(තරිඳු ජයවර්ධන)
සේවයේ අවශ්‍යතා මත වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු සහ පොලිස් අධිකාරීවරුන් හතරදෙනකු ස්ථාන මාරු කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබේ.
එලෙස ස්ථාන මාරු කිරීමට අනුමැතිය ලබා දුන් උසස් පොලිස් නිලධාරීන් පහත දැක්වේ.
- ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී යූ.පී.ඒ.ඩී.කේ.පී. කරුණානායක මහතා – යාපනය කොට්ඨාස භාර නිලධාරි තනතුරේ සිට නුගේගොඩ කොට්ඨාස භාර නිලධාරි ලෙස
- පොලිස් අධිකාරී ටී.ජී.එන්.ඩබ්.ඩී. තල්දූව මහතා – ඇල්පිටිය කොට්ඨාස භාර නිලධාරි තනතුරේ සිට යාපනය කොට්ඨාස භාර නිලධාරි ලෙස
- පොලිස් අධිකාරී එච්.එස්.එන්. පීරිස් මහතා – මන්නාරම කොට්ඨාස භාර නිලධාරි තනතුරේ සිට ඇල්පිටිය කොට්ඨාස භාර නිලධාරි ලෙස
- පොලිස් අධිකාරී බී.ඩී.ටී.පී.ඒ. වීරසිංහ මහතා – මානව සම්පත් කළමනාකරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ තනතුරේ සිට මන්නාරම කොට්ඨාස භාර නිලධාරි ලෙස
- පොලිස් අධිකාරී එස්.පී. රණසිංහ මහතා – නුගේගොඩ කොට්ඨාස භාර නිලධාරි තනතුරේ සිට මානව සම්පත් කළමනාකරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කියන "සේවයේ අවශ්‍යතාවය" මොකක්ද? මේවා සුහද මාරු නොවෙයිනේ. මේ පස් දෙනා බූරු කුට්ටම අනනවා වගේ එහාට මෙහාට මාරු කරලා. මේ කවුරු හරි තමන්ගේ රාජකාරිය හරි හැටි කරන්න අපොහොසත් වුණාද? එහෙම නැතිනම් උසස්වීමක් නිර්දේශ වෙන තරමට හොඳින් රාජකාරි කළාද? එහෙම නොවෙයි නම් මේ නිලධාරීන් එහාට මෙහාට මාරු කරන්න සිදුවුණු සේවයේ අවශ්‍යතාවය මොකක්ද?