සංවර්ධන නිලධාරීහු කඩඉම් විභාගය කල් දමන්නැයි ඉල්ලති සංවර්ධන නිලධාරී කාර්යක්ෂමතා කඩඉම් විභාගය තැපැල් වර්ජනය අවසන්වීමෙන් පසුව පවත්වන්නැයි සංවර්ධන නිලධාරී සංගමය ලිපියක් යොමුකරමින් විභාග කොමසාරිස්වරයාගෙන් ඉල්ලා ඇත. 25 June 2018
සිංගප්පූරු ගුවන්තොටේදී රෝහාන් වැලිවිටගෙන් ප්‍රශ්න කරයි සී.එස්.එන් රූපවාහිනී නාළිකාවේ හිටපු සභාපති මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයාද වූ රොහාන් වැලිවිට මහතා සිංගප්පූරු ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අද (25) අත්අඩංගුවට ගෙන පැය තුනකට පසුව මුදාහැර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි. 25 June 2018
කොත්තුවක ගෙම්බෙක් - ආපන ශාලා හිමිකාරියට ඇප අම්බලන්තොට ආපනශාලාවක කොත්තුවක ගෙම්බෙක් සිටීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආපනාශාලා හිමිකාරිනිය අත්අඩංගුවට ගෙන (25) හම්බන්තොට අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකාරිය රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට හම්බන්තොට මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේය. 25 June 2018
දේශපාලනඥයා අගයමින් පාසල්වලින් බැනරයක් දකුණු පළාතේ දේශපාලනඥයකුට උපහාරයක් පුද කිරීමේ සිද්ධියක් පාදක කරගෙන සෑම පාසලකම එම දේශපාලනඥයාට උපකාහර පුද කිරීමට රුපියල් 4000ක වියදමින් බැනරයක් ප්‍රදර්ශනය කිරීමට උපදෙස් දී ඇතැයි ලංකා ගුරු සංගමය කියයි. 25 June 2018
හිටපු නියෝජ්‍ය ඇමැති සරණට වරෙන්තු සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයාව සිටිමින් රුපියල් අසූ ලක්ෂ අනූ පන්දහසක් වටිනා සුඛෝපභෝගී රථයක් ආනයනය කර සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටි 25 June 2018
කරුණා පාර්ශවයේ තිදෙනාම නිදහස් 2010 ජනාධිපතිවරණයට ආසන්න දිනයකදී මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ ටී-56 ගිනි අවි, අත් බොම්බ සහ පතුරම් තොගයක් ළඟ තබාගත් බවට එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් සමඟ චෝදනා ලැබ සිටි ‘කරුණා‘ පාර්ශවයේ ආධාරකරුවන් බව කියන තිදෙනා කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජයරත්න මහතා නිදොස් කොට නිදහස් කළේය. 25 June 2018
ජාතික විගණන කෙටුම්පත ලබන 05 වැනිදා විවාදයට රටේ මහත් කතාබහට ලක්ව පවතින ජාතික විගණන පනත් කෙටුම්පත් ලබන මස 05 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය. 25 June 2018
නුවරඑළියේ පොදු වැසිකිලියට ලක්ෂ 150 ක් නුවරඑළිය නගරයේ පොදු වැසිකිලි පද්ධතියක් ඉදිකිරීමට නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යංශයේ ජල සම්පාදන හා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමේ ඒකකය පියවර ගෙන ඇත. 25 June 2018
මොනරාගල ප්‍රා.සබේ සභාපතිවරු නැගිට යති මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ අද (25) පැවති මොනරාගල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්විමේදී ආසන පැනවීමේ ප්‍රශ්නයක් මුල්කර ගනිමින් මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා හයක 25 June 2018
දිවියා මැරූ සිව් දෙනකු 29 තෙක් රිමාන්ඩ් කිලිනොච්චිය අම්බාල්කුලම් ගම්මානය වෙත පැමිණ දිවියකු පොලූ මුගුරු වලින් පහරදී අමානුෂික ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාසල් අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයකු ඇතුළු සිව්දෙනකු අද කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් ලබන 29 වැනිදා දක්වා බන්ධනාගාරගත කිරීමට කිලිනොච්චිය වැඩබලන මහෙස්ත්‍රාත් එස්.ග්‍රේෂියන් මහතා අද (25) දින නියෝග කළේය. 25 June 2018
හෙක්ටර් බෙත්මගේට එරෙහි නඩුව හෝමාගම අධිකරණයට මාරු කරයි නිල ගිනි අවියෙන් වෙඩි තබා පුද්ගලයෙකුට තුවාල සිදුකළ බවට බස්නාහිර පළාත් සභාවේ සභානායක හෙක්ටර් බෙත්මගේ මහතාට එරෙහිව පවරා ඇති නඩුව හෝමාගම මහාධිකරණයට මාරු කර යැවීමට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජේරත්න මහතා ඊයේ (25) නියම කළේය. 25 June 2018
‘අනුශාසනාවක් වුවද කළ යුත්තේ ප්‍රඥාවන්තයකුට පමණයි‘ ‘බුදුන්වහන්සේ දේශනා කර ඇති පරිදි අනුශාසනාවක් කළ යුත්තේ තේරුම් ගැනීමට ප්‍රඥාවක් ඇති මිනිස්සුන්ට බවත්, අනු නා හිමිගේ අනුශාසනාවේ තිබු කරුණු මැනවින් තමා අවබෝධ කරගත් බවත් එය නොතේරුම් ගත් පිරිසක් විසින් විවිධ ප්‍රකාශ කරන බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 25 June 2018
කොටකෙතනේ මව හා දියණිය ඝාතන නඩුවේ තීන්දුව කල් යයි කොටකෙතන නිවසකදී පාසල් යන දියණියක හා මවක කපා කොටා අමානුෂික අන්දමින් ඝාතනය කළ බවට චෝදනා ලැබ සිටි අසල්වැසි නිවසේ පදිංචිව සිටි අඹුසැමි යුවළ විත්ති වාචක කැඳවීමකින් තොරවම නිදොස් කොට 25 June 2018
‘සරසවි ප්‍රතිපාදන මුදල් බැඳුම්කරේට දුන් අය ගැන පරික්ෂණ පැවැත්විය යුතුයි’ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අරමුදල් බැඳුම්කර වංචාවට යොදා ගැනීමට උපදෙස් දුන් උදවිය සම්බන්ධව ඉතාම ඉක්මණින් පරීක්ෂණ පැවැත්විය යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (25) පැවසීය. 25 June 2018
අඩි 100 පාරේ දේපොළ අහිමි වූවෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට කඩා වදිති සූරියවැව හම්බන්තොට අඩි 100 මාර්ගය පුළුල් කිරීමේ දී දේපල අහිමි වූවන්ට වන්දි මුදල් ලබාදීමට තවමත් නොහැකි වීම නිසා දේපල අහිමිවූවන් අද (25) හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වී දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිල කාර්යාලය අසල රැඳී සිටිති. 25 June 2018
පසුගිය රජය සමයේ වී අලෙවි මණ්ඩලයට මිලියන 7000ක පාඩුවක් වී අලෙවි මණ්ඩලයට 2009 සිට 2014 දක්වා වසර 05ක කාලයේ දී රුපියල් මිලියන 7,152.95 ක අලාභයක් සිදු වී ඇතැයි එහි සභාපති උපාලි මොහොට්ටි මහතා පැවසීය. 25 June 2018
මට්ටම් ලීය අධි බලැති විදුලි රැහැනේ වැදී පෙදරේරුවා මරුට රත්ගම පොලිසිය ආසන්නයේ මහල් ගොඩනැගිල්ලක ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටි පුද්ගලයකු අත තිබු ඇලුමිනියම් මට්ටම් ලීයක් අධිසැර විදුලි කම්බියක ගැටීමෙන් මරුමුවට පත්වී ඇතැයි පොලිසිය පවසයි. 25 June 2018
තැපැල් වර්ජනයෙන් ඩී ආර් විජයවර්ධන මාවත අවහිර වෙයි වර්ජනයේ නිරත තැපැල් සේවකයින්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ ඩී.ආර්.විජයවර්ධන මාවත තැපැල් අමාත්‍යංශය අසළින් අවහිර වී තිබේ. 25 June 2018
ලක්ෂ හතරක හොරොයින් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට වැලිමඩ පොලිසියේ නිළධාරින් විසින් සිදුකළ හදිසි වැටලීම් දෙකකින් රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනිමට අද ( 25) උදැසන සමත්ව තිබේ. 25 June 2018
දිවියා ඝාතනය සම්බන්ධයෙන් තව සිව් දෙනෙක් අත්අඩංගුවට කිලිනොච්චිය අම්බාල්කුලම් ගම්මානය වෙත පැමිණ දිවියකු පොලූ මුගුරු වලින් පහරදී අමානුෂික ඝාතනය කිරීම සම්බන්ධයෙන් පාසල් අනධ්‍යන කාර්ය මණ්ඩල සේවකයකු ඇතුළු සිව්දෙනකු ඊයේ (24) රාත්‍රීයේ අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි. 25 June 2018
පොලිස් පරීක්ෂකයකුට අල්ලස් දුන් අයෙක් අත්අඩංගුවට හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් සැකකාරියෙක් මුදාහරින්නැයි ඉල්ලා පොලිස් පරීක්ෂකවරයකුට රුපියල් ලකෂයක අල්ලස් දීමට තැත්කළ පුද්ගලයා ද අත්අඩංගුවට ගත් බව මෝදර පොලීසිය කියයි. 25 June 2018
යාපන සරසවි සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් දෙදෙනෙක් රෝහලේ යාපනය විශ්ව විද්‍යලයේ සිව් වැනි වසර කළමනාකරණ පීඨයේ සිංහල සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ පහරදීමකින් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කළ බව කෝපායි පොලීසිය කියයි. 25 June 2018
රත්මලානේ දී හමුදා කොප්රල්වරයකුට වෙඩි රත්මලාන චකින්දාරාරාම පාරේ කර්නල්වරියකගේ නිවස ඉදිරිපිට දී ඇයගේ රියදුරු වන හමුදා කොප්රල්වරයකුට ත්‍රී රෝද රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා පලා ගොස් ඇතැයි ගල්කිස්ස පොලීසිය කියයි. 25 June 2018
ගාලු- කොළඹ දුර ගමන් බස් සේවා වර්ජනයක් ගාල්ල, කොළඹ, මාතර, කොළඹ සාමාන්‍ය සේවා බස් රථ වර්ජනයක් මේවනවිට ආරම්භ කර තිබේ. සති අන්තයේ නිවාඩු ලබමින් ගම්බිම් කරා ගොස් සිටි විශාල පිරිසක් මෙම තත්වය නිසා අපහසුවට පත්වී ඇතැයි මගීහු චෝදනා කරති. 25 June 2018
ගෝඨා එෆ්සීඅයිඩියට ඩී.ඒ.රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරිමේදී සිදුවු බව කියන මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (25) මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණියේය. 25 June 2018
අනවසර ඉදිකිරීම් ඉවත්කරන්න අගමැතිගෙන් නියෝගයක් ගාලු උරුමයට හානිකර සියලු අනවසර ඉදිකිරීම් ඉවත්කරන ලෙසත් කොටුවේ ඇති සියලුම රාජ්‍ය ආයතන කඩිමින් එම ස්ථානවලින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කළේය. 24 June 2018
මහඔය පොලිස් නිලධාරියාගේ මරණයට අත්අඩංගුවට ගත් කොස්තාපල් ඇතුළු තිදෙනා රිමාන්ඩ් මහඔය පොලිස් ස්ථානයට අනුයුක්තව පේරවැල්තලාව පොලිස් මුරපොලෙහි රාජකාරි කරමින් සිට අතුරුදහන් වූ ජයසිංහ නමැති පොලිස් නිලධාරියාගේ සැකකටයුතු මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා ඇතුළු තිදෙනා 26 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට දෙහිඅත්තකන්ඩිය මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. 24 June 2018
බිරිඳ සමඟ අමනාප වී තුන්හැවිරිදි දරුවා මුහුදට විසි කරලා මත්පැන් පානයට සිය බිරිද මුදල් නොදුන් කෝපයට පත්ව සිය තුන් හැවිරිදි එකම පුතුව ඔසවා මහ මුහුදට විසි කළ තරුණ පියෙකු අද ( 24 )දහවල් අත් අඩංගුවට ගත් බව මාරාවිල පොලිසිය කියයි. 24 June 2018
‘අද අපේ රට ගෝනුස්සන්ගෙන් පිරිලා. උන් දන්නේ හපා කන්න විතරයි‘ ‘තමන්ව බේරගත්ත හාමුරුවන්ගේ අත හපාකාන ගොනුස්සෙක් ගැන තරහින් කතා කළ හිමිනමක් අමතා සෙන් හාමුදුරු නමක් කියනවා මම මගේ වැඬේ කරනවා ගෝනුස්සා උගේ වැඬේ කරනවා. 24 June 2018
‘ඉක්ටා‘ පරිගණක අපරාධකරුවන්ට පාර වහයි හැකරුන්ට ඇතුල්වීමට දුෂ්කර වන පරිදි රාජ්‍ය වෙබ් අඩවි ජාලය වඩා ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) කටයුතු යොදා ඇත. 24 June 2018
රටේ සියලු සංස්කෘතීන් රැකිය යුතුයි රටේ බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍රකරගත් සමාජයේ සියළු සංස්කෘතින් ආරක්ෂා විය යුතු බව ශ්‍රී ලංකා පොදු ගැන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය... 18 January 2026