(ඩී.ජී.සුගතපාල)
නීති විරෝධී ලෙස බහුදින යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාව බලායමින් සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද 41 දෙනාගෙන් බාල වයස්කාර ළමයින් 08 දෙනා නඩුවෙන් මුදා හැර කාන්තාවන් සිව්දෙනා එක් අයෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපයක් මත මුදා හැරීමටත් පිරිමි පුද්ගලයින් 29 දෙනා ජූනි මස 6 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමටත් ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (26) නියෝග කළේය.
මෙම පිරිස හලාවත, කුරුණෑගල, යාපනය, වව්නියාව සහ මඩකලපුව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මොවුන් ඉකුත් 5වන දින හලාවත මුහුදු වෙරළින් බහුදින යාත්‍රාවක නැගී ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ඇත.
එසේ යමින් සිටියදී ඔවුන්ගේ යාත්‍රාව අනතුරට ලක්ව තිබියදී වෙනත් නෞකාවක් මගින් ඒ බව නාවික හමුදා මූලස්ථානය වෙත දැනුම් දී තිබේ. ඒ අනුව 21වන දින නාවික හමුදා මූලස්ථානය මගින් මුහුදේ මුර සංචාරක කටයුතු සඳහා ගොස් සිටි නන්දිමිත්‍ර නෞකාවට පණිවුඩයක් ලබාදෙමින් ශ්‍රී ලංකා මුහුදු තීරයේ සිට නාවික සැතපුම් 780ක් දුරින් බහුදින යාත්‍රාවක් අනතුරට පත්ව ඇති බව දන්වා තිබේ.
නන්දිමිත්‍ර නෞකාව එම ස්ථානයට ගොස් අනතුරට පත්වු යාත්‍රාෙව් සිටි පිරිස බේරගෙන නැවට නංවාගෙන ඇති අතර එහිදි ඔවුන් පවසා ඇත්තේ දින කිහිපයකින් ආහාර පාන නොලැබුණ බවය. පසුව නාවික හමුදා නිලධාරීන් ඔවුන්ට ප්‍රථමාධාර සහ ආහාර පාන ලබාදි 25වනදින ගාල්ල දකුෂිණ නාවික කඳවුරවෙත ගෙනැවිත් වැඩිදුර පරීක්ෂණ සඳහා වරාය පොලිසියට බාරදි ඇත.
නාවික හමුදා නිලධාරීන් පොලිසියට පවසා ඇත්තේ අබලන්ව තිබූ යාත්‍රාව මුහුදේ රළු බව හේතුවෙන් ගොඩට ගෙන ඒමට නොහැකිවීම නිසා ගිලිගිය අතර යාත්‍රාවේ සන්නිවේදන උපකරණ පමණක් රැගෙන පැමිණි බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අල්ලා ගත් කට්ටියටත් පුළුවන් මොවුන්ට විරුද්ධව නඩු කියන්න. රටේ ජීවත් වෙන්න බැරිනිසානේ යන්නේ? මොනවද තියෙන සහන..? සහන වෙනුවට මරණ බය... ලෙඩකට බෙහෙත් නැහැ කන්න. කෑමක් නැහැ, සේරම වස විස වැඩක්. කරගන්න විදියක් නැහැ. හැමදාම නිවාඩු... මෙහෙම ජීවත් වෙනවට වැඩිය හොඳයි මුහුදේ ගිලිලා හරි මැරෙන එක සැපයි.. මොවුන් ළඟ මත්ද්‍රව්‍ය අවිආයුධ නැතිනම් නිදහස් කර අරින්න. පුදුම ආදරයක් ජනතාවට තියෙන්නේ...
අද බොහෝ දෙනා ලංකාවෙන් පැන යාමට තැත් කරන්නේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දීම, ජිවත් වීමට ප්‍රමාණවත් වැටුපක් සහිත රැකියාවක් සොයා ගැනීම, බැංකු ණයක් ගෙන වාසය කිරීමට නිවසක් තනා ගැනීම වැනි සාමාන්‍ය මානුෂික අවශ්‍යතා සපුරා කර ගැනීමට ඇති අපහසුතාවය නිසයි. එබැවින්, මා සිතන්නේ අද කල යුත්තේ රටින් පිටවන්නට තැත් කරන්නට උදව් කරනවා විනා, සිර ගත කිරීම නොවේ.