(ඩී.ජී.සුගතපාල)
හලාවත ප්‍රදේශයේ සිට නීතිවිරෝධී ලෙස බහුදින යාත්‍රාවකින් නවසීලන්තය බලායමින් සිටියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නාලද 41දෙනා අද (25) ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුර වෙත ගෙනඑන ලදී.
මෙම පිරිසට පිරිමින් 32දෙනෙකු, කාන්තාවන් 04 දෙනෙකු සහ දරුවන් 5 දෙනෙකු අයත්වේ.
ගාල්ලේ සිට නාවික සැතපුම් 365ක් ඈත මුහුදේදි මෙම පිරිස අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නන්දිමිත්ර නෞකාවෙන් ගාල්ල නාවික හමුදා කඳවුර වෙත ගෙන එන ලදී.
ඔවුන්ගේ ප්‍රකාශ සටහන්කර ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරාය පොලිසියට බාරදීමට නියමිතය.

(ඡායාරූපය- නාවික හමුදා මාධ්‍ය අංශය)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අය අල්ලපු එක වැරදියි.
අනේ කරුණාකර මේ මිනිසුන්ට යන තැනකට යන්න දෙන්න. අපි කවුරුත් කැමතියි ගහමරා ගන්නේ නැතිව සමාදානයෙන් ජීවත්වෙන්න...
ඔවුන්ට මේ පව්කාර පාලනයෙන් නිදහස් වෙන්න දෙන්න.
මම නවසීලන්තේ පදිංචියට ඇවිල්ලා අවුරුදු 17ක් ඒ කාලෙයට කිසිම රටකින් හොරෙන් බෝට්ටුවලින් මෙහාට කවුරුවත් ඇවිල්ල නැහැ. හේතුව නවසීලන්තේ පිහිටීම නිසා ආසියානු කලාපයෙන් බෝට්ටුවලින් පැමිණීම ප්‍රායෝගික නැති නිසා. ලෝක සිතියමක් අරන් බලන ඕන කෙනෙකුට මේ කරුණ වැටහෙන්න ඕනා.
පින් සිද්දවෙයි... තමන් අතින් වියදම් කරන් යන ඔය අසරණයින්ට යන්න දෙන්න... මේ රටේ තවදුරටත් අනාගතයක් නැතිබව දන්නා නිසයි යන්නේ... අනිවාර්යයෙන් අහිංසක සිංහල අය වියහැක. මොකද මේ රටේ ඔවුන්ට තවදුරටත් ආරක්ෂාකාරී වටපිටාවක් දරුවන්ට අනාගතයක් නැහැ. මේ රට සහ රජය අන්තවාදී මුස්ලිම් ත්රස්තවාදීන් විසින් ගිලගෙන ඉවරයි. නොගියාට අපිත් දැන් සරණාගතයෝ වගේ තමයි. ත්‍රිවිධ හමුදාවට පින් සිද්දවෙන්න පණපිටින් ඉන්නවා.