(ශාන්ත රත්නායක)
රජයට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව අද (21) පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණ විසින් කථානායක කරූ ජයසූරිය මහතාට බාරදුන්නේය.
ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා විසින් එය භාර දුන් අතර එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හදුන්නෙත්ති, විජිත හේරත්, නිහාල් ගලප්පති බිමල් රත්නායක ද සහභාගීව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට පෙම් හසුනක් බාරගන්නවා වගෙයි කරූ ලොක්කා ඉන්නෙ. කොහොමද ටිකිරි මොළේ.
කතානායකගේ කපටි හිනාව ..... මේක ගේන්නෙ ආණ්ඩුව පරද්දන්න නෙවේ. මේ කරන්නෙ යූ එන් පි කොන්ත්‍රාත් එකක්.පරද්දන්න බහුතරය නැති බව දැන දැනත් මේ කරන්න හදන්නෙ රටට ලෝකෙට ආණ්ඩුවට බහුතර විස්වාසය තියෙනව කියල පෙන්නන්න ........
අනේ ජවිපෙට ගිය කලක්
මේවට රැවටෙන අය ඉන්න රටනේ
සහෝදරයිනි, නුඹලා රඟ දක්වන මොණර නාඩගමට, දේශපාලනයෙන් අන්ඳ වූ ජනයා තප්පු ලනු ඇත. 89-90 අලු වූ දේශප්‍රේමී සහොදර-සහෝදරියන්, වැහි නැති හෙන පතනු ඇත. මන්ද යත්, පහුගිය පස් වසරේ ඉදිරියට නෙරා ආ නුඹලාගේ උදරය, නුඹලාගේ දේශපාලනයේ අවංක බාවයට කදිම සාක්‍ෂියක් වනු ඇත.
මමනම් හිතන්නේ ජනතාව විසින් විශ්වාස බංගය ගෙන්න ඕනේ 225 ගෙදෙර යන්න
විශ්වාසභංග යෝජනා නම් එමටයි. මේවල ප්‍රගතියක් දකින්න නැහැනේ කවදත්
ත්‍රස්තවාදී අනතුර වෙලා මාසයක් යනකම් මුකුත් නොකර හිටිය අනුර කුමාරයට දැන් ජනතාව ගැන බොරු දුකක් පහලවෙලා.
සමාජවාදී තාත්තලා සහ සමාජවාදී සහෝදරවරු යනු දෙගොල්ලකි.
මේ රටේ ප්‍රශ්න ගොඩක් විසඳා ගන්නට පුළුවන් උවමනාවක් සහ හැකියාවක් තිබුණට ඒ සඳහා අත්‍යාවශ්‍ය වෙන බලය ලබා ගැනීමේ ක්‍රමවේදය හරි හැටි කළමනා කර ගන්නට හැකියාවක් නැති එක තමයි මේගොල්ලන්ගේ කරුමේ. කොටුව දුම්රිය පල ඉදිරියේ කොළ බෙද බෙදා ඉඳල නම් ඒ වැඩේ කරගන්න ලැබෙන එකක් නැහැ ගොයියෝ.
තිර පිටපත, අධ්‍යක්ෂණය, වේෂ නිරූපණය ආදි මෙකි නොකි සියල්ලම යූඇන්පියෙන්... නලූවෝ ටික ජේවීපෙන්....
මේ වෙනකල් මම විස්වාස කලේ නැහැ ජේවීපී එක ආණ්ඩුව රකිනවා කියන කතාව. මේ දැන් තමයි වැටහුනේ ඒ කතාවේ ඇත්තක් තියන බව.
පළමුව බදුරුදීන් සුද්දකරගෙන දෙවනුව, ලිඛිතව ආණ්ඩුවට ලකුණු ලබාදෙන ක්‍රමයක්. කඩේ යාමේ ප්‍රමුඛයෝ. රතු හැත්ත
මේ වෙලාවේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයකදී රිෂාඞ් බදුර්දීන්ගේ පක්ෂයේ මන්ත‍්‍රීවරුන් 06-07 දෙනා තීරණාත්මක සාධකයක් වෙනවා. මේ විදියට විශ්වාසභංග යෝජනා 02ක් ගෙන ආවාම රිෂාඞ් බදුර්දීන්ට ‘කේවල් කිරීමේ බලයක්’ ලැබෙනවා. දැන් රිෂාඞ් බදුර්දීන්ට ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුන්ට කිව හැකියි, ‘නුඹලා මා බේරා නොගත්තොත් මගේ පක්ෂයේ ඡන්ද ටික ආණ්ඩුව බේරා ගැනීමට ලබා දෙන්නේ නැහැ’ කියා.
නියම විහිළුව...
බදියුදීන්ට එරෙහි රැල්ල සහ ඔහුට එරෙහි විශ්වාසභංගය කඩාකප්පල් කිරීම සඳහා රනිල්ගේ කුමන්ත්‍රණයේ මෙහෙයුම් පාර්ශවය ජ.වී.පෙ. ක්‍රියාත්මක වීම මේ පුහු වදෙන් කරලියට පැමිණ තිබේ. ජනතාව ඇන්දවීමට වෙනත් මගක් මොවුන් විසින් සොයාගත යුතුව ඇත.
මේ 225 වැඩ දැක්කම... බඩ දඟලනවා. කැරකිල්ල, වමනය, අතීසාරය... පුදුම අප්පිරියාවක් එන්නේ දොස්තර කිව්වා. පුවත්පත් බලනකොට මෙ නඩේගේ වැඩ දැක්කම කාටත් මේ ලෙඩ එනවලු..
