IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ජමාත් කල්ලියේ කෝටි 14 ක් තහනම් කරයි

(ඉන්දිකා රාමනායක)

තවුහීත් ජමාත් ත‍්‍රස්ත සංවිධානය සමඟ සම්බන්ධකම් පැවැත්වීම සම්බන්ධයෙන්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තවේ  හා ත‍්‍රස්තවාදී විමර්ශන කොට්ඨසයේ  අත්අඩංගුවේ පසුවන සැකකරුවන්ට අයත්  බැංකු ගිණුම් 41 ක්  දැනට  තහනම් කර ඇති බව  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 

මෙම බැංකු ගිණුම්වල රුපියල් කෝටි  14 1/2  මුදලක් තිබී ඇති බව අනාවරණය කරගෙන ඇති බවද රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

මෙම ගිණුම්වලට අමතරව සැකකරුවන්  සතුව තිබූ රුපියල් මිලියන 14 ක පමණ මුදලක්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන ඇති අතර ඒවා මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  බාරයට ගෙන ඇති බවද රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

මෙම  මුදලට අමතරව  මෙම සැකකරුවන් සතුව ඇති රුපියල් බිලියන 7 ක වෙනත් වත්කම් සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  පරීක්ෂණ ආරම්භ කර ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා වැඩිදුරටක් පැවසීය.

 



අදහස් (14)

ජමාත් කල්ලියේ කෝටි 14 ක් තහනම් කරයි

Indhika Friday, 24 May 2019 10:39 AM

ඔය සල්ලි වලින් කැඩුණු පල්ලි ටික හදලා දෙමු. ඉතුරු වුනොත් නැගෙනහිර පළාතේ පන්සල් අලුත්වැඩියා කරමු...

:       0       0

chandima Friday, 24 May 2019 12:01 PM

තහනම් කළාට කමක් නැහැ.. මහා බැංකුවට නම් දාන්න එපා. අන්තිමේ කොහෙන් ගියාද කියලා හොයන්න බැරිවෙනවා.

:       0       0

සේන Friday, 24 May 2019 12:59 PM

එම මුදල් ඔවුන්ට ලැබුණු මූලාශ්‍ර සොයා ඒවාද නවතා දැමීමට කටයුතු කරණු ඇතැයි විශ්වාස කරමු.

:       0       0

chathuri Friday, 24 May 2019 01:39 PM

අසරණ ජිවිත බිලිදීලා සතුකරගත් මේ මුදල් කන්දරාව ඉන්න නඩේගෙනුත්, අලුතෙන් එන්න හදන නඩේගෙනුත් මෙය ආරක්ෂා කර ගන්න ඕනෑ. මේ මුදල් තැන්පත් නොකර හැකි ඉක්මණින් වකුගඩු රෝගීන් වෙනුවෙන්, පිලිකා රෝගීන්ගේ රෝහල් වෙනුවෙන් යොදවන්න කටයුතු කරන්න. නැතිනම් මළගිය අයගේ සොහොන් වලට... අකුණු සැර නොවදින කුළුණු සවිකරන්න...

:       0       0

මම නොවන මම Friday, 24 May 2019 01:52 PM

වරදක් කළා නම් ඒ ගැන නීති මාර්ගයෙන් කටයුතු කරලා දඬුවම් දෙන්න ඕනෑ. මෙහෙම ඒ මිනිස්සු හම්බ කරපුවා උදුරගන්න එක මොන ලැජ්ජ නැති වැඩක්ද? එහෙම කළාම මේ මිනිස්සුන්ගේ පවුල්, ළමයි ජීවත් වෙන්නේ කොහොමද? මේ වගේ දේවලට නම් අනිවාර්යයෙන් ජාත්‍යන්තරව මැදිහත් විය යුතුමයි. හරිම අසාධාරණයි මේ වැඩේ.

:       1163       168

බද්රානි Friday, 24 May 2019 03:48 PM

නුඹට, නුඹවත් නොමැති බව ඔබ ලියලා තියන මෝඩ කතාවෙන්ම පැහැදිලියි. ඕවා හම්බ කරපු මුදල් නොවේ. පොම්ප කළ මුදල් බවවත් ඔබට නොවැටහේද? ඔය ත්‍රස්තවාදීන්ගේ සල්ලි ටිකත් මංකොල්ල කන්නේ නැතිව ඒ මුදල් වලින් අර ප්‍රහාරයෙන් අසරණ වූ අයට උපකාර කළොත් නේද හොඳ?

:       2       621

BamunuarachchiFriday, 24 May 2019 11:36 PM

හරි හරි ඒවා පවතින නීති රාමුව තුළ කෙරේවි... ඔහේ කලබල නොවී ඉන්නකෝ. දේපල රාජසන්තක කිරීමත් දඬුවමක්... ජනතාව නීතිය අතට ගත්තොත් දේපල පමණක් නොවෙයි ත්‍රස්තයින්ගේ ජීවිතත් රාජසන්තක වෙනවා.

:       0       0

සෙනෙවි Friday, 24 May 2019 02:10 PM

මූලය විශුද්ධි කරන පනත යටතේ මේවා රැස්කළ බැංකුවලට එරෙහිව නීතිමය පියවර ගන්න. රහස්‍යතාවය රකිනවා කියා ඕනෙම බඩමාලුවක් බාරගන්නා බැංකුවලට පාඩමක් ඉගෙනගන්න.

:       0       124

padma Friday, 24 May 2019 02:47 PM

මේ සල්ලිවලින්, බෝම්බවලින් මියගිය පවුල්වලට සහනයක් සලසුවා නම් හොඳ නැද්ද?

:       1       294

dantha vaidya Saturday, 25 May 2019 06:59 AM

බෝම්බ නිපදවීමටත්, ඒවා පුපුරුවාගත් අයගේ පවුල් නඩත්තුව සඳහා මුදල් ඔක්කොම යොදලා අවසානයි. ඔහෙලගේ පැත්ත ඔහෙලාම බලාගන්න.

:       0       0

godfrey Friday, 24 May 2019 02:58 PM

ඌරගේ මාළු ඌරගේ ඇඟේ තියල කපනවා වගේ මේ මිනීමරුවන්ගෙන් මේ විදියට තහනම් කරන සල්ලි වලින්, මොවුන්වම නැතිකරන්න, මොවුන් ඉන්න තැන් හොයන්න, නව තාක්ෂණික උපකරණ ගන්න, එ් තුළින් ඔවුන් හෙට දින නැවත නැගිටින්නට හිතනවා නම් දෙපාරක් මොළ සෝදා ගන්නට සිතනු ඇත...

:       2       179

Kumar Friday, 24 May 2019 03:01 PM

අන්තිමට වෙන්නේ කොටි සංවිධානයේ අයත් කියූ රත්තරන්වලට සිදුවුණු දෙය තමයි. මුදලාලිලාගේ දේපළ රජයට ගන්න නීතියක් නැති රටේ ත්‍රස්තයින්ගේ මුදල් රාජසන්තක කරන්නේ කොහොමද?

:       52       77

nihal Friday, 24 May 2019 08:03 PM

මම නොවන මම... තමුන් ජාතියක්, ජම්මයක් නැති ගානයි.

:       0       0

ranjith Sunday, 26 May 2019 12:35 AM

මේ සල්ලි පිල්ලිය ගහන්න එදා නොදී විපතට පත් වූවන්ට දෙන්න මේ අපරාධකාරයන්ගේ වත්කම ඔක්කොම රාජසන්තක කරලා රටේ යහපතට යොදන්න. දැන්වත් ඡන්ද කෑදරකමට රට පාවාදෙන කාලකන්නි ක්‍රියාව අත්හරින්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 305 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2123 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1614 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site