාවයන් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අමාත්‍යවරයා කැඳවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
පැය 6ක පමණ කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අද (25) සවස 4.30ට පමණ අමාත්‍යවරයා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් පිටත්ව ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆිල්ම් එක දැන් තිරගත වේ..
නියම තොරතුරු ලැබෙන්න ඇතිනේ. ආයෙත් කැඳවන්න වෙයිනේද අලුත් තොරතුරු ගන්න.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට කොන්දක් තිබේ නම් සහ අාත්ම ගරුත්වයක් තිබේ නම් කව්රුත් කියනතුරු නොසිට මුස්ලිම් ජාතිය වෙනුවෙන් පරීක්ෂණ අවසන් වනතුරු ඇමති ධුරයෙන් ඉල්ලා අස්වී සිටිය යුතුය. රිෂාඩ් බදියුදීන් වැරදි කරුබව තීරණය කෙරෙන තුරු එසේ සිටිනවාද? නොඑසේ නම් නිවැරදිකරු බව තීරණය කෙරෙන තුරු ඇමතිකමේ එල්ලී සිටිනවද කියා ඔහු විසින්ම ඇසිය යුතුය.
මේ වෙලාවේ සහල් හොරකම් ගැන කතාවකට වඩා රටේ වැඩි පිරිසක් කියන දේ අසා මොහු අත්අඩංගුවට ගත යුතුයි. රජය මේ වෙලාවේ ගන්නා තීන්දු තීරණ මත රජයේ පැවැත්ම ජනතාව අතේ පවතින බව රජය වටහා ගත යුතුයි...
වෙන මොනවටවත් සම්බන්ධ නෑනේ...
මේ රට පාලනය කරන ආණ්ඩුවත්, විපක්ෂයත් උන් බලේ ඉන්නකොටත් ඡන්ද කෑදරකමට කරපු කාලකන්නි වැඩවල ප්‍රතිඵල තමයි. මේ අන්තවාදීන් දෙගොල්ලොම කයිවාරු ගහනවා. මේ දෙගොල්ලන්ටම ඡන්දෙ නැවත දුන්නත් මේකම තමයි වෙන්නේ...
මේ "යන්නේ කොහෙද මල්ලේ පොල්" විමර්ශනයක්නේ.
රිෂාඩ් නිදහස්...!
ලන්ච් එකටද?