(ඔගස්ටින් ප්‍රනාන්දු)
 
මාදම්පේ අරාබි පාසලේ කාර්යාලයේ තිබී තවුහීත් ජමාත් සංවිධානයේ නායක සහරාන් විසින් කරන ලද දේශනවල දර්ශන අඩංගු ලැප්ටොප් පරිගණකයක් හා සංයුක්ත තැටි 135ක් සමඟ පාසලේ භාරකරු අත්අඩංගුවට ගත් බව මාදම්පේ පොලිසිය කියයි. 

ශ්‍රී ලංකා යුද හමුදාව හා පොලිසිය ඒකාබද්ධව හලාවත මාදම්පේ ප්‍රදේශයේ කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමක දී මෙම සංයුක්ත තැටි සොයාගෙන ඇත.

පාසලේ භාරකරු ලෙස හඳුන්වන පුද්ගලයාට අයත් බව කියන පරිගණකයේ සහරාන් විසින් කරන ලද දේශනයක කොටස් තිබූ බවත්, කාර්යාලයේ තිබී එම දේශන  ඇතුළත් සංයුක්ත තැටි හමුවූ බවත් පොලිසිය කියයි.

මාදම්පේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.