හරිම හොඳ වැඩක් මොකද ජනතාවට දැන් හොඳටම තේරුම් ගන්න පුළුවන් මොවුන් රටට ආදරේ මිනිස්සුද, නැත්නම් ද්‍රෝහීන්ද කියා... ඒ අනුව ඊ ළඟ ඡන්දයේදී එකම මන්ත්‍රී කෙනෙක්වත් පාර්ලිමේන්තුවට පත් නොකිරීමට ජනතාව වගබලා ගනීවි...
ඔයගොල්ලෝ හිතාගෙන ඉන්නේ මිනිස්සු ඕවට රැවටෙනවා කියලද? කවදා හරි ඡන්දයක් තියන්න වෙනවනේ. එදාට ඕවායේ ප්‍රතිඵල ලැබෙයි.
කොයි මේ මුට්ටිය, ඒක බිම තියලා කොලේ විතරක් අතට දෙනවා.
බදියුර්දීන්ට විශ්වාස භංගයක් ගෙනැල්ලා ආණ්ඩු පෙරලන්න බැහැ. මේක කරන්නේ ඊළඟ ජනාධිපතිවරණයේදී බදියුර්දීන්ගේ සහාය ගන්න... ඡන්දයට කලින් බදියුර්දීන්ව ආණ්ඩුවෙන් ඉවත් කරන්නයි. එහෙම නැතිව ඇත්තටම රටට හෝ ජනතාවට ආදරයට නොවෙයි. දැන් ඇත්ත අභියෝගය කරලා තියෙන්නේ, බදියුර්දීන්ව නොවෙයි ආණ්ඩුවම ගෙදර යවන්න පුලුවන් විශ්වාස භංගයක් ගෙනැල්ලා තියනවා. අපි කියනවා පුලුවන් නම් ඒකාබද්ධයේ හොරු නඩයට බදුර්දීන් එක්කම මේ ආණ්ඩුවත් ගෙදර යවලා පෙන්වන්න කියලා. නමුත් අපි දන්නවා මේ හොරු නඩයට එහෙම නොකරන බව...
නිදහසින් පසු මෙරට පාලනය කල ප්‍රධාන පක්ෂ දෙක සහ එහි නායකයන් අද රටේ තත්වයට වග කියන්න ඕනේ... ඒ වුණාට අහක ඉන්න ජෙප්පන්ට හැමෝම පලු යන්න බනිනවා. ඒ ඇයි එහෙම වෙලා තියෙන්නේ...
රටේ ත්‍රස්තවාදය නැතිකරන්න අත්‍යවශ්‍යම දෙයක් මෙයාල කරලා තියෙන්නේ.
සුන්දර පින්බර සිරිලංකාව පාලනය කරන රජය විසින් නිෂ්පාදන කරන්නාවූ අලුත්ම නාට්‍ය මාලාවේ පිටපතේ මුහුරත් උලෙලයි මේ
225 ම වැඩක් නැහැ.
කොහෙන්ද හිනාවෙන්නේ කියලා හිතාගන්න අමාරුයි හැබැයි ලොකු තරහක් නම් එනවා. විජේවීර හිටියනම් මේ අය ගෙදර යවලා ගොඩක් කල්
හැම පක්ෂයකම දේශපාලකයන්ගේ වැරදි ඇත. වැදගත් වන්නේ යූ අන් පී ද පොහොට්ටුවද ජවිපෙ ද යන කාරණාවට වඩා, මෙම විශවාසභංග වල අඩංගු කරුණු, ඒවායේ සත්‍ය අසත්‍යතාවය පිලිබඳව සියලුම චන්ද දායකයන් දැන ගැනීමය. මේවා අප වඩා අපක්පාතීව ගැඹුරින් විමසා බැලිය යුතුය. සැම පක්ෂයක් හා සම්බන්ධ පුද්ගලයින් කරුණු විකෘති කරමින් ප්‍රචාරයේ යෙදෙයි.
අනේ අම්මෝ බලාගෙන යනකොට බොහොම දෙනකුට ආණ්ඩුව රැක ගන්න ඕන වගේ ! නැත්නම් ආණ්ඩුවක් වට්ටන්න තියන විස්වාසබංගයක් ගේනකොට ඒක ආණ්ඩුවට වාසියක් හැටියට පෙනෙන්නේ කොහොමද ?
ඒකට අපේ පොහොට්ටු ජාති මාමකයෝ ! තිර පිටපත, අධ්‍යක්ෂණය, වේෂ නිරූපණය ආදි මෙකි නොකි සියල්ලම චීනෙන් ජනාධිපතිවරණයට එන නළුවා අමෙරිකාවෙන් !
ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙනාවාම ඒක කොහොමද වැරැද්දක් වෙන්නෙ?
ඕවා වැඩක් නෑ. අවංකවම වරදට එරෙහිවෙන්න කැමතිනම්, අවංකවම රට ගැන හිතනවනම් තීරණයක් ගන්න ජනතාවට අවස්ථාව ලබාදෙන්න කටයුතු කරන්න. ආණ්ඩුව විශ්වාසය කඩ කලාද නැද්ද කියලා තීරණය කරන්න ජනමත විචාරණයක් තියන්න කටයුතු සූදානම් කරන්න. ජනතා පරමාධිපත්‍යයට අවස්ථාවක් දෙන්න. ඔය තුට්ටු දෙකේ නාට්‍ය රඟදක්වන කොයි කෙනත් ජනතා පරමාධිපත්‍යය ඉස්සරහට එන්න බයයි.