(නයනජිව බණ්ඩාර)
 
වැල්ලවාය-තණමල්විල මාර්ගයේ කුඩාඔය යුද හමුදා පුහුණු කදවුර ආසන්නයේදි ත්‍රිරෝද රථ දෙකක් හා කැන්ටර් වර්ගයේ ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් තිදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි කුඩාඔය පොලිසිය පවසයි.
 

කුඩාඔය වන්දම මාර්ගයේ සිට තණමල්විල - වැල්ලවාය මාර්ගයට ආ ත්‍රිරෝද රථයක්, වැල්ලවාය දෙස සිට තණමල්විල දෙසට ගමන්ගත් ත්‍රිරෝද රථයක් ගැටී ඇති අතර එම ත්‍රිරෝද රථයට පසුපසින් වේගයෙන් පැමිණි කැන්ටර් වර්ගයේ ලොරි රථයක් එම ත්‍රිරෝද රථ දෙකම යටකර  පළාගොස් ඇතැයි පොලීසිය කියයි.

අනතුරෙන් එම ස්ථානයේදීම තිදෙනෙකු මියගොස්  ඇති අතර, තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගතකර තිබේ.


පලාගිය ලොරිරථය අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කර  තිබේ.