(දයාරත්න ඇඹෝගම)
මඩාටුගම මාසිතාක් නමින් පවත්වා ගෙන යන මුස්ලිම් ආගමික පෙර පාසල් ගොඩනැගිල්ලක කාමරයක සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ තවුහීත් ජමාත් සංවිධානය සමග සබඳතා පැවත්වූ මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකු යුදහමුදාව විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ආඩියගල පාර, මඩාටුගම සහ සමගි මාවත, මඩාටුගම පදිංචි මුස්ලිම් ජාතිකයන් දෙදෙනෙකි.
මින් එක් අයෙකු මෙම පෙර පාසල් ගොඩනැගිලි භාරකරු වශයෙන් කටයුතු කරන්නෙකි. C 4 වර්ගයේ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 168 ක්, මාකර් පෑනක් තුළ සවිකර තිබූ කොළ සහ කහපාට වයර් කැබැලි දෙකක්, විදුලි ඩෙටනේටරයක් සහ දෙමළ බසින් මුද්‍රණය කරන ලද අන්තවාදී ආගමික පොත් 5ක් අත්අඩංගුවට ගෙන ඇත.
යුද හමුදා බුද්ධි අංශය ලද තොරතුරක් මත මෙම පුපුරණ දුව්‍ය සොයා ගෙන තිබේ. සැකකරුවන් සහ පුපුරණ ද්‍රව්‍ය ඉදිරි නීතිමය කටයුතු සඳහා කැකිරාව පොලිසියට භාරදී තිබේ.
සැකකරුවන් අද(26) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. කැකිරාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd