(අංජුල මහික වීරරත්න)
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් අරැඹිමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද (21) තීරණය කළේය.
පාර්ලිමේන්තුවේ සියලු පක්ෂවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් තේරීම් කාරක සභාවේදී කෙරෙන විමර්ශනයෙන් අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා වැරදිකරු බවට ඔප්පු වුවහොත් ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවට භාර දී ඇති විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමටද එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි කන බොරු විහිලු. බුද්ධි අංශ මෙපමණ සාක්ෂි පෙන්වා දී ඇති මොහොතක මොනකාරක සභාවන්ද?
ඕකෙන් චෝදනා ඔප්පු වෙන්න නම් හිරු බස්නාහිරින් පායන්න වෙයි. කෙසේවෙතත් ඡන්දය නොදෙන කවුරු වුනත් ලබන ඡන්දයේදී අපි අතුගාලම දානවා පාර්ලිමේන්තුවෙන්.. කතිරය අපේ අතේ. හැබැයි ඉතිං එ්කත් හොරා කයිද දන්නේ නැහැ මොවුන් කන කෑමට...?
මේ කාරක සභාව, විශ්වාසභංග, කමිටු පත්කිරීම්, ජනාධිපති කොමිෂන් සභා මේවා බොරු වැඩ... මේවා කටයුතු කරන්න ආරක්ෂක අංශයට බාර දෙන්න ඕනෑ... මේවා නිකම් කල් මරන වැඩ...
අපිට බලාපොරොත්තු වෙන්න බැහැ මේ දුර්වල කැඩෙන බිඳෙන සුළු ආණ්ඩුවෙන්